Supergirl (2026) Sinhala Subtitles ආයුබෝවන් කියන ගමන්, කොහොමද ඉතිං ඔයාලා හැමෝටම? ඔන්න අද අරන් තියෙන්නෙ DC විශ්වයේ නවතම ප්‍රොජෙක්ට් එක වෙන Supergirl (2026) චිත්‍රපටය. ගිය ජුනි මස 26 වෙනිදා ප්‍රදර්ශනය ආරම්භ කරපු ෆිල්ම් එක තමා ඔයාලට මෙහෙම උණු උණුවෙම අරන් ඇවිත් තියෙන්නෙ. හදිස්සි කාරයන්ට බලන්න තමා ඔන්න…

අධ්‍යක්ෂණය: Craig Gillespie (Cruella සහ I, Tonya චිත්‍රපටවල අධ්‍යක්ෂක)
තිර රචනය: Ana Nogueira
නිෂ්පාදනය: James Gunn සහ Peter Safran (DC Studios)
Supergirl (2026) Sinhala Subtitles
කතාව ගැන හැඳින්වීමක් කරන්න කලින් මේකෙදි ප්‍රධාන නළු නිළි කැළ ගැන කෙටියෙන් කියලා සරල පැහැදිලි කිරීමක් කරන්නම්. House of the Dragon කතා මාලාවෙන් ලෝකප්‍රකට වුණු Milly Alcock තමා Kara Zor-El නොහොත් Supergirl විදිහට මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. සාමාන්‍ය සුපර්මෑන් වගේ නෙවෙයි, මේ සුපර්ගර්ල් ටිකක් රෆ්, ඇටිටියුඩ් තියෙන, මානසිකව වැටුණු සහ තරහින් ඉන්න කැරැක්ටර් එකක්. චිත්‍රපටයේ ප්‍රධාන දුෂ්ටයා විදිහට අපිට දැකගන්න ලැබෙන්නෙ Krem of the Yellow Hills ව. එම චරිතයට පණ පොවන්නෙ Matthias Schoenaerts විසින්. ඔහු අභ්‍යවකාශ කොල්ලකරුවන් වගේම මිනිස් ජාවාරම්කරුවන් කණ්ඩායමක නායකයෙක්. Eve Ridleyව අපිට දකින්න ලැබෙන්නෙ Ruthye Marye Knoll චරිතයෙන්. තම පියා මරා දැමූ Kremගෙන් පළිගැනීම සඳහා සුපර්ගර්ල්ගේ සහය පතන කුඩා පිටසක්වල දැරිය විදිහට. අපේ පැරණි Aquaman වුණු Jason Momoa ව, Lobo චරිතයෙන් අපිට බලාගන්න ලැබෙනවා! ඔහු දැන් DCU එකේ ‘Lobo’ (Interstellar Bounty Hunter) විදිහට මේ මූවි එකට සම්බන්ධ වෙනවා. කොමික් එකේ ලෝබෝ නැතත් මූවි එකේ මෙයා ලොකු රෝල් එකක් කරනවා. David Corenswet වත් කාරාගේ ඥාති සොහොයුරා වන සුපර්මෑන් විදිහට මේ චිත්‍රපටය තුළදී බලාගන්න ලැබෙනවා කියලා කලින් වතාවෙදි නිවේදනය කෙරුනා වගේම පොඩි ටීසර් පාට් එකකින් ඒ බව තහවුරු වුණා ඔයාලට මතක ඇති. ඒවගේම කාරා දෙමව්පියන් වශයෙන් David Krumholtz (Zor-El) සහ Emily Beecham (Alura In-Ze) වත් චිත්‍රපටයේදි අපිට බලාගන්න ලැබෙනවා. මීට අමතරව කතාවේ විශේෂම සහ ප්‍රධානම කොටස්කරුවෙක් වෙන සුපර්ගර්ල්ගේ සුරතලා වන ක්‍රිප්ටෝ වත් බලාගන්න පුළුවන්.
Supergirl (2026) Sinhala Subtitles
එහෙනම් මං දැන් කෙටියෙන් විස්තර කරන්න හදන්නෙ කොමික් බුක් එකේ සම්පූර්ණම කතාව පැහැදිලි වෙන විදිහට. මූවි එක බලන්න කලින් කොමික් එකේ මුළු ස්ටෝරියම දැනගන්න අකමැති නං මීට එහාට කියවන්න එපා කියලත් ඔන්න මතක් කරනවා!
