Watch Trailer

Mission: Impossible – Dead Reckoning Part One (2023) Sinhala Subtitles | යතුරක් සොයා මෙහෙයුමක්… [සිංහල උපසිරැසි] (200)

UPDATE -> BLURAY 2012 ජුනි 14 දවසේ This Means War (2012) චිත්‍රපටියෙන් උපසිරැසි යොදන්න පටන් ගත්ත ගමනේ අද දවසේ තවත් එක් කඩ ඉමක් පහු කරන්න මට අවස්ථාව උදා උනා. මේ චිත්‍රපටිය කරන්න බාරගෙන තිබුණේ විමා සහෝදරයා උනත් 200 කඩඉමට මේක දෙමු කියලා නිර්ලෝභී ව මට මේ චිත්‍රපටියට උපසිරැසි ගන්වන්න ලබා දීම සම්බන්ධයෙන…

 

UPDATE -> BLURAY

2012 ජුනි 14 දවසේ This Means War (2012) චිත්‍රපටියෙන් උපසිරැසි යොදන්න පටන් ගත්ත ගමනේ අද දවසේ තවත් එක් කඩ ඉමක් පහු කරන්න මට අවස්ථාව උදා උනා. මේ චිත්‍රපටිය කරන්න බාරගෙන තිබුණේ විමා සහෝදරයා උනත් 200 කඩඉමට මේක දෙමු කියලා නිර්ලෝභී ව මට මේ චිත්‍රපටියට උපසිරැසි ගන්වන්න ලබා දීම සම්බන්ධයෙන් විමා සහෝදරයාට මුලින් ම ස්තුතිවන්ත වෙන්න ඕන. ඒ වගේම නම් වශයෙන් කිව්වෙ නැතත් මෙතෙක් කල් උපසිරැසි ගැන්වීම් වලදී විවිධ අයුරින් සහයෝගය දක්වපු සියලු ම දෙනාවත් මේ අවස්ථාවාදී කෘතවේදීව මතක් කරනවා. (නම් වශයෙන් සඳහන් කරන්නෙ නැත්තේ වැරදිලා හරි කාගෙ හරි නමක් දාන්න බැරි උනොත් ඒක හරි නෑ වගේ නිසා)

ඉතිං යාළුවනේ. Mission: Impossible චිත්‍රපටි මාලාවේ 7 වෙනි කතාව විදිහට තමයි මේ Dead Reckoning Part One චිත්‍රපටිය නිකුත් වෙන්නේ. IMDb අගය 8.0/10කුත් කුණු තක්කාලි අගය 96% කුත් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Christopher McQuarrie විසින්. Tom Cruise, Hayley Atwell, Ving Rhames, Simon Pegg, Rebecca Ferguson, Vanessa Kirby, Esai Morales, Pom Klementieff, Mariela Garriga, Henry Czerny වැනි සුපිරි නළු නිලියන් රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටියේ චරිත ගැන ඔයාලට අමුතුවෙන් හඳුන්වා දීමක් කරන්න ඕන නෑ කියලා මම හිතනවා. ඉංග්‍රීසි චිත්‍රපටි ලෝලීන් විදිහට මේ Mission: Impossible චිත්‍රපටි මාලාව නොබලපු කෙනෙක් නැති තරම්. 2023 ජූනි 19 රෝමයේ තිරගත වීම ආරම්භ උන මේ චිත්‍රපටිය ඇමරිකා එක්සත් ජනපදයේ තිරගත වීම අරඹන්නේ 2023 ජූලි 12. ඩොලර් මිලියන 291 ක වියදමක් දරා නිපදවූ මේ චිත්‍රපටිය මේ වෙන කොට ඩොලර් මිලියන 522.5 ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගන්න සමත් වෙලා තියෙනවා.

රෝමයේ ප්‍රථම වරට චිත්‍රපටිය තිරගත කරන අවස්ථාවට සහභාගී වූ ටොම් කෘෘස්


රෝමයේ ප්‍රථම වරට චිත්‍රපටිය තිරගත කරන අවස්ථාවට සහභාගී වූ නළු නිලියන්

මේ චිත්‍රපටිය රඟපාන අවස්ථාව වෙන කොට ටොම් කෘෘස් 61 වන වියේ පසු වෙන බව වාර්තා වෙනවා. ඒ වගේම තමන්ගෙ චරිතයේ තියෙන ක්‍රියාදාම කොටස් රඟ දැක්වීම ද ඔහු විසින් ම සිදු කළ බවත්, මේ චිත්‍රපටියේ එක්තරා අවස්ථාවක මෝටර් බයිසිකලයක් මගින් ඉතා උස කන්දකින් පැනලා ධාවනය වෙමින් පවතින දුම්රියකට පැරෂූටයක් ආධාරයෙන් කඩා වදින දර්ශනය සඳහා 500 වතාවකට අධික ස්කයි ඩයිවින් සහ 13000 වතාවක මෝටර්ක්‍රොස් පැනුම් සිදු කර ඇති බව එහි අධ්‍යකෂවරයා වන Christopher McQuarrie විසින් සඳහන් කර තිබෙනවා. ඒ අවස්ථාවක් තමයි මේ පහත ඡායාරූපයේ දැක්වෙන්නේ.


