Watch Trailer

Look Back (2024) Sinhala Subtitles | සොඳුරු මතක දෙස නැවත බලමු! [සිංහල උපසිරසි]

Look Back (2024) Sinhala Subtitles වත්මන් සිනමාව ගැන කතා කළොත්, අද කාලයෙ නිර්මාණය වෙන චිත්‍රපට සහ රූපවාහිනී කතා මාලාවන් ( TV Series ) විවිධ මූලාශ්‍ර අභාෂය කරගෙනයි නිර්මාණය වෙන්නෙ. පොත්, පරිගණක ක්‍රීඩා ( Games ) සහ චිත්‍රකතා ඒවාට උදාහරණ කීපයක් ලෙස දක්වන්න පුලුවන්. මේ චිත්‍රකතා ගැන කතා කරනකොට නම්, බට…

Look Back (2024) Sinhala Subtitles

වත්මන් සිනමාව ගැන කතා කළොත්, අද කාලයෙ නිර්මාණය වෙන චිත්‍රපට සහ රූපවාහිනී කතා මාලාවන් ( TV Series ) විවිධ මූලාශ්‍ර අභාෂය කරගෙනයි නිර්මාණය වෙන්නෙ. පොත්, පරිගණක ක්‍රීඩා ( Games ) සහ චිත්‍රකතා ඒවාට උදාහරණ කීපයක් ලෙස දක්වන්න පුලුවන්. මේ චිත්‍රකතා ගැන කතා කරනකොට නම්, බටහිර කොමික් කලාව සෑහෙන ඉදිරියෙන් ඉන්නෙ කියල ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. හැබැයි මේ බටහිර කොමික් කලාවට අභියෝග කරන්න පුලුවන්, බටහිර කොමික් කලාවට නොදෙවෙනි තවත් චිත්‍රකතා කලාවක් ආසියාවෙ තියෙනවා කියල ඔයාලා දන්නවද? ඔව්… ඒ තමයි ජපන් “මංගා” කලාව. ඇනිමේ කියන මාතෘකාව එක්ක සමීප අය ඉන්නවා නම් මංගා ගැන හොඳටම දන්නවනෙ. ඉතින් අද ගෙනාපු මේ ඇනිමේ එකත් සෘජුවම මංගා හා සමීපව ගලාගෙන යන එකක්. ඇනිමේ බලය අයට ඇරුණාම අලුතෙන් මේක බලන කෙනෙක්ට සමහරවිට මේකෙ තියෙන කරුණු කාරණා ටිකක් නොතේරෙන්න පුලුවන්. එහෙමයි කියල ඉතින් මේක නොබලා ඉන්න එපා. මේ ඇවිල්ලා මේ අවුරුද්දෙ ආපු තවත් අපූරු ඇනිමේ නිර්මාණයක්.

Look Back (2024) Sinhala Subtitles

අයුමු ෆුජිනො කියන්නෙ ප්‍රාථමික පාසල් ශිෂ්‍යාවියක්. ඇය හරිම දක්ෂයි මේ මංගා අඳින්න. ඉතින් පාසල් සඟරාවට ඇය ඇයගෙ මංගා නිර්මාණ ඉදිරිපත් කරනවා. ඒවා කියවන අනිත් ළමයිනුත් ගොඩක් විනෝද වෙනවා, ෆුජිනොට ඇයගෙ දක්ෂතාවය වෙනුවෙන් ප්‍රශංසා කරනවා. ඉතින් මේ නිසා ෆුජිනො කියන්නෙ පාසලේ කාගෙත් පැසසුමට ලක්වුණ කෙනෙක්. හැබැයි තත්වය වෙනස් වෙන්නෙ කියොමොතෝ කතාවට එකතු වෙනකොට. කියොමොතෝ කියන්නෙත් පාසල් යන වයසෙ ගෑණු ළමයෙක්. හැබැයි ඇය පාසලට එන්නෙ නෑ. ඒ වෙනුවට ගෙදරට වෙලා ඇයත් මංගා අඳින්න උත්සහ කරනවා. ඉතින් පාසලෙ ගුරුතුමා ෆුජිනොගෙන් අහනවා මේ කියොමොතෝටත් පාසල් සඟරාවට මංගා එකක් අඳින්න අවස්ථාවක් දෙන්න කියල. ඉතින් ඔන්න ඒ අනුව දැන් පාසල් සඟරාවෙ ෆුජිනො ගෙ සහ කියොමොතෝගෙ මංගා පළවෙන්න පටන් අරගෙන. ඇත්තටම මේ කතාව බලනකොට ඔයාටම තේරෙයි දෙන්නගෙන් කවුද වැඩේ හොඳටම කරලා තියෙන්නෙ කියල.