කතාවේ ප්‍රධානතම චරිතයක් වෙන Ruthye Marye Knoll කියන පිටසක්වල දැරියගේ පියාව, Krem of the Yellow Hills කියන දරුණු අභ්‍යවකාශ කොල්ලකාරයා විසින් ඉතාම අමානුෂික විදිහට ඝාතනය කරනවා. රූති තමන්ගේ පියා වෙනුවෙන් පළිගන්න පොරොන්දු වෙලා, ඒකට උදව් කරන්න පුළුවන් දක්ෂ සටන්කරුවෙක්ව හොයාගෙන විශ්වය පුරා යනවා.
රූතිට අහඹු විදිහට Supergirl ව මුණගැහෙන්නේ රතු සූර්යයෙක් (Red Sun) තියෙන ග්‍රහලෝකෙකදි. කාරා තමන්ගේ 21 වෙනි උපන්දිනය සමරන්නයි එතනට ඇවිත් තියෙන්නෙ. මොකද ක්‍ර්‍රිප්ටෝනියන්ස්ලාට කහ සූර්යයා යටතේ බීලා වෙරි වෙන්න බැරි වුණාට, රතු සූර්යයා යටතේ වෙරි වෙන්න පුළුවන්. මේ වෙලාවේ කාරා ඉන්නෙ හොඳටම බීලා.
ඔය අතරතුර Krem එතනට කඩා වැදිලා කරාගේ සුරතල් බල්ලා වෙන Krypto ට වස පොවපු ඊතලයකින් විදලා, ඔවුන්ගේ අභ්‍යවකාශ යානයත් හොරකම් කරගෙන පැනලා යනවා. ක්‍රිප්ටෝව බේරගන්න නං Krem ගාව තියෙන ප්‍රතිවිෂ (Antidote) ඕනෙ කියලා කාරා රූතිවත් එක්කගෙන Kremව හඹාගෙන විශ්වය පුරා අභ්‍යවකාශ යානයක චාරිකාවක් ආරම්භ කරනවා.
හැබැයි කතාව අන්තිමේදී හෙළි වෙනවා ක්‍රිප්ටෝට ලොකු අනතුරක් නොතිබුණු බවත්, පළිගැනීම කියන්නේ සාර්ථක විසඳුමක් නෙවෙයි කියලා රූතිට තේරුම් කරලා දෙන්නයි කාරා එහෙම බොරුවක් කළේ කියලා.
මේ දිගු ගමන අතරතුර ඔවුන් විවිධ අනතුරුදායක ග්‍රහලෝක සහ ශිෂ්ටාචාර පසුකර යනවා. ඒ අතරතුර කාරා තමන්ගේ කටුක අතීතය රූතිට පවසනවා. සුපර්මෑන් ක්‍ර්‍රිප්ටෝන් ග්‍රහලෝකය විනාශ වෙද්දී බබෙක් වුණත්, කාරා ඒ වෙනකොට අවුරුදු 14ක ගැහැනු ළමයෙක්. ක්‍ර්‍රිප්ටෝන්වලින් ඉතිරි වුණු Argo City කියන කොටස මත ජීවත් වෙමින් තමන්ගේ ඇස් පනාපිටම තමන්ගේ මව්පියන් සහ මුළු සගයන් පිරිසම ලෙඩ වෙලා, මිය යන හැටි දැකපු කෙනෙක් තමයි කාරා. ඒ නිසා ඇය තුළ තියෙන්නේ දැඩි මානසික කැලඹීමක් සහ වේදනාවක්.
කතාවේ අවසාන භාගයේදී Krem ඇතුළු ඔහුගේ කල්ලිය (Brigands ලා) කොටු කරගන්න ඔවුන්ට පුළුවන් වෙනවා. මේ දරුණු සටනේදී සුපර්ගර්ල්ගේ අශ්වයා වන Comet (The Super-Horse), සුපර්ගර්ල් වෙත පැමිණි ක්‍රිප්ටනයිට් උණ්ඩයකට මුහුණ දීලා කාරාව බේරගෙන අවාසනාවන්ත ලෙස මිය යනවා.