ඉතිං මේ මෝටර් සයිකලයෙන් කන්දෙන් පැනීමේ දර්ශනය චිත්‍රපටිය රූගත කිරීමේ මුල්ම දිනයේදී මුල්ම රූගත කිරීම වශයෙන් සිදු කළ බවත් මෙහිදී වාර්තා වෙනවා. කියන විදිහට නම් එහෙම කරලා තියෙන්නේ මේ චිත්‍රපටිය පිටපතේ තියෙන විදිහටම කරගෙන යනවද, නැත්නම් ප්‍රධාන කොටස් නැවත ලිවීමක් සිදු කරනවාද කියලා තීරණය කරන්නයි. ඒ තීරණය පදනම් වෙලා තිබිලා තියෙන්නේ මේ මෝටර් සයිකලය කන්දෙන් පැන්නීමේ හැකියාව මතයි. මේ අවස්ථාව මෙතනින්  ලින්ක් එකෙන් ඔයාලට බලාගන්නත් පුළුවන්.

ඒ වගේම මේ චිත්‍රපටියේ දුම්රිය මත සිදු කරන සටන් ජවනිකාවක් රූගත කරන අතරතුර එහි අධ්‍යක්ෂවරයා “අපි අභියෝග ගැන දැනගෙන හිටියා නම්, අපි කවදාවත් ඒක කරන්නේ නැහැ“ කියලා කියපු බවකුත් සඳහන් වෙනවා. මේ පහත රූපයෙන් දැක්වෙන්නෙ ඊතන් සහ ගේබ්‍රියෙල් අධි වේගයෙන් ගමන් කරමින් තිබෙන ඔරියන්ට් එක්ස්ප්‍රස් දුම්රිය මත සටන් කරන අවස්ථාවක්.

කතාව ගැනත් කෙටියෙන්ම කියන්නම්. ඔයාලා අහලා තියෙනවනේ Artificail Intelligance (AI) හෙවත් කෘතීම බුද්ධිය කියන එක ගැන. මේ කතාවත් මූලික වෙලා තියෙන්නේ එහෙම AI පද්ධතියක් මත. කියන හැටියට මුලින් තිබුණු සාමාන්‍ය AI පද්ධතියක් තමන් විසින්ම තමන්ගෙ මූල කේත (Source Code) වෙනස් කරගෙන අති ප්‍රබල AI පද්ධතියක් බවට පත් වෙනවා. මේක හඳුන්වන නම තමයි The Entity. ඉතිං මම තේරුම් ගන්න පහසුවට මේකට “එන්ටිටි“ කියන නමම භාවිතා කරා. මේ එන්ටිටි එකට පුළුවන් ලෝකෙ තියෙන ඕනම ඩිජිටල් පරිගණක පද්ධතියකට හොරෙන්ම ඇතුල් වෙලා ඒ පද්ධතිය හැක් කරලා තමන්ට ඕන විදිහට ඒ පද්ධතිය මෙහෙයවන්න වගේම තමන් ඇතුල් උන බවක් හොයාගන්නවත් බැරි වෙන්න කිසිම හෝඩුවාවක් නොතියා ඒකෙන් පිට වෙන්න. ලෝකයේ හැම බලවත් රාජ්‍යයක්ම උත්සාහ කරනවා මේ එන්ටිටි එකේ පාලනය ලබා ගන්න. හැබැයි ඒක ලේසි දෙයක් නෙවෙයි. ඒ සඳහා වෙනමම යතුරක් තියෙනවා. මේ යතුර තියෙන්නෙත් කෑලි දෙකක් විදිහට. ඉතිං පලවෙනි අභියෝගය තමයි මේ යතුරු කොටස් දෙක හොයාගන්න එක. හැබැයි යතුරු කොටස් දෙක හොයාගන්න එක විතරක් ප්‍රමාණවත් වෙන්නෙ නෑ. ඒ යතුරෙන් අරින්නෙ මොකද්ද කියලත් හොයාගන්න ඕන. ඊට පස්සෙ තමයි මේ එන්ටිටි එකේ මූලකේතයට ප්‍රවේශ වෙන්න පුළුවන් වෙන්නෙ. මූලකේත වෙනස් කිරීමකින් පමණයි මේ එන්ටිට එක තමන්ගෙ පාලනයට නතු කරගන්න පුළුවන් වෙන්නේ. සියලුම බලවත් රාජ්‍යයන් මේ එන්ටිටි එකේ පාලනය ලබාගන්න වෙහෙසෙන අතරේ අපේ ඊතන් හන්ට් ට පැවරෙන්නේ ඒ සම්බන්ධ වෙනමම මෙහෙයුමක්. ඒ තමයි මේ එන්ටිටි එකේ මූලකේතය වෙනස් කරන්න පුලුවන් යතුරු කොටස් දෙක හොයාගෙන මේ එන්ටිට එක විනාශ කරන එක.

