Escape (2024) Sinhala Subtitles අද මන් අරගෙන ආවේ මේ අවුරුද්දේ බොක්ස් ඔෆිස් වාර්තා තියපු තවත් සුපිරි කොරියන් ෆිලුමක්. නම තමා Escape. මේ අවුරුද්දේ එනකම් බලන් ඉදපු මූවිස් අතරින් එකක් තමා මේක. මේ අවුරුද්දේ ජූලි 3 වෙනිදා තිරගත වීම ඇරඹුනු Escape ඩොලර් මිලියන 18.1ක සාර්ථක ආදායමක් උපයන්න සමත් වෙනවා. ඒ අනුව…
Escape (2024) Sinhala Subtitles
අද මන් අරගෙන ආවේ මේ අවුරුද්දේ බොක්ස් ඔෆිස් වාර්තා තියපු තවත් සුපිරි කොරියන් ෆිලුමක්. නම තමා Escape. මේ අවුරුද්දේ එනකම් බලන් ඉදපු මූවිස් අතරින් එකක් තමා මේක. මේ අවුරුද්දේ ජූලි 3 වෙනිදා තිරගත වීම ඇරඹුනු Escape ඩොලර් මිලියන 18.1ක සාර්ථක ආදායමක් උපයන්න සමත් වෙනවා. ඒ අනුව 2024 කොරියානු බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ හතරවෙනි ස්ථානය දිනාගන්න Escape සමත් වෙනවා. පැයයි මිනිත්තු තිස් හයක් පුරාවට ගලාගෙන යන මේ ෆිලුම Action, Military, Thriller යන ගනයන්ට අයිති වෙනවා. Escape මූවි එකේ අධ්‍යක්ෂණයෙන් Lee Jong Pil සහ තිර රචනයෙන් Kwon Sung Hui එකතු වෙනවා. කාස්ට් එක පැත්තට ගියොත් Lee Je Hoon, Koo Kyo Hwan, Hong Xa Bin වගේ සුපිරි නළුවෝ තුන්දෙනෙක් තමා ප්‍රධාන චරිත විදියට රංගනයෙන් දායක වෙන්නේ. තව Song Kang, Esom, Lee Ho Jung, Seo Hyun Woo, Jang Young Nam වගේ ප්‍රසිද්ධ නළු නිළියෝ සෙට් එකක Cameo Roles කීපයක් බලාගන්නත් පුළුවන්.
《CAST – රංගන දායකත්වය》
• Lee Je Hoon – ලිම් ක්යු නම්
• Koo Kyo Hwan – රී හ්යොන් සන්ග්
• Hong Xa Bin – කිම් දොන්ග් හ්යොක්
《Summary – සාරාංශය》
“මරණයට නොව අර්ථ විරහිත ජීවිතයට බිය වනු”
ලිම් ක්යු නම් කියන්නේ උතුරු කොරියානු යුධ මුක්ත කලාප පොලීසියේ සාජන් කෙනෙක්. ක්යු නම් අවුරුදු දහයක හමුදා සේවය ඉවර වෙලා නිදහස් වෙන්න ඔන්න මෙන්න ඉන්නේ. ඒත් මෙයා ප්ලෑන් කරන්නේ වෙන දෙයක්. ඒ තමා නිදහස් වෙන්න කලින් කොහොමහරි දකුණට පැනලා යන එක. දකුණු කොරියාවට පැනලා යනවා කියන්නේ උතුරු කොරියාවේ මරණ දඩුවම ලැබෙන වරදක්. ඉතින් මේකට එයා ලොකු ප්ලෑන් එකක් ගහනවා. ක්යු නම්ගේ මේ සැලැස්ම ගැන එයාගෙම ඒකකේ ඉන්න කිම් දොන්ග් හ්යොක් දැනගන්නවා. දොන්ග් හ්යොක්ටත් ඕනෙ වෙනවා එයත් එක්ක දකුණට පැනලා යන්න. ඒත් ඇති වුන මත ගැටුමත් එක්ක දොන්ග් හ්යොක් තනියම පැනලා යන්න හදනවා. එහෙම පැනලා යන්න හදද්දි එයාව ක්යු නම් එක්ක අහුවෙනවා. පලා යාමක් වාර්තා වුන හින්දා මේ ගැන විමර්ශනය කරන්න රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශෙන් නිලධාරියෙක් එනවා. එයාගේ නම තමා රී හ්යොන් සන්ග්. ඉතින් රී හ්යොන් සන්ග් මොනවගේ තීරණයක් ගනීවිද? ක්යු නම්ටයි, දොන්ග් හ්යොක්ටයි මොකක් වෙයිද? ඒ දෙන්නට දකුණට පැනලා යන්න පුළුවන් වෙයිද? මේවට උත්තර දැනගන්න නම් අනිවාරෙන් ෆිලුම බලන්න. එහෙනම් අදට මන් ගියා. අමතක කරන්නැතුව කමෙන්ට් එකකුත් දාගෙන යන්න. No Way Out සීරීස් එකේ අන්තිම එපිසෝඩ් දෙකෙන් හම්බෙමු. හැමෝටම සුභ දවසක්!
Escape (2024) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
8,318 downloadsDownload Escape-2024.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නයන බුද්ධික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2023-01-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Escape (2024) Sinhala SubtitlesSubtitles by
නයන බුද්ධික
Subtitles
15 comments
Buddhika laKMal
Isuru
Supiri puluwannam Shakhahaari 2024 kannada film ekatath sub denna
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි නයන ....
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Ashan
Thank you sub ekata.
Kevin
Thanks brother
Kavindu Nethmina
Sub Ekata Thanks
syd
film eka ganne kohenda
Sanupa Ranmeth - Admin
අපේ ඩවුන්ලෝඩ් සයිට් එකෙන් ගන්න සහෝ!
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌kaz
film eka site https://baiscopedownloads.link/ eke na
Ishan Madusha
බොහොම ස්තූතියි.
Ruchira
Thanks for the sub!
Akila Dilhara
Thanks for Sub...❤
Malith samarawickrama
Thanks saho sub ekata
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Escape (2024) Sinhala Subtitles | පලා යාමේ ජීවිතයත් මරණයත් අතර සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/08/Escape-2024-3.jpg)
ස්තූතියි සහෝ සබට