Pushpa 2: The Rule (2024) Sinhala Subtitles ආයුබෝවන්. අද මම පොඩි වෙනසක් කලා. මේ ටිකේ දිගටම මලයාලම් සහ හිංදි උපසිරැසි කර කර ඉඳල පොඩි වෙනසකට තෙළිඟුවකට මාරු උනා. ඒකත් එසේ මෙසේ එකක් නෙමෙයි Block buster එකක්. අමුතුවෙන් කියන්න ඕනෙ නෑ සේරම මේක ගැන දන්නවානේ. කොහොම උනත් ටිකක් පමා වෙලා තමයි මේක ඔබ වෙත ගෙන එන…

Pushpa 2: The Rule (2024) Sinhala Subtitles

ආයුබෝවන්. අද මම පොඩි වෙනසක් කලා. මේ ටිකේ දිගටම මලයාලම් සහ හිංදි උපසිරැසි කර කර ඉඳල පොඩි වෙනසකට තෙළිඟුවකට මාරු උනා. ඒකත් එසේ මෙසේ එකක් නෙමෙයි Block buster එකක්. අමුතුවෙන් කියන්න ඕනෙ නෑ සේරම මේක ගැන දන්නවානේ. කොහොම උනත් ටිකක් පමා වෙලා තමයි මේක ඔබ වෙත ගෙන එන්නේ. Pushpa the Rise (2021) එහෙම නැත්තම් මේ කතාවෙ පළමු එක ඔබ නරඹන්න ඇතිනේ. පුශ්පා නම් වනයේ රත් හඳුන් දැව ජාවාරමක කම් කරුවෙක් එම ජාවාරමේ ඉහළම තැනට එනම් හවුලේ නායකත්වයට පත් වෙන කතාව ඔබ එහි නරඹන්න අති.  කොරෝනා වසංගතය තුරන් වෙමින් පවතින අවධියක තිරයට ආ මේ චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 393ක ආදායමක් උපයා ගැනීමට සමත් උනා වගේම එහි ප්‍රධාන නළු අල්ලු අර්ජුන් 69 වන ඉන්දීය සිනමා උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තා.

ඉතිං බලා පොරොත්තු වූ පරිදිම පුෂ්පා 2 ගිය අවුරුද්දේ අන්තිමට තිරයට ආවේ වාර්තා පිට වාර්තා තබමින්.භාෂා කිහිපයකින්ම තිර ගත කරන ලද මෙය මුල්ම දවසේම කෝටි 280ක ආදායමක් ලබමින් මුල් දිනයේ වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටිය බවට පත් වුනා. හැමදාම කන්නඩ තෙලිඟු සිනමා පට අතර තිබෙන ආදායම් වාර්තා තරඟයට තවත් තෙළිඟුවක් එක් කරමින් වැඩිම ආදායම් ලැබූ ඉන්දියානු ලැයිස්තුවේ තුන් වෙනි තැන ලබා ගන්නට ඉන්දීය රුපියල් කෝටි 1850ක ආදායමක් සමග මෙය සමත් වෙනවා.

කවුරුත් දන්නවනෙ මේක ඇක්ෂන් චිත්‍රපටියක්. ඉතිං මදි නොකියන්න ඇක්ෂන් තියෙනවා පටන් ගත්ත වෙලාවෙ ඉඳලම. කවදත් ඉන්දියාවෙ ආදායම් වාර්තා තියන ආකෘතියෙම කතාවක් තමයි මේකත්. ඒ උනාට බොහෝ අයගෙ පිළි ගැනීම පුෂ්පා හි ජනප්‍රියත්වය නිසා මේක ආදායම් ලැබුවත් ඒ තරම්ම සාර්ථක කතාවක් නොවන බවයි. ඒත් .මම හිතන්නෙ මේකෙ රසිකයන් ඉල්ලන ෆෝමියුලා එක අඩු නැතුව ඇතුල් කරල තියෙන නිසා විශාල ජනප්‍රියත්වයකට යන්න ඇති. රත් හඳුන් දැව ජාවාරමේ නායකත්වයට පත් වන පුෂ්පා ප්‍රදේශයම තම බලය යටතට පත් කර ගන්නා ආකාරයත් ඔහුගේලොකුම ප්‍රතිවාදියා ශෙකාවත් නැමත් තට්ට පොලිස් කාරයා ඇතුළු අනෙකුත් විරුද්ධවාදීන් හා අති වන ගැටුම් මේ චිත්‍රපටයට පාදක වෙනවා.

අල්ලු අර්ජුන් සහ ෆහාද් ෆසිල් පුෂ්පා සහ ශෙකාවත් ලෙස එකිනෙකාට දෙවෙනි නොවන අපූරු රංගනයන් ඉදිරිපත් කරන අතර රශ්මිකා මන්දානා රාවෝ රමේශ් සෙසු චරිත අතර කැපී පෙනෙනවා. සුකුමාර්ගේ අධ්‍යක්ෂනයත් 69 වන ඉන්දීය සිනමා උලෙලේ මෙහි පළවෙනි කොටසට සම්මාන දිනූ සංගීත අධ්‍යක්ෂක දේවී ශ්‍රී ප්‍රසාද් ගේ සංගීත අධ්‍යක්ෂනයත් මතක් කරන්න ඕනේ.

ඉතිං මේක බලන්න වෙලාව ටිකක් වැඩියෙන් වෙන් කර ගන්න වෙයි. විනාඩි 200ක කතාවක්. මම හිතන්නෙ රසිකයින්ට ඒකෙ අවුලක් නැති වෙයි. පටන් ගත්ත වෙලාවෙ ඉඳලම කම්මැලි හිතෙන එකක් නෑ. එහෙම නම් බලන්න, තුන් වෙනි කොටසත් එනවා.

එහෙනම් තව ලස්සන උපසිරැසි කීපයක් සමග හමු වෙමු

Pushpa 2: The Rule (2024) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ-HDrip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

12,143 downloadsDownload Pushpa-2-The-Rule-2024.zip84 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Identity (2025) Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

12,143 downloadsDownload Subtitles84 KB

7 comments

  1. Oshada Eranga (Era Boy)

    අම්මටසිරි බන්දුල අයියේ.. නියමයි ඈ.. ජයෙන් ජය ! ❤️

  2. Chamath

    Me reloaded version eke sub ekada

  3. Buddhika laKMal

    ස්තූථියි බන්දුල සහෝ මේකට සබ් ගෙනාවට.....

  4. Anonymous

    Download site ekata thama upload karala nadda...

  5. Malith samarawickrama

    Thanks machn sub ekata

  6. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  7. Shane Nilusha de Silva

    Thanks a lot for the subtitle. Keep it up the good work.