Watch Trailer

One Night Only (2026) Sinhala Subtitles | තනිකඩයින්ට රජයෙන් පැය දොලහක්… [සිංහල උපසිරසි] [100*]

One Night Only (2026) Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න අද මට වගේම මගේ උපසිරසි ජීවිතයටත් හරිම සුවිශේෂි දවසක්. හේතුව තමයි අද මම අරගෙන ආවේ මගේ 100 වැනි උපසිරසි නිර්මාණය. ● පළවෙනි සිංහල උපසිරසිය – Vampire Hunter D: Bloodlust (2000) ● පනස්වෙනි සිංහල උපසිරසිය – Ready or Not 2: Here I Come (2026) මගේ ම…

One Night Only  (2026) Sinhala Subtitles

හලෝ යාළුවනේ! ඔන්න අද මට වගේම මගේ උපසිරසි ජීවිතයටත් හරිම සුවිශේෂි දවසක්. හේතුව තමයි අද මම අරගෙන ආවේ මගේ 100 වැනි උපසිරසි නිර්මාණය.

● පළවෙනි සිංහල උපසිරසිය – Vampire Hunter D: Bloodlust (2000)

● පනස්වෙනි සිංහල උපසිරසිය – Ready or Not 2: Here I Come (2026)

මගේ මේ ගමන පටන් ගත්තේ 2026 පෙබරවාරි 03 වෙනිදා. එදා ඉඳන් අද වෙනකම් එකිනෙකට වෙනස් කතා මාලා 9ක කතාංග 76කුත්, චිත්‍රපට 24කුත් විදිහට, මට මේ 100 සම්පූර්ණ කරන්න ලැබුණා.

මාත් විනෝදාංශයක් විදිහටයි මේ වැඩේ පටන් ගත්තේ. මුලින්ම උපසිරසියක් කරන්න හිතාගෙන බයිස්කෝප් එකට මේල් එකක් දැම්මම, මට ඒ අවස්ථාව ලබා දීලා මාව දිරිමත් කළේ රවිඳු හේශාන් අයියා. ඉතිං රවිඳු අයියා ඇතුළු ඇඩ්මින් මඩුල්ලටම, මාව බයිස්කෝප් පවුලට සම්බන්ධ කර ගත්තට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම අපේම සහෝදර බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියත් මේ වෙලාවේ මං ආදරෙන් මතක් කරනවා. ඊලඟට මගේ උපසිරසි ඩවුන්ලෝඩ් කරලා, කමෙන්ට් එකකින් හරි මාව දිරිමත් කරන ඔයාලා හැමෝටමත් ගොඩක් ස්තූතියි!

අවසාන වශයෙන්, උපසිරසි කරන්න ආසාවෙන් ඉන්න අලුත් සහෝදර සහෝදරියන්ටත් ආදරෙන් ආරාධනා කරනවා අපිත් එක්ක මේ වැඩේට එකතු වෙන්න කියලා. ඒක ඇත්තටම ඔයාලට වෙනස්ම අත්දැකීමක් වේවි.

ඉතිං මේ විශේෂ දවසේ මම අරගෙන ආවේ 2026 අවුරුද්දේ නිකුත් වුණු, Comedy | Drama | Romance යන කාණ්ඩ වලට අයත් වෙන, Will Gluck අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටයක්. Easy A (2010), Anyone But You (2023), Friends with Benefits (2011), Peter Rabbit (2018) වගේ ජනප්‍රිය චිත්‍රපටත් මෙයාගේම නිර්මාණ තමයි. කොහොම නමුත් මේ චිත්‍රපටයට නම් විචාරකයින්ගෙන් ලැබුණේ මිශ්‍ර ප්‍රතිචාර. ඒ වගේම ආරම්භක සති අන්තයේදීම බොක්ස් ඔෆිස් හි ආදායම් වාර්තා අතර සාර්ථක වෙන්න ලැබුණෙත් නෑ. ඒ කොහොම වුනත් ආතල් එකේ බලන්න පුලුවන් චිත්‍රපටයක් කියලත් මම කියන්න ඕන.