Look Back (2024) Sinhala Subtitles

ඉතින් මේක මේ මංගා අඳින දෙන්නෙකුගෙ කතාවක්ද කියල ඔයාට දැන් හිතෙනවා ඇති. නෑ… ඊට එහා ගියපු හරි අපූරු, සංවේදී ජීවන කතාවක් තමයි මේ නිර්මාණයෙ තියෙන්නෙ. ඒ නිසාමයි මං කියනවට වඩා ඔයාම මේක බලලා ඔයාම මේක තේරුම් ගන්න ඕනෙ…

Look Back (2024) Sinhala Subtitles

කට්ටියට මතකයි නේද මංම උපසිරසි දීපූ Chainsaw Man ඇනිමේ එක? ඉතින් Chainsaw Man නිර්මාතෘ “තත්සුකී ෆුජිමොතෝ” සෙන්සෙයි 2021 දී නිර්මාණය කරලා පළකරන මංගා එකක් තමයි මේ Look Back කියන්නෙ. ඉතින් Chainsaw Man බලපු කෙනෙක් නම් මේකම හොඳ හේතුවක් වෙයි Look Back බලන්නත්…

Look Back (2024) Sinhala Subtitles

පැයකට ආසන්න ධාවන කාලයක් තියෙන මේ Look Back ඇනිමේ චිත්‍රපටය Studio DURIAN කියල ස්ටුඩියෝවක් විසිනුයි නිෂ්පාදනය වෙන්නෙ. ඇනිමේ වෙනුවෙන් වෙන්වුණු MAL තුළින් 8.7ක අගයකුත් Imdb තුළ 7.9ක අගයකුත්, Rotten Tomatoes තුළින් 100%ක් දිනාගන්න Look Back සමත් වෙනවා. ඒ වගේම මේක Drama Shounen කියන ශානරවලටයි වැටෙන්නෙ.

Look Back (2024) Sinhala Subtitles

මේ වෙනකොට Look Back ජපානයෙ Hochi Film Award හිදි Best Animated Picture සම්මානය දිනාගෙන තියෙනවා. ඒ වගේම Best Animated Feature – Independent යටතෙ Annie සම්මානයකටත් නිර්දේශ වෙලා තියෙනවා.

Look Back (2024) Sinhala Subtitles

2024දි ගොඩක් අයගෙ පැසසුමට ලක්වුණු නිර්මාණයක් තමයි මේ Look Back කියන්නෙ. තව දෙයක් අවසන් වශයෙන් කියන්න ඕනෙ… ජීවිතයෙ අපි සම්භාවිතාවන් ගැන හිතලා බලනවනෙ. මේක මෙහෙම උනොත් ජීවිතේ කොහොම වෙයිද වගේ. අන්න ඒ වගේ අවස්ථාවක් මේකෙ හරි අපූරුවට නිර්මාණය කරලා තියෙනවා. බලලම ඉන්නකො එහෙනම් කොහොමද කියල ඒක…

Look Back (2024) Sinhala Subtitles

ඉතින් ලංකන් Weebs කණ්ඩායමෙ අදහසකට අනුව නත්තල වෙනුවෙන් තමයි ඔයාලට මේක අරගෙන එන්නෙ. හිතනවා හැමෝම මේක රසවිඳියි කියල. එහෙනම් දැනට සමුගන්නම්. තවත් මේ වගේම උපසිරසියකින් හමුවෙමු. එතකන්…

…සුභ නත්තලක් වේවා සැමටම!!! ✨️️️

The Boy and the Heron (2023) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,401 downloadsDownload Look-Back-2024-Sinhala-Subtitles.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Look Back (2024) Sinhala Subtitles  

Subtitles by

පවිත් විජේසූරිය

Subtitles

1,401 downloadsDownload Subtitles18 KB

4 comments

  1. Buddhika laKMal

    ස්තූතියි පවිත් සහෝ මේකට සිංහල උපසිරැසි දුන්නට

  2. Isuru gamage

    Sub දාපු නිසා ආයි බලනො
    ❤️‍

  3. Akila Dilhara

    ❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට.