උපසිරසියකුත් කරන්න ලොකු ආසාවක් තිබ්බ. කොහොමහරි වෙලාවක් නැති නිසා වැඩේ පහු උනා. පොඩි නිවාඩුවක් ලැබිච්ච එකේ වැඩේට අතගැහුව. අම්මො පටන් ගත්තමයි තේරුනෙ වැඩේ තියන අමාරුව. කොහොමහරි තෝරගත්තෙ ටිකක් පරණ ෆිල්ම් එකක්. ඒ කාලෙ ආසාවෙන් බලපු ෆිලුමක්. නෙට් එකේ මේකට කොපි දෙක තුනක් තිබ්බත් ඒ ඔක්කොම එක්කො හින්දි ඩබ් ක…

Don (2007)

උපසිරසියකුත් කරන්න ලොකු ආසාවක් තිබ්බ. කොහොමහරි වෙලාවක් නැති නිසා වැඩේ පහු උනා. පොඩි නිවාඩුවක් ලැබිච්ච එකේ වැඩේට අතගැහුව. අම්මො පටන් ගත්තමයි තේරුනෙ වැඩේ තියන අමාරුව. කොහොමහරි තෝරගත්තෙ ටිකක් පරණ ෆිල්ම් එකක්.  ඒ කාලෙ ආසාවෙන් බලපු ෆිලුමක්. නෙට් එකේ මේකට කොපි දෙක තුනක් තිබ්බත් ඒ ඔක්කොම එක්කො හින්දි ඩබ් කරපුව, නැත්තම් ටැමිල් ඩබ් කරපුව. ඒව හරියන්නෙ නෑනෙ. ඉතිං ඔරිජිනල් ඕඩියෝ තියන කොපියක් හෙව්ව යන්තම් එකක් තිබ්බෙ youtube එකේ විතරයි. අවුලක් නෑ රිප් එක සුපිරි. කොලිටියටම තියනව. හෙන ගේමක් දීල youtube කොපියට සබ් එකත් සින්ක් කර ගත්ත. ෆිල්ම් එක 2007 ආපු Action, Crime, Drama ගණයට අයිතිවෙන  iMDb අගය 5.3/10 ක් ලැබිල තියන ෆිල්ම් එකක්. මුල ඉදන් ඉවර වෙනකම්ම කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් එකක්.

කතාව පැත්තට හැරුනොත් මේ කතාවෙ ප්‍රධාන චරිතය වෙනනෙ සූරි. (නගර්ජුනා) සූරිගෙ පියා අවංක පොලිස් නිලධාරියෙක්. දවසක් සූරිගෙ තාත්ත මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් අත්තඩංගුවට ගන්නවා. හැබැයි මේ ජාවාරම්කාරය හිරෙන් නිදහස්වෙලා ඇවිල්ල තමන් අත්තංගුවට ගත්ත එකේ පලිය ගන්න සූරිගෙ අම්මයි තාත්තයි ඝාතනය කරනව. ඒත් කොහොමහරි සූරි මේකෙන් බේරෙනව.  අනාථයෙක් වගේ පාරට වැටෙන සූරිට තවත් ඒ වගේ ම අසරණ වෙච්ච ළමයි ටිකක් හම්බවෙනව. එතනින් කෙනෙක් තමයි රාගව (ලෝරන්ස් රාගවේන්ද්‍ර ) පස්සෙ සූරිගෙ මල්ලි වෙන්නෙ. කාලයක් යනකොට සූරියි මේ අනිත් ළමයි ටිකයි එකතුවෙලා සමාජයේ අසාධාරණකම්වලට විරුද්ධව වැඩ කරන්න ගන්නව. පස්සෙ තමන්ගෙ අම්මයි තාත්තයි මරල දාපු යාදව්ව සූරි ප්‍රසිද්ධියෙ මරල දානව. ඒ වෙනකොට යාදව්ට බයවෙලා හිටපු මිනිස්සු සූරිව තමන්ගෙ නායකය කරගන්නව. මිනිස්සු අතරෙ සූරි හොද නමක් හදා ගන්නව. මිනිස්සුන්ට ගොඩක් හොද දේවල් කරන්න ගන්නව. මිනිස්සු අතරෙ සූරිට තිබ්බ බලය දැකල පොලිස්සිය පවා සූරිට බය වෙනව. කොටින්ම කිව්වොත් පොලිස්සියටත් වඩා බලයක් සූරිට තියනව. ඒ ෆිල්ම් එක බලද්දි තේර්යි.

