Watch Trailer

Grrr (2024) Sinhala Subtitles | නගරෙ රජාද කැලේ රජාද ශක්තිමත්? [සිංහල උපසිරැසි]

Grrr (2024) Sinhala Subtitles ප්‍රීතිමත් නව සැප්තැම්බරයක්.අළුතින්ම නිකුත් වූ මලයාලම් කොමඩියක උප සිරැසි අද දින ගෙන එනවා.පේන විදිහට අඩු රේටිං එකක් තිබුනත් මට මේකෙන් ලැබුන සරල උපහාසාත්මක විනෝදාශ්වාදය නිසා උප සිරැසිය ගෙන එන්න තීරණය කලා. මීට වසර කීපයකට කලින් උතුරු ඉන්දියානු සත්තු වත්තක ව්‍යාග්‍රයෙකුගෙ ව…

Grrr (2024) Sinhala Subtitles

ප්‍රීතිමත් නව සැප්තැම්බරයක්.අළුතින්ම නිකුත් වූ මලයාලම් කොමඩියක උප සිරැසි අද දින ගෙන එනවා.පේන විදිහට අඩු රේටිං එකක් තිබුනත් මට මේකෙන් ලැබුන සරල උපහාසාත්මක විනෝදාශ්වාදය නිසා උප සිරැසිය ගෙන එන්න තීරණය කලා.

මීට වසර කීපයකට කලින් උතුරු ඉන්දියානු සත්තු වත්තක ව්‍යාග්‍රයෙකුගෙ වාසස්ථානයට මානසික රෝගී තරුණයෙකු පැන්නා. දෙනෝ දාහක් අසරණව බලා සිටිද්දී ඔහු බලධාරීන් ක්‍රියාත්මක වීමට පෙර සත්වයාට ගොදුරු උනා. මේකට පාදක වෙන්න ඇත්තෙ ඒ සිද්ධිය වෙන්න පුළුවන්. පෙම් සබඳතාවක් බිඳ වැටීම (එසේ සිතීම) නිසා බීමත්ව එක තරුණයෙක් සිංහ ගුහාවට කඩා පනින්නේ සිංහයා සමග තම ශක්තිය උරගා බලන්න. ඔහු බේරා ගැනීමට බලධාරීන් විවිධ උපක්‍රම භාවිතා කරනවා. ටිකක් තාත්වික නෑ වගේ පෙනුනත් මේක තුල ඇති හාස්‍යය හා උපහාසය නිසා ඒවා සැලකිය යුතු නෑ.ඔහේ කම්මැලි නැතුව බලා ගෙන ඉන්න පුළුවන්.

කුන්චාකෝ බොබන්, සුරාජ් වෙන්ජාරමුඩු, සෲති රාමචන්ද්‍රන් සහ රාජේශ් මාධවන් චරිත මවන මෙහි අධ්‍යක්ශක වරයා ජයක්‍රිශ්ණන්.අමතක උනා සිංහයත් හොඳ චරිත නිරූපණයක් කරනවා.

පසුගිය ටිකේ පොඩි චෝදනාවක් ආවා හොඳ මලයාලි චිත්‍රපට උපසිරැසි කිහිපයක් අතපසු වූ බවට. ඇත්ත, දැඩි අවිවේකිත්වය නිසා කිහිපයක් මග හැරුණා. හැකි අවස්ථාවක ඒවා ටික ටික ඔබට ගෙන එන්න උත්සාහ කරනවා

නැවත හමු වෙමු

ආයුබෝවන්  

Grrr (2024) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEB-DL පිටපත් සඳහා පමණක් වලංගු වේ.

2,023 downloadsDownload Grrr.-2024.zip56 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Grrr (2024) Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

2,023 downloadsDownload Subtitles56 KB

5 comments

  1. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි BANDULA .......
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Kavi

    බොහොම ස්තූතියි සහෝ
    Little Hearts එකෙත් සබ අරගෙන එන්න පුළුවන්නම්.
    ජය වේවා!

  3. රංගික සිනෙත් කාරියවසම්

    සුපිරි ෆිල්ම් එකකට සබ දීලා තියෙන්නේ සහෝ.ජය වේවා .

  4. Buddhika laKMal

    ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට

  5. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