Watch Trailer

Death Warrant (1990) Sinhala Subtitles | සිරගෙදරක සැඟවුණු මරණවල අභිරහස සොයා… [සිංහල උපසිරසි]

Death Warrant (1990) Sinhala Subtitles හලෝ යාලුවනේ! ඔන්න අද මම අරන් ආවේ 1990 වසරේ දි නිකුත් වුණ ජීන්-ක්ලෝඩ් වෑන් ඩෑම් ගේ තවත් එක සුපිරි චිත්‍රපටයක්. මේකේ විශේෂත්වය තමයි පස්සේ කාලෙක “The Dark Knight,” “Blade” වගේ සුපිරි ෆිල්ම්ස් ලියන්න දායක වුණු David S. Goyer තමයි, මේ චිත්‍රපටයේ ස්ක්‍රිප්ට් එක ලියල…

Death Warrant (1990) Sinhala Subtitles

හලෝ යාලුවනේ! ඔන්න අද මම අරන් ආවේ 1990 වසරේ දි නිකුත් වුණ ජීන්-ක්ලෝඩ් වෑන් ඩෑම් ගේ තවත් එක සුපිරි චිත්‍රපටයක්. මේකේ විශේෂත්වය තමයි පස්සේ කාලෙක “The Dark Knight,” “Blade” වගේ සුපිරි ෆිල්ම්ස් ලියන්න දායක වුණු David S. Goyer තමයි, මේ චිත්‍රපටයේ ස්ක්‍රිප්ට් එක ලියලා තියෙන්නේ. එයා මේක ලියලා තියෙන්නේ දකුණු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකුව සිටියදී. ඒ වගේම එයාගේ පළමු වාණිජ තිර පිටපත් මේක.

විචාරක ප්‍රතිචාර,

  • IMDb අගය: 5.7/10 

සිනමාපටයේ තොරතුරු,

  • අධ්‍යක්ෂණය : Deran Sarafian
  • ප්‍රධාන නළු නිළියන් : 

  1. Jean-Claude Van Damme (Detective Louis Burke)
  2. Cynthia Gibb (Amanda Beckett)
  3. Robert Guillaume (Hawkins)
  4. Patrick Kilpatrick (Christian “The Sandman” Naylor)
  • වර්ගය : Action | Crime | Mystery  
  • ධාවන කාලය : පැය 1 මිනිත්තු 29
  • වියදම : $6 Million
  • මුළු ආදායම : $46.7 Million

​කතාව ගැන පොඩ්ඩක්:

ෆිල්ම් එකේ වැන් ඩෑම් රඟපාන්නේ ලුවී බර්ක් කියන රහස් පොලිස් පරීක්ෂකයාගේ චරිතය. කැලිෆෝනියාවේ හිරගෙදරක අභිරහස් විදිහට සිද්ධ වෙන මිනීමැරුම් ටිකක් ගැන හොයන්න මෙයාට සිද්ධ වෙනවා රහසිගතව හිරකරුවෙක් විදිහට ඒ හිරගෙදරටම යන්න.

ඉතිං බර්ක් හිරගෙදර ඇතුලේ හැමදේම ගානට කරගෙන යන අතරේ මේ වැඩේ ගැස්සෙන්නේ මෙයා කලින් අල්ලලා දීපු, සෑන්ඩ්මෑන් කියලා හඳුන්වන දරුණු මිනීමරුවාත් ඒ හිරගෙදරටම ආවට පස්සේ. 

සෑන්ඩ්මෑන් බර්ක්ව දැකපු ගමන් එයාගේ අනන්‍යතාවය හෙලි කරනවා. හිරකරුවෝ දහස් ගනනක් ඉන්න තැනක බර්ක් කියන්නේ පොලිස් නිලධාරියෙක් කිව්වම, බර්ක්ට මොන වගේ ඉරණමක් අත් වෙයිද? ඒ වගේම මේ හිරකරුවන්ගේ මරණ පිටි පස්සේ තියෙන ඇත්තම හේතුව මොකක් වෙයිද? බලලම දැනගන්න. 

නරඹන්නන්ගේ අවධානයට,

​මෙම සිනමාපටය R-Rated ගණයට අයත් වන නිසා, මේකේ පහත දේවල් ඇතුළත් වෙනවා,

  • දරුණු ප්‍රචණ්ඩත්වය
  • අසභ්‍ය වචන
  • අඩ නිරුවත් දර්ශන 

(මෙය කුඩා දරුවන් සමඟ නැරඹීමට නිර්දේශ නොකරන අතර, වයස අවුරුදු 18න් ඉහළ පුද්ගලයන් සඳහා වඩාත් සුදුසු වේ.)

​එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා! 

Death Warrant (1990) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any download links.

ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා පමණක් අදාළ වේ.

318 downloadsDownload Death-Warrant-1990.zip33 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Death Warrant Sinhala Subtitles

Subtitles by

නිශාන් සමීර

Subtitles

318 downloadsDownload Subtitles33 KB

3 comments

  1. Buddhika laKMal

    ස්තූතියි සහෝ සබ් එකට

  2. dil nadee

    සහෝ, පරණ ෆිල්ම් වලට සබ් දෙන එක හොඳයි. ඒත් සිංහල සබ් නැති ෆිල්ම් ලක්ෂ ගාණක් තියෙද්දි, සබ් තියෙන ෆිල්ම් වලට සබ් දෙන්නෙ ඇයි. සබ් නැති ෆිල්ම් වලට දෙන්නකෝ.

  3. නිශාන් සමීර

    හරි සහෝ... බයිස්කෝප් එකෙන් දීලා නැති නිසා දුන්නේ ඉතිං... සබ් නැතිම ඒවටත් සබ් දෙන්නම්කෝ ඉස්සරහට...