Watch Trailer

Blood On Her Name (2019) Sinhala Subtitles | ලෙයට ලෙය. [සිංහල උපසිරසි]

අපේ අතින් වෙන වැරදි වලට අපේ දෙමව්පියෝ කොච්චර බැනුම් අහනවද නේ? ඒ හැම දේම එයාල දරාගෙන ජීවත් වෙන විදියත් පුදුමයි නේද? ළමයි වෙනුවෙන් ජිවිතේ උනත් දෙන්න එයාල කොයි වෙලාවෙවත් පසුබට වෙන්නෙ නෑ. එයාලගෙ සෙනෙහසට සම කරන්න මේ ලෝකෙ වෙන කිසිම දෙයක් නෑ. මං මේ දේවල් කියන්නෙ මං මේ අද ගෙනාපු උපසිරැසිය සම්බන්ද කතාවට මේ…

අපේ අතින් වෙන වැරදි වලට අපේ දෙමව්පියෝ කොච්චර බැනුම් අහනවද නේ? ඒ හැම දේම එයාල දරාගෙන ජීවත් වෙන විදියත් පුදුමයි නේද? ළමයි වෙනුවෙන් ජිවිතේ උනත් දෙන්න එයාල කොයි වෙලාවෙවත් පසුබට වෙන්නෙ නෑ. එයාලගෙ සෙනෙහසට සම කරන්න මේ ලෝකෙ වෙන කිසිම දෙයක් නෑ. මං මේ දේවල් කියන්නෙ මං මේ අද ගෙනාපු උපසිරැසිය සම්බන්ද කතාවට මේ කිව්ව දේවල් පොඩ්ඩක් අදාළ වෙන නිසා.

හරි කතාව පැත්තට හැරෙමු. ලී කියන්නෙ වාහන ගරාජ් එකක් කරගෙන යන කෙනෙක්. එයාගෙ මහත්තයා කාර් හොරකමකට අහු වෙලා හිරේ ගිහින් ඉන්නෙ. ඉතින් මෙයා එයාගෙ පුතාව බලාගන්න තනියම මේ ගරාජ් එක කරගෙන යනවා. පුතාටත් ස්කෝලෙ පොඩි ප්‍රශ්නයක් වෙලා පුනුරුත්තාපන නිලදාරීන්ගේ අධීක්ෂණය යටතෙ තමයි ඉන්නෙ. කරපු පව් පස්සෙන් එලවනවා කියනවනේ. හිතපු නැති විදියට තාත්ත එක්ක කාර් හොරකම් කරපු කෙනෙක් දවසක් ලීව හොයාගෙන ගරාජ් එකට එනවා. එතනින් එහාට මොකද වෙන්නෙ කියල කතාව බලලම දැනගමු. Action අනන් මනං නම් වැඩිය නෑ හැබැයි කුතුහලය ත්‍රාසය (Thriller) නම් ඕන තරම් තියනව කියල වගකීමෙන් කියනවා. Thriller ෆිල්ම්ස් බලන අය නම් මගහැර ගන්නෙ නැතුව බලන්නම ඕන ෆිල්ම් එකක්.

2019 ජූලි 17 නිකුත් කරපු මේ ෆිලුමේ රේටින්ස් ගැන කිව්වොත් IMDb අගය 5.6/10ක් වගේම තක්කාලි මට්ටම 96%ක් තියාගන්නත් මේ ෆිලුම සමත් වෙනවා. රංගනයෙන් Bethany Anne Lind, Will Patton, Elisabeth Rohm, Jared Ivers, Jimmy Gonzales යන අය දායක වෙනවා. Crime, Drama, Thriller කැටගරියට වැටෙන ෆිලුම අධ්‍යක්ෂණය කරන්නේ Matthew Pope නම් අධ්‍යක්ෂවරයා විසින්. ලොකු ලොකු අනන් මනං සීන් නැති උනාට පොඩ්ඩක් තනි පංගලමේ ෆිලුම බලන එක හොඳයි කෝකටත්. එහෙනම් ඒ ඇති නේ. මේක කරන්න ඉඩ දුන්න චාමර සහෝටත් ස්තූති කරන ගමන් දැනට සමුගන්නවා එහෙනම්. තව ෆිලුමකින් සෙට් වෙමු. කොමන්ටුවකුත් හලාගෙන යන්නෝ. ජයවේවා!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

3,024 downloadsDownload Blood-On-Her-Name-2019.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-15
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සුජිත් ප්‍රියංකර

Subtitles

3,024 downloadsDownload Subtitles28 KB

21 comments

  1. Anonymous

    thanks

  2. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  3. Anonymous

    thriller nm ithin moka wunath blnow
    thank you

  4. Nobody

    ෆිලුම නම් බලන්න වෙන්නෙ නෑ කමෙන්ට් එකක් දාගෙන යනව හැබැයි

  5. Kushan

    Sub akta thanks

  6. indika 75

    thanks..

  7. Anonymous

    Niyamai

  8. Isuru Ishara

    Thank you very much

  9. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  10. Daminda Gamage

    thanks bro

  11. Anonymous

    Thnkz bro

  12. Naveen

    උපසිරසියට තුති

  13. Chanaka

    බොහොම ස්තුතියි

  14. Buddhika Lakmal

    පරණ මගඇරිච්ච ෆිල්ම් බලන්න පුලුවන් වෙන්නේ උඹල වගේ උන් මේවට සබ් දෙන හින්ද තමා මචං... එළ ..
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  15. Anonymous

    Elazzzz

  16. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  17. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Nishan

    Thanx bro

  20. Dewadithya

    Thanks for Sub!

  21. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!