අන්තිමේදී Kremව අල්ලගත්තත්, රූතිට තේරෙනවා තමන්ට ඔහුව මරන්න තරම් හිත හයිය නැහැ කියලා. හැබැයි තමන්ගේ හොඳම යාළුවෙක් වුණු Cometගේ මරණය නිසා දැඩි සේ කෝපයට පත්වෙන කරා, Kremව මරන්න යනවා. නමුත් ඇය තමන්ගේ කෝපය පාලනය කරගෙන Krem ව නොමරා නීතියේ ඉදිරියට පමුණුවනවා.
කතාව අවසන් වෙන්නේ වසර 300කට පසු අනාගතයකින්. එහිදී මහලු වියට පත්වුණු රූති, “Woman of Tomorrow” හෙවත් සුපර්ගර්ල් තමන්ගේ ජීවිතය වෙනස් කරපු හැටි සහ ඇය විශ්වයට කරපු සේවය ගැන පොතක් ලියන අයුරු පෙන්වනවා. විශේෂම දේ තමයි සුපිරි බලය නිසා ඒ වෙනකොටත් අපේ Krypto බල්ලා ජීවතුන් අතර ඉන්නවා.
Supergirl (2026) Sinhala Subtitles
ඉතිං ඔය විදිහට තමයි අපිට Woman of Tomorrow කොමික් බුක් සීරිස් එකේ කතාව බලාගන්න ලැබෙන්නෙ. චිත්‍රපටය සහ කොමික් බුක් එක අතර සුළු සුළු වෙනස්කම් පවතිනවා. ඒක අපි කවුරුත් දන්න කාරණයක්. එහෙනම් ෆිල්ම් එක රසවිඳින්න ඔයාලට ආරාධනා කරලා අදට මං මෙතනින් නවතිනවා.
පුළුවන් හැමෝම උපසිරසය අරගෙන යන වෙලාවෙන් තව පුංචි වෙලාවක් වෙන් කරලා කමෙන්ට් එකකුත් දාගන්න යන්න අමතක කරන්න එපා!
හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!
Supergirl (2026) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි Bluray/WEBRIP/Cam පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,935 downloadsDownload Supergirl-2026-Bluray-Update.zip101 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Supergirl Sinhala Subtitles
Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- Action
- Drama
- Thriller
- War
- Sci-Fi
- Sinhala Subtitles
- Adventure
- Fantasy
- Comics
- Family
- Supernatural Fantasy
- Alien Invasion
- Superhero
- #MaxxA
- #Movie
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Stephan James
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Supergirl (2026) Sinhala Sub
- #Supergirl (2026) Sinhala Subtitles
- #Supergirl Sinhala Sub
- #Supergirl Sinhala Subtitles
- #War Machine
- #උපසිරැසි
- #රුක්ෂාන් ඛාන්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
9 comments
Buddhika laKMal
Anonymous
බොහොම ස්තූතියි සහෝ උපරැසියට! ♥️
එල්. සී. දමැල්
බොහොම ස්තුතියි සබ් එකට!
හොඳ කොපියක් ආවහම ගන්නවා.
ජය වේවා!නිශාන් සමීර
●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●
Buddhika laKMal
අප්ඩේට්එකට තෑන්ක්ස් මචං
Viraj
Thanks
Dimuthu
කොමික් බුක් සිරියස් එකෙනම් කතාවෙ එ එ කැරක්ටස් බිල්ඩප් කරලා තියනවා වගෙ සුපිරියට එත් ෆිල්ම් එකෙ අතක් පාතක් නෑ කිසිම ඉමොශනල් ගතියක්නම් නෑ පොඩ්ඩක්වත් සබ් එකට ස්තූතී සහො♥️
Sahan Gayantha
th*anks a lot Rukshan saho sub ekata
Tharidu Sagara Sadalu
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Supergirl (2026) Sinhala Subtitles | පළිගැනීම අරමුණු කරගත් මෙහෙයුම [සිංහල උපසිරසි] [Bluray Update]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/07/Supergirl-cover-OUT.png)
සබ්එකට තෑන්ක්ස් මචං…
ඔරිජිනල් ආපුහම අප්ඩේට් එක ඕනේ