Watch Trailer

Days of Thunder (1990) Sinhala Subtitles | කෝල් ට්‍රිකල්ගේ ඩේටෝනා සිහිනය… [සිංහල උපසිරසි]

Days of Thunder (1990) Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න අද මම අරන් ආවේ 1990 වසරේ තිරගත වුන Action | Drama | Sport කාණ්ඩ වලට අයත් ටොම් කෲස් ගේ චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ අපි ගොඩක් ආස කරන Man on Fire (2004), Top Gun (1986), Unstoppable (2010), The Grey (2011) වැනි චිත්‍රපට අධ්‍යක්…

Days of Thunder (1990) Sinhala Subtitles

හලෝ යාළුවනේ! ඔන්න අද මම අරන් ආවේ 1990 වසරේ තිරගත වුන Action | Drama | Sport කාණ්ඩ වලට අයත් ටොම් කෲස් ගේ චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ අපි ගොඩක් ආස කරන Man on Fire (2004), Top Gun (1986), Unstoppable (2010), The Grey (2011) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කල Tony Scott විසින්. එතකොට මේකේ තිර රචනය සිද්ධ වෙන්නේ Mission: Impossible (1996), Mission: Impossible 2 (2000) වැනි චිත්‍රපට වලට දායක වුණු Robert Towne අතින්. 

 

මේක NASCAR ලෝකයේ සැබෑ සිදුවීම්, චරිත සහ කටකතා රාශියක් එක් කරලා හදපු නිර්මාණයක්. ටොම් කෲස් පන පොවන කෝල් ට්‍රිකල්ගේ චරිතය ප්‍රධාන වශයෙන් නිර්මාණය වී තියෙන්නේ Tim Richmond නම් සැබෑ රේස් පදවන්නාගේ ආභාසයෙන්. එයා Open-wheel රේස් පදවන්නෙකු විදිහට ඉඳලා NASCAR වෙත ආපු කෙනෙක්. එයාගේ දක්ෂතාවයයි ආක්‍රමණශීලී පැදවීමේ රටාවයි ටොම් හරහා අපිට චිත්‍රපටයෙන් බලා ගන්න පුළුවන්.

ඒ වගේම චිත්‍රපටයේ කෝල් සහ රවුඩි දෙන්නම රෝහල් ගත වන මාරාන්තික අනතුර, 1990 දී Bobby Allison සහ Neil Bonnett මුහුණ දුන් සැබෑ අනතුරකට සමානකම් දක්වනවා.

කෝල් සහ රවුඩි කාර් වලින් මහා පාරේ තරඟ කරන දර්ශනය, සැබෑ රේස් පදවන්නන් වන Dale Earnhardt සහ Neil Bonnett අතර සිදු වූ සිදුවීමකින් උපුටා ගතපු එකක්.

කණ්ඩායම් හිමිකරු තම රේස් පදවන්නන් දෙදෙනාට සමාදානයෙන් රාත්‍රී ආහාරය ගැනීමට බල කරන දර්ශනය ද සැබෑ සිදුවීමක් ඇසුරින් නිර්මාණය වූවක්.

රොබට් ඩුවල් පන දෙන හැරි හෝග් චරිතය නිර්මාණය කරලා තියෙන්නේ ප්‍රවීණ NASCAR කාර්මික ශිල්පියෙකු වූ Harry Hyde ඇසුරින්.

රවුඩි බාන්ස්ගේ චරිතය නිර්මාණය වෙලා තියෙන්නේ NASCAR පුරාවෘත්තයක් වන Dale Earnhardt ගේ චරිත ලක්ෂණ පදනම් කරගෙනයි. 

විචාරක ප්‍රතිචාර,

  • IMDb අගය: 6.1/10
  • Rotten Tomatoes: 38%

සිනමාපටයේ තොරතුරු,

  • ප්‍රධාන නළු නිළියන් : 

  1. Tom Cruise (කෝල් ට්‍රිකල්)
  2. Nicole Kidman (දොස්තර ලුවිකි)
  3. Michael Rooker (රවුඩි බාර්න්ස්)
  4. Randy Quaid (ටිම්)
  5. Robert Duvall (හැරි හොග්)
  6. Cary Elwes (රස් වීලර්)
  • ධාවන කාලය : පැය 1 මිනිත්තු 47
  • වියදම : $60 Million
  • මුළු ආදායම : $157.9 Million

​කතාව ගැන පොඩ්ඩක්:

​”වේගය” කියන්නේ සමහරුන්ට පිස්සුවක්. කෝල් ට්‍රිකල් කියන්නෙත් අන්න ඒ වගේ වේගයටම පෙම් බඳින, කිසිම දේකට බය නැති දඩබ්බර තරුණයෙක්. එයාට ඕන වුණේ සාමාන්‍ය රේස් පථවලින් එහාට ගිහින් NASCAR ලෝකයේ රජ්ජුරුවෝ වෙන්න. හැබැයි රේස් එකක් දිනන්න නම් වේගය විතරක් මදි කියලා කෝල් තේරුම් ගන්නේ හිතාගන්න බැරි විදිහේ අත්දැකීම්වලට මූණ දුන්නට පස්සෙයි.

​කෝල්ගේ මේ හීනයට පණ දෙන්න එයාට හම්බවෙන්නේ හැරී කියන හරිම පළපුරුදු කාර්මික ශිල්පියෙක්ව. හැරීගේ මගපෙන්වීම යටතේ කෝල් තමන්ගේ ඉලක්කයට හෙමින් හෙමින් ලං වෙනවා. හැබැයි ඉතිං කිසිම ජයග්‍රහණයක් ලේසියෙන් ලැබෙන්නේ නැහැනේ. මේ යන ගමන පුරාවටම කෝල්ට නොයෙකුත් බාධා ඇති වෙනවා. ඉතිං ඒ දේවල් මොනවද කියලා චිත්‍රපටය බලලම දැන ගන්න.  

නරඹන්නන්ගේ අවධානයට,

මෙම සිනමාපටය PG-13 ගණයට අයත් වන නිසා, වයස අවුරුදු 13ට අඩු දරුවන් නරඹනවා නම්, වැඩිහිටි අවධානය යටතේ නැරඹීම වඩාත් සුදුසුයි. ලොකු සීන් නෑ. ඒත් ඉතිං… පොඩි සීන් තියෙනවා. 

​එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා! 

Days of Thunder (1990) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any download links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

239 downloadsDownload Days-of-Thunder-1990.zip52 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Days of Thunder  Sinhala Subtitles

Subtitles by

නිශාන් සමීර

Subtitles

239 downloadsDownload Subtitles52 KB

2 comments

  1. dil nadee

    ඔය තියෙන්නෙ. සුපිරි!

    1. නිශාන් සමීර

      ❤️❤️❤️