Watch Trailer

Honeyland (2019) Sinhala Subtitle | මී මැසි භූමිය… [සිංහල උපසිරැසි]

ඔන්න මේ සැරේ අරගෙන එන්නෙ ”ඩොක්” චිත්‍රපටයක්. ගොඩක් කට්ටිය නම් බලන්න අකමැතිම එකක් තමයි ඩොක් කියන්නෙ. නමුත් ඒවා අගයන ගොඩක් කට්ටිය ඉන්නවා. හැබැයි මේකෙ ගැඹුරු අර්ථයක් ගැබ් වී තිබෙනවා. මේ වෙනකොට IMDb අගය 8 ක් සහ කුණු තක්කාලි අගය 100% අරගන්න සමත් වෙලා තියෙන එකක්. අධ්‍යක්ෂණ කරන්නෙ Tamara Kotevska සහ Ljubo…

ඔන්න මේ සැරේ අරගෙන එන්නෙ ”ඩොක්” චිත්‍රපටයක්. ගොඩක් කට්ටිය නම් බලන්න අකමැතිම එකක් තමයි ඩොක් කියන්නෙ. නමුත් ඒවා අගයන ගොඩක් කට්ටිය ඉන්නවා. හැබැයි මේකෙ ගැඹුරු අර්ථයක් ගැබ් වී තිබෙනවා. මේ වෙනකොට IMDb අගය 8 ක් සහ කුණු තක්කාලි අගය 100% අරගන්න සමත් වෙලා තියෙන එකක්. අධ්‍යක්ෂණ කරන්නෙ Tamara Kotevska සහ Ljubomir Stefanov විසින්. ඒවගේම තමයි මෙහි දාවන කාලය පැයයි විනාඩි 29 ක කාලයක් තියෙනවා. හරි එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.

හැටිල්ඩේ කියන්නෙ තමන්ගෙ පාඩුවේ තමන්ගෙ ජීවිතේ ගෙනියන කෙනෙක්. මෙයාගෙ රස්සාව තමයි මී පැණි එකතු කරන එක. මාස ගානකට සැරයක් වගේ මී පැණි එකතු කරලා ටවුමට ගිහිල්ලා විකුණනවා. ඒවගේම තමයි මෙයාට බලාගන්න අම්මෙකුත් ඉන්නවා. අම්මා හුඟක් අසනීපයි. නැගිටගන්නවත් පණක් නැහැ. හරියට එක්තැන් වෙලා වගේ. ඉතිං මේ කසාඳවත් බැඳලා නැති ඇය තමන්ගෙ අම්මා වෙනුවෙන් පුළුවන් හැමදේම කරනවා. එයාව සතුටින් තියන්න හදනවා. ආස දේවල් ගෙනල්ලා දෙනවා තමන්ට පුළුවන් විදියට. ඔන්න ඉතිං දවසක් මෙයා ජීවත් වෙත තැනට අලුතින් කට්ටියක් එනවා. ළමයිනුත් ඉන්නවා මේ කට්ටියට. ඉතිං මෙයාට ඒ දිහා හරිම දුකින් වගේ බලං ඉන්නෙ. එයා හිතන්නෙ මටත් දරුවෙක් හිටියා නම් කියලා. කොහොමහරි මේ මිනිස්සු පිටතින් පේනවට වඩා හුඟක් වෙනස්. ඒ ඇයි? නරක කට්ටියකත්ද? හරිම කපටි කට්ටියක්ද? මම තවත් කියන්න ගියොත් වෙන්නෙ කතාව ස්පොයි වෙන එකයි. රසාස්වාදය නැතිවෙන එකයි. එහෙනම් තව මුකුත් කියන්නෙ නැහැ. බලන්න කියලා තමයි කියනන් තියෙන්නෙ.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය Blu-Ray  පිටපත් සඳහා අදාළ වේ.

2,341 downloadsDownload Honeyland-2019.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

2,341 downloadsDownload Subtitles23 KB

13 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. Emi

    Thank you

  3. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    මේ පාර ඔස්කාර් හොදම වාර්තාමය සිනමා පටයටයි, හොඳම විදේශ භාෂා සිනමා පටයටයි දෙකටම නොමිනේට් උන ෆිල්ම් එකක්. ට්‍රේල මුලින්ම බලපු දවසේ ඉදලාම මමත් සබ් එකක් හදන්න ආසාවෙන් හිටියෙ. වෙලාවක් නැතිකම නිසා ම ඉල්ලුවෙ නෑ. හිතුවෙත් නෑ වෙන කවුරුවත්ම මේ වගේ වැඩි දෙනෙක් නොබලන ෆිල්ම් එකකට සබ් එකක් හදාවි කියලත්.

  4. indika75

    thanks..

  5. Sanath1990

    ade patta thanks broo

  6. isuru srinath sjs

    ස්තුතියි මචෝ සිංහල උපසිරැසියට

  7. yasiru rashmitha

    ඇත්තටම trailer එක බැලුවා ට පස්සේ හුගක් ආසාවෙන් හිටපු සිනමා පටයක් හිතුවෙ නෑ sub දෙයි කියල.

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Sharuka

    Thank you. Wediya sub denne nethi me wage ekak genawata

  10. Geethi

    Thank you very much.

  11. Anonymous

    niyamai

  12. tdsk

    thanks

  13. Dewadithya

    Thanks for sub!