විචාරක ප්‍රතිචාර,

● IMDb අගය: 6.3/10
● Rotten Tomatoes: 44%

සිනමාපටයේ තොරතුරු,

ප්‍රධාන නළු නිළියන් :

1. Monica Barbaro (ඇලී)
2. Callum Turner (ඕවන්)
3. Maya Hawke (මාලීකා)

ධාවන කාලය : පැය 1යි මිනිත්තු 42යි
වියදම : $25 Million
මුළු ආදායම : $20 Million

කතාව ගැන පොඩ්ඩක්:

ඇමරිකාව තුල වසරකට එකම එක පාරක් විවාහ නොවුන තනිකඩව ඉන්න අයට ආරක්ෂිත ක්‍රම භාවිතා කරලා ලිංගිකව එකතු වෙන්න රජයෙන් පැය 12ක් ලබා දෙනවා. ඉතිං මේ කාරණය සම්බන්ධව ඕවන් කියන තරුණයාටයි ඇලී කියන තරුණියට ඒ දවස පුරාම මුහුණ දෙන්න වෙන විවිධාකාරයේ සිදුවීම් ගොන්නක් වටා තමයි චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ. ඉතිං ඒ දවසේ අවසානය මොන විදිහට මේ දෙන්නට කෙළවර වෙයිද? බලලම දැන ගන්නකෝ එහෙනම්.

නරඹන්නන්ගේ අවධානයට,

මෙම සිනමාපටය R-Rated ගණයට අයත් වන නිසා, මේකේ අසභ්‍ය වචන, අඩ නිරුවත් දර්ශන සහ ලිංගික දර්ශන යම් තාක් දුරකට අඩංගු වෙනවා. ඒ නිසා මේක කුඩා දරුවන් සමඟ නරඹන්න නිර්දේශ කරන්නේ නෑ. වයස අවුරුදු 18ට වැඩි අයට තමයි වඩාත් සුදුසු වෙන්නේ.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා!

One Night Only Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any download links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,230 downloadsDownload One-Night-Only-2026.zip58 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

One Night Only (2026) Sinhala Subtitles

Subtitles by

නිශාන් සමීර

Subtitles

1,230 downloadsDownload Subtitles58 KB

6 comments

  1. Buddhika laKMal

    100වෙනි උපසිරැසියට සුබ පැතුම් මචං….
    උපසිරැසි 100ක් වෙනුවෙන් ඔයාගේ වටිනා කාලය අපේ රසවින්දනය වෙනුවෙන් යෙදෙව්වට බොම ස්තූතියි සහෝ…..
    ඉස්සරහටත් වෙලාවක් තියෙන විදිහට උපසිරැසි ගෙනෙයි කියල හිතනවා..
    ජයවේවා….
    මේ සබටත් තෑන්ක්ස් හොදේ….❤️❤️❤️❤️❤️

  2. එල්. සී. ‎දමැල්

    100වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම් නිශාන් සහෝ! 🙂
    150ත් මේ වගේම අතිධාවනකාරී වේගයකින් ගහන්න සහ අනිත් කටයුතු සාර්ථක කරගන්නටත් කාලය සහ හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
    ජය ✌

  3. නිශාන් සමීර

    අඩේ…. බොහොම ස්තුතියි සහෝ ❤️
    ආයෙත් සබ් ගේමුකෝ ඉස්සර වගේ….
    ඔයා සබ් කරපුවා සෑහෙන්න බලලා තියේ…මරු ❤️

  4. නිශාන් සමීර

    හැමදාමත් කමෙන්ට් එකකින්
    සහයෝගය දෙන ලක්මාල් සහෝ ❤️ බොහොම ස්තූතියි සහෝ ❤️

  5. තරිදු දිසානායක

    100 වෙනි කඩයිමට සුභ පැතුම් සහෝ, තවත් දිගටම මෙ වගෙ උපසිරැසි ගෙන එයි කියලා බලාපොරොත්තු වෙනවා, මෙ සැරෙ උපසිරැසියටත් බොහොම ස්තූතියි❤️

  6. නිශාන් සමීර

    අපේ සබ් මැෂිම ❤️ බොහොම
    ස්තුතියි තරිඳු සහෝ❤️