ඉතිං යාළුවනේ.. මේ යතුරු කොටස් දෙක තියෙන්නේ කොහේද? කොහොමද ඒ යතුරු කොටස් දෙක හොයාගන්නෙ? ඊතන් ට මේ යතුරු කොටස් දෙක හොයාගන්න පුළුවන් වේවිද? එන්ටිටි එකේ මූලකේතය තියෙන්නෙ කොහෙද? ඊතන්ට පුලුවන් වේවිද ලෝකයේ තියෙන බලවත්ම රාජ්‍යයන් අභිබවා ගිහින් මේ එන්ටිටි එක විනාශ කරන වැඩේ කරන්න කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා..!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip / BLURAY පිටපත සඳහා අදාළ වේ.

68,733 downloadsDownload Mission-Impossible-–-Dead-Reckoning-Part-One-2023-BluRay-Update.zip122 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

68,733 downloadsDownload Subtitles122 KB

66 comments

  1. Kalana Werasekara

    R.I.P.D 2 එකට සබ්ටයිටල් දෙන්නකෝ.

  2. bimsara

    thanks සබට සහෝ..
    no hard feelings movie එකටත් සබ ඕනේ

    1. Anonymous

      No hard feeling ona..!

  3. එල්. සී. ‎දමැල්

    200වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම් දිනිඳු අයියේ! :)
    250ත් ඉක්මනින් ගහන්න සහ අනිත් කටයුතු සාර්ථක කරගන්නටත් කාලය සහ හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
    ජය ✌

  4. අසේල

    බොහොම ස්තූතියි සහෝදරයා
    බුදු සරණයි
    දෙව් පිහිටයි

  5. Kantha_DLA

    200 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!

    ගොඩක්ම ස්තූතියි දිනිඳු .........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  6. Buddhika Lakmal

    200වෙනි උපසිරැසියට සුබපැතුම් බ්‍රෝ... කරන කියන සියලු කටයුතු සාර්තක වේවා... ඉඩක් ලැබෙනවෙලාවට තව තව සිංහල උපසිරැසි ගේන්න හැකියාව ලැබේවා...
    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  7. යුරාන් ධනුක (දනුවා)

    200 වෙනි උපසිරසියට සුබ පැතුම් දිනිඳු අයියේ.
    ඔයාගේ උපසිරසි එක්ක ගොඩක් ෆිල්ම් බලලා තියෙනවා.
    ඔයා දීපු හැනිබල් කතා මාලාවත් ගොඩක් ආසාවෙන් බැලුව එකක්.
    මෙතනින් නොනැවති ඉස්සරහටත් උපසිරැසි ගේමු
    බොහෝම ස්තූතියි... ජය වේවා !!!

  8. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌
    200 ❤❤

    1. Nonamexd443

      HDTS හොදයිද
      cam copy වගේද නැත්නම් ඒකත්

    2. විමා

      CAM කොපියම තමා.

  9. Anonymous

    wow

  10. Achintha Udayanga

    කඩයිම වෙනුවෙන් උණුසුම් සුබපැතුම් සහෝදරයා.
    දැනට ඉන්න පරණම සාමාජිකයින්ගෙන් කෙනෙක් විදිහට කාලෙකට සැරයක් කොහොමහරි සබ් එකක් අරගෙන එනවා..ඒකට නම් හැට්ස් ඕෆ් කියන්න වචන නෑ..බොහෝම ස්තූතියි.

  11. හේමන්ත

    උණුසුම් සුභ පැතුම් දිනිඳු...
    අප වෙනුවෙන් කරන සේවය තව දුරටත් කරගෙන යාස සඳහා, ඔබේ සියලු වැඩ කටයුතු සාර්.ථක වේවා.

  12. Sujith

    කඩ ඉමට සුභ පැතුම්. තව තවත් සබ් ගේන්න ශක්තිය ලැබේවා....

