Court – State Vs. A Nobody (2025) Sinhala Subtitles ආයුබෝවන්. දිගටම මලයාලම් සහ හින්දි කිහිපයක් කල නිසා පොඩි වෙනසක් කලා. සාමාන්‍යයෙන් මම තෙලිඟු ලෝළියෙක් නෙමෙයි. ඒත් හොඳ තෙළිඟුවක් ආවොත් අත අරින්නෙත් නෑ, ලබුනොත් උප සිරැසියත් කරල තමයි නවතින්නෙ. ඉතිං මේ චිත්‍රපටයත් ඉතා විශිෂ්ඨ තෙළිඟු චිත්‍රපටයක් කිව්වොත…
Court – State Vs. A Nobody (2025) Sinhala Subtitles
ආයුබෝවන්. දිගටම මලයාලම් සහ හින්දි කිහිපයක් කල නිසා පොඩි වෙනසක් කලා. සාමාන්‍යයෙන් මම තෙලිඟු ලෝළියෙක් නෙමෙයි. ඒත් හොඳ තෙළිඟුවක් ආවොත් අත අරින්නෙත් නෑ, ලබුනොත් උප සිරැසියත් කරල තමයි නවතින්නෙ. ඉතිං මේ චිත්‍රපටයත් ඉතා විශිෂ්ඨ තෙළිඟු චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි. ඉහළ රේටිං එකක් එක්ක කෝටි 67ක පමණ ආදායමක් ලබා ගත් වාණිජ අතිනුත් ඉතා සාර්ථක චිත්‍රපටයක්. මේ චිත්‍රපටයෙ සාර්ථකත්වය තුලින්ම තෙළිඟු චිත්‍රපට රසිකයින්ගේ ඉහළ රසිකත්වය ගැන හිතා ගන්න පුළුවන්. මේකත් දකුණු ඉන්දියානු චිත්‍රපට අතර නීතිය හා අධිකරණය පාදක කර ගත් එහෙමත් නැත්තම් නඩුවක් සම්බන්ධව පසු ගිය කාලයේ බිහි වූ විශිෂ්ඨ චිත්‍රපට ගොන්නට එකතු වෙනවා.
POCSO පනත ( Protection of Children from Sexual Offences Act ) හෙවත් ලිංගික අපරාධවලින් දරුවන් ආරක්ෂා කිරීමේ පනත යනු ඉන්දියානු පාර්ලිමේන්තුව 2012 වර්ෂයේදී සම්මත කල පනතක්. ඉන්දියාව යනු විවිධ විවිධ ජාතිකයින්, ආගමිකයින් සහ ඔවුන්ගේ විවිධ චාරිත්‍ර වාරිත්‍ර රැසකින් සමන් විත රාජ්‍යයක්. ඉතා ලා බාල වයසෙන් සිදු වන විවාහ මෙන්ම ලිංගික හිරි හැර වලට භාජනය වන දරුවන් ප්‍රමාණය එහි ඉතා විශාලයි. ඉතිං මේ පනතේ අරමුණ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. POCSO නඩුවක් වැටුන කියන්නෙ ආයෙ ලේසියෙන් ගොඩ එන්නත් බෑ.ඒ තරම්ම දැඩි පනතක්. එහෙම නැතුවත් බෑනෙ? මේ චිත්‍රපටයට පාදක වෙන්නෙ POCSO නඩුවක්. මේ පනත ක්‍රියාත්මක උන මුල් කාලෙ තමයි මේ නඩුව ගොණු කරන්නෙ. හැබැයි මෙතනදි වෙන්නෙ බලවත් පාර්ශවයක් අහිංසක දුප්පත් තරුණයකුට එරෙහිව මේ පනත අවභාවිතා කරනවා. දූෂිත පොලිසිය නීති අංශ පවා ක්‍රියාත්මක වෙන්නෙ ඒ අහිංසකයාට එරෙහිව.
කොහොම උනත් මේ කතාවෙ අනිත් ප්‍රධාන චරිතය තම ක්ෂේත්‍රය තුලට සාර්ථකව පය ගහන්න උත්සාහ ගන්නා තරුණ නීතිඥයෙක් පිළිබඳවයි. නඩුවේ තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියන කොට හදිස්සියේ එක්වන ඔහු මුහුණ දෙන අභියෝග ජය ගැනීමට දරණ උත්සාහය මත තමයි කතාව ගලා ගෙන යන්නේ.
රාම් ජග්දීෂ් ගේ කුළුඳුල් අධ්‍යක්ෂණයක් වන මෙය නිශ්පාදනය පසු පස ඉන්නෙ ජනප්‍රිය තෙළිඟු තරුවක් වන නානි, ප්‍රියදර්ශි පුලිකොන්ඩා, හාෂ් රොශාන්, ශ්‍රීදේවි සහ ශිවාජි ප්‍රධාන චරිත වල රඟපානවා. එහෙනම් මේ නිවාඩු සමයේ නරඹන්න ලෑස්ති වෙන්න.
තව ලස්සන උපසිරැසියකින් සමග හමු වෙමු
Court – State Vs. A Nobody (2025) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ-HDrip පිටපත් සඳහා පමණක් වලංගු වේ.
3,226 downloadsDownload Court-State-vs-A-Nobody-2025.zip72 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Court – State Vs. A Nobody (2025) Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
2 comments
Buddhika laKMal
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
එකෙන්ම බලන්නම ඕනෙ මුවි එකක් මේක...
ස්තූථියි බන්දුල සහෝ සිංහල සබ්එකට