දැන් තමා කතාවට එනටර් වෙන්නෙ. ඔහොම ඉන්නකොට ඉන්දියාවෙ හිටපු ලොකු ජාවරම් කාරයෙක් වෙන ස්ටීෆන් එයාගෙ ව්‍යාපාර ආන්ද්‍රා ප්‍රදේශ්වල ඒ කියන්නෙ සූරිගෙ බල ප්‍රදේශ්යෙත් ව්‍යාප්ත කරන්න උත්සහ කරනව. හැබැයි සූරි මේකට ඉඩදෙන්නෙ නෑ. තමන්ගෙ වැඩවලට සූරිව බාධාවක් කියල දැන ගත්ත ස්ටීෆන් සූරිව මරන්න විවිධ උපක්‍රම යොදනව. මේ හැම උත්සහයක්ම අසාර්ථක වෙනව. අවසානයෙදි සූරිගෙ මල්ලි වෙන රාගවවයි, පෙම්වතිය වෙන ප්‍රියාවයි පැහැරගන්නව. සූරිට තමන්ගෙ මල්ලියි පෙම්වතියයි බේරගන්න පුළුවන් වෙයිද?, ස්ටීෆන්ගෙන් තමන්ගෙ ප්‍රදේශය බේරගන්න පුළුවන් වෙයිද?  මේවට උත්තර හොයා ගන්න නම් ඉතිං ෆිල්ම් එක බලන්නම වෙනව.

මගේ පළවෙනි උපසිරසියනෙ. ඉතිං වැරදි අඩුපාඩු ගොඩක් ඇති. හොදනම් නොකීවත් කමක් නෑ ඕං අඩුපාඩු තියන ඒව කියපල්ල. වැරදි අඩුපාඩු දැන ගත්තමනෙ ඊළගට වැඩක් මීට වඩා හොදට කරන්න පුළුවන්. එහෙනම් මම කැපුන ඕං…

වැදගත්:  උපසිරසියට අදාල පිටපත youtube එකේ මේ නමින් සර්ච් කරල බාගන්න පුලුවන්.

” Don | Telugu Full Movie | Akkineni Nagarjuna, Anushka Shetty “

Don (2007) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත සඳහන් පිටපත සඳහා අදාළ වේ.

795 downloadsDownload Don.2007.Thelugu.Baiscopelk.com_.zip46 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයිකි වයිරස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

මයිකි වයිරස්

Subtitles

795 downloadsDownload Subtitles46 KB

22 comments

  1. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks MIKY saho.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
    idiriyata aluth telugu film walatath sub denn...

  2. thilan

    Good Luck Bro එලම

  3. Kasun Lakshan

    appata siri... me ape mayikiyane.. hamme ela ela bn.. uba dan subuth denawa eehennam.... wish all the best
    digatama deepan... goood luck

  4. Kasun Widusha

    Ela maykiyooo

  5. G.Umesh

    Mykiyoo...Ehenm wdet ba

  6. G.Umesh

    Mayikiyoo..Ehenm eedet bassenee...Niymy BN..Sab sus supurii..Mek methinks nawaththnhan EPAA...Link dene wgen sub dennth patangamuda GMO..Sathiyk ekk wagee...Ehenm deweni want blninnwa... jywea...!!!

  7. Devaka Sadaruwan

    සබ් වලටම වයිරස් එකක් වෙලා සබ් නොකර ඉනන් බැරි වෙන ලෙඩේ හැදෙන්න කියලා පතනව්

    ජය හා සතුට

  8. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......
    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  9. Asanka Gayan RZ

    elama

  10. NAwod Wimarshana

    Supiri bro

  11. anura eallawala

    wijege move eake hoda copyak tiyanawane, eakata sub denndako- tanks.

    1. මයිකි වයිරස්

      Vijege mona film ekatada

    2. Dilanki

      bairavaa ekata sub dennako

    3. මයිකි වයිරස්

      TThama cam copy thiyenne oke

  12. Pushpakantha Sadaruwan

    ela bro patta

  13. Asanka Gayan RZ

    Mummies Alive! IMBD 7.1 tiyana animation series ekak.
    issara sirasa tv eke giya oka. oke sub denna puluvan nam patta. hoda series ekak.

  14. silent$

    Patttaaaaaaaaaaaaaaaaaa

  15. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Pasindu

    Sub ekata thanks. Puluwannam "Needhi Singh" movie ekatath sub denna

  17. Chanudith tharuka

    24 suriyage film eke sub waradi machoo ekata hariyana ekak hadala denna puluwabnam shook.obata ජය

  18. aluth.lk

    niyamai mekatath sub denna!
    shenbaga kottai (2016)
    Murugavel (2016)
    illami (2016)
    hello naan pei pesuren (2016)
    Balle Vellaiyathevaa (2016)
    Hyper (2016)
    meh tamil film wala story,comedy,rating hama ekama hodata tiyanawa puluwannam denna?

  19. arawindasunimal

    THANKS SUB EKATA JAYAWEWA