  13. Chathura lakamal

    පංකාදුයි.....200ය වන ඔබගේ උපසිරස ගැන්වීමට මාගේ උණුසුම් සුභපැතුම්...❤️

  14. Bimsara Yashan(ඔලිව)

    200 වෙනි උපසිරැසි ගැන්වීමට උණුසුම් සුබ පැතුම් දිනිඳු අයියේ. අවුරුදු 11 කටත් වැඩි කාලයක් තිස්සෙ ඉදන් මේ වැඩේ නොනවත්වා මෙහෙම උපසිරැසි අරන් එන එක ලේසි පහසු දෙයක් නෙවේ. ඔයා උපසිරැසි දුන්නු හොල්මන් ෆිල්ම් සෑහෙන්න බලලා තියෙනවා ඒ කාලෙ ඉදන්ම. ඒවාටත් ස්තූතියි කියන ගමන් පෞද්ගලික ජීවිතෙත් වැඩකටයුතු සාර්ථකත වෙන්න කියලා වගේම තව ඉස්සරහටත් උපසිරැසි ගේන්න කියලත් සුබ පතනවා. ජයවේවා!

  15. විමා

    හැමදාම වගේ අදත් උපසිරසියට බොහොම ස්තුතියි!
    මේ උපසිරසි 200 වෙනුවෙන් අනේකවාරයක් ස්තුතියි. 2012-2023 කියන්නේ සුළුපටු කාලයක් නෙමෙයි, වෙබ් අඩවියේ මුල් කාලේ ඉඳලම හිටිය සමකාලින උපසිරසිකරුවෙක්, විශේෂයෙන්ම ගුණාත්මක උපසිරසිකරුවෙක් තවමත් අපිත් එක්ක ඉන්නවා කියන එක ඇත්තටම ලොකු සතුටක්. ආයේ දෙපාරක් නොහිතා මේක කරපන් කියල දුන්නෙත් ඒකමයි. එහෙනම් ඊළඟ උපසිරසියෙනුත් මුණගැහෙමු අපි, ඊළඟ කඩයිමටත් ලං කරමු හෙමිහිට!
    ජය වේවා මචෝ!!!

  16. Yash

    Thanks brother thank you so much for your time and effort.

  17. Imesh Perera

    Thanks Sub ekata saho

  18. PASINDU

    the boogyeman 2023 sub aka dennako

  19. Pasan Mahela

    halo oyage sub lassanai aiye, matat oya wage wenna oni. matat kiyala denna. mama pasan (anuaradapuren).

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Doctor Wells

    I'm not Ahmed එකට සබ් දෙන්න පුළුවන්ද

  22. ශසිත් සඳරුවන්

    සබට තුතිවේවා අයියන්ඩි...
    200 වන උපසිරැසි නිර්මාණය වෙනුවෙන් සුබපැතුම් එක් කරනවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  23. rgm

    sub ekata very thanks

  24. Chamindu Udara

    WebRip එක ආවා. ඒකට update එකක් දෙන්න​.

    1. Sanduni

      Mumbai Diaries S02 sinhala subtitles දෙන්න පුළුවන් ද ?

  25. Sanjeewa Malith

    200 ta සුබපැතුම් සුපිරි දිගටම ssubtitles දෙන්න ජය වේවා

  26. subodha

    film 1 download karanna widiyak kiyanawada

    1. Hiran Ganepalla

      බයිස්කෝප් ඩවුන්ලෝඩ් ටෙලිග්‍රෑම් චැනල් එකෙන් මේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.

  27. Kavishka dulan

    Miss shetty mr.polyshetty film eke sub dennako

  28. Hadzam Hussain Ahmed

    Thanks bro Sub ekata, Thank you vey much! Keep it up bro.

  29. Udara Damith

    සුප්පා එනකල් හිටිය්

  30. Udara Damith

    සුබ පැතුම්

  31. Anonymous

    thanks.... bro..

  32. Daham Amartha

    thanks bro

  33. Roshan

    Thnx bro...great job ... Good luck...

  34. Sahan Gayantha

    thanks a lot Dhinidu saho sub ekata

  35. Kavindu Randika

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. පුංචි කාලෙ මතකය ආයෙත් විඳින්න පුළුවන් සීක්වල් එකක් තමයි මේ. MI theme music කියන්නෙ ම goosebump එකක් ❤️

  36. Anonymous

    Thanks bro..

  37. Indragee Kasun

    Supiri.sound of freedom film akatath sub dannakoo broo.

  38. Anonymous

    සබ් එක දුන්නට බොහොම ස්තූතියි❤

  39. Isaac Mendis

    Thanks bro sub ekata ❤️

  40. baiscopelk ishu

    sub ekata bohoma pin saho

  41. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️

  42. lakshan

    thanks ..................

  43. Anonymous

    Thanks bro...

  44. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  45. viraj

    thanks............

  46. මධුකප්‍රිය පෙරේරා

    200 උපසිරසියට සුබ පැතුම්!

  47. mindika

    Thanks !!!

  48. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  49. nishu

    your hard work and perseverance have paid off. congratulations for your 200 graduation! wishing you even more success in the future.

  50. H I DANANJAYA

    Kaala paani series ekata sub eka dennako

Load more comments