Game Changer (2025) Sinhala Subtitle ඉතින් අද අරන් ආවේ මේ වසරේ නිකුත් අලුත්ම තෙලුගු ෆිල්ම් එකක්. මේකෙ ප්‍රදාන රංගනයෙන් දායක වෙන්නේ අපි කවුරුත් දන්න සුපිරි නළු රාම් චරන් විසින්. ඉතින් 2023 ප්‍රභාශ් සමග රාම් චරන් රගපාපු RRR චිත්‍රපටය වගේ මේකත් සුපිරි හිට් එකක් වෙයි කියල ප්‍රේරේක්ශකයො හිතුවත්, ඒ තරම්…

Game Changer (2025) Sinhala Subtitle

ඉතින් අද අරන් ආවේ මේ වසරේ නිකුත් අලුත්ම තෙලුගු ෆිල්ම් එකක්. මේකෙ ප්‍රදාන රංගනයෙන් දායක වෙන්නේ අපි කවුරුත් දන්න සුපිරි නළු රාම් චරන් විසින්. ඉතින් 2023 ප්‍රභාශ් සමග රාම් චරන් රගපාපු RRR චිත්‍රපටය වගේ මේකත් සුපිරි හිට් එකක් වෙයි කියල ප්‍රේරේක්ශකයො හිතුවත්, ඒ තරම් ප්‍රතිචාරනම් මේකට ලැබුනෙ නෑ. ඒත් මම දකින විදියටනම් රාම් චරන් මේකට ලොකු සාදාරනයක් කරල තියෙනවා. කියන්න තරම් වරදක් නෑ මේ ෆිල්ම් එකේ. මේක බලනකොට පරන ටැමිල් ෆිල්ම් එකේ වයිබ් එකත් දැනුන වගේ කියල කියන්න පුලුවන්. ඉතින් ඔයාලත් මේක බලල අදහස පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.

ඉතින් කිව්ව වගේ මේකෙ ප්‍රදාන චරිතය රගදක්වන්නේ රාම් චරන් විසින්. මේකෙ තිර රචනය සහ අද්‍යක්ෂණය කියන දෙකම කරන්නේ එස්. ශන්කර් විසින්. ඊට අමතරව අපි තෙලුගු ෆිල්ම් වල නිතරම වගේ දකින නළු නිළියන් ගොඩක් මේහි රංගනයෙන් දායක වෙනවා. ඒ අතර කියාරා අද්විනී (රාම් ගෙ ආදරණීය බිරිද විදියටත්), එස්.ජේ සූර්‍යා,( බොම්බිලි මෝපි දේවි) සුනිල්( සයිඩ් සත්‍යම්), සත්‍යා (රාම්ගෙ යාලුවා), ජයරාම් (මෝපි දේවිගේ අයියා), වෙන්නලා කිශෝර්. වගේ සුප්‍රකට රංගන ශිල්පීන් රැසක් මේහි රන්ගනයෙන් දායක වෙනවා.

කතාව පැත්තට ගියොත්, රාම් නන්දන් එයා ජීවත් වුන දිස්ත්‍රික්කයේම(වයිසැග්) වල දිසාපති විදියට අලුතෙන් වැඩ බාර ගන්න සීන් එකෙන් තමයි කතාව පටන් ගන්නේ. ඉතින් වයිසැග් වල දේශපාලනේ කරන මුවාවෙන් යම් නීතිවිරෝදී වැඩ කරන පිරිස් අල්ලලා ඔවුන්ගේ නීති විරෝදී වැඩ නවත්තලා දාන එක තමයි රාම් නන්දන්ගෙ ලොකුම බලාපොරොත්තුව. ඒත් ආන්ද්‍රා ප්‍රදේශයේ මහ ඇමතිගෙ බාල පුතාටනම් මේ වැඩ අල්ලන්නෙ නෑ. මේ නිසා රාම් නන්දන් එක්ක ලොකු ප්‍රශ්නයක් දාගන්නව. තමන්ගෙම තාත්තගෙ මහ ඇමති පුටුවෙ ඉදගන්න පොඩි කාලෙ ඉදන්ම හීන දැක්ක ගෝපි දේවි, අදික බල තන්හාව නිසා තමන්ගෙම තාත්ත මරල මහ ඇමති කම ගන්න හදන්නේ එතකොට රාම් නන්දන්ටත් හොද පාඩමක් උගන්නන්න පුළුවන් වෙයි කියලත් හිතල. මෙතන ඉදන් තමයි කතාවෙ හොදම හරිය පටන් ගන්නේ

ඉතින් ඊලගට මොකද වෙන්නේ?, හිතුව වගේ ගෝපි දේව්ට මහ ඇමති වෙන්න පුලුවන් වෙයි ද? ගෝපි දේව් මහ ඇමති උනොත් රාම් නන්දන්ට මොනව වෙයිද? මේ ඔක්කොටම උත්තර ෆිල්ම් එක බලලම තමයි දැනගන්න වෙන්නේ. එහෙනම් සුබ දවසක් හැමෝටම තවත් ෆිල්ම් එකකින් නැවත හමු වෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDRIP පිටපත් සඳහා ලබා දි ඇත.

9,832 downloadsDownload Game-Changer-2025.zip69 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර සංදීප” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

 

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-12-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Game Changer (2025) Sinhala Subtitle

Subtitles by

චතුර සංදීප

Subtitles

9,832 downloadsDownload Subtitles69 KB

7 comments

  1. Buddhika laKMal

    ස්තූතියි චතුර සහෝ උපසිරැසියට......
    ජයවේවා......

    1. Chathura sandeepa

      Thank you sago

  2. Anonymous

    thanks

  3. Anonymous

    me sub eka denata awith thiyana copy ekakatawath gelapen ne

    1. Chathura Sandeepa

      ගැලපෙනව සගෝ

  4. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

    1. Chathura sandeepa

      thank you