Ready or Not 2: Here I Come (2022) Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න අද මට වගේම මගේ උපසිරසි ජීවිතයටත් හරිම සුවිශේෂි දවසක්. හේතුව තමයි අද මම අරගෙන ආවේ මගේ 50 වැනි උපසිරසි නිර්මාණය. මගේ මේ ගමන පටන් ගත්තේ 2026 පෙබරවාරි 03 වෙනිදා. මගේ පළවෙනි සිංහල උපසිරසිය විදිහට මම කළේ Vampire Hunter D: Bloodlust (2…

හලෝ යාළුවනේ! ඔන්න අද මට වගේම මගේ උපසිරසි ජීවිතයටත් හරිම සුවිශේෂි දවසක්. හේතුව තමයි අද මම අරගෙන ආවේ මගේ 50 වැනි උපසිරසි නිර්මාණය. මගේ මේ ගමන පටන් ගත්තේ 2026 පෙබරවාරි 03 වෙනිදා. මගේ පළවෙනි සිංහල උපසිරසිය විදිහට මම කළේ Vampire Hunter D: Bloodlust (2000) චිත්‍රපටයයි. එදා ඉඳන් අද වෙනකම් එකිනෙකට වෙනස් කතා මාලා 4ක කතාංග 36කුත්, චිත්‍රපට 14කුත් විදිහට, මට මේ 50 සම්පූර්ණ කරන්න ලැබුණා.

මාත් විනෝදාංශයක් විදිහටයි මේ වැඩේ පටන් ගත්තේ. මුලින්ම උපසිරසියක් කරන්න හිතාගෙන බයිස්කෝප් එකට මේල් එකක් දැම්මම, මට ඒ අවස්ථාව ලබා දීලා මාව දිරිමත් කළේ රවිඳු හේශාන් අයියා. ඉතිං රවිඳු අයියා ඇතුළු ඇඩ්මින් මඩුල්ලටම, මාව බයිස්කෝප් පවුලට සම්බන්ධ කර ගත්තට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම අපේම සහෝදර බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියත් මේ වෙලාවේ මං ආදරෙන් මතක් කරනවා. ඊලඟට මගේ උපසිරසි ඩවුන්ලෝඩ් කරලා, කමෙන්ට් එකකින් හරි මාව දිරිමත් කරන ඔයාලා හැමෝටමත් ගොඩක් ස්තූතියි!

අවසාන වශයෙන්, උපසිරසි කරන්න ආසාවෙන් ඉන්න අලුත් සහෝදර සහෝදරියන්ටත් ආදරෙන් ආරාධනා කරනවා අපිත් එක්ක මේ වැඩේට එකතු වෙන්න කියලා. ඒක ඇත්තටම ඔයාලට වෙනස්ම අත්දැකීමක් වේවි.
ඉතිං මේ විශේෂ දවසේ මම අරගෙන ආවේ Comedy | Horror | Thriller යන කාණ්ඩ වලට අයත් Matt Bettinelli-Olpin සහ Tyler Gillett අධ්‍යක්ෂණය කරපු 2019 වසරේ නිකුත් වුණ Ready Or Not චිත්‍රපටයේ දෙවන දිගහැරුමයි.
විචාරක ප්‍රතිචාර,
- IMDb අගය: 6.6/10
- Rotten Tomatoes: 74%
සිනමාපටයේ තොරතුරු,
ප්‍රධාන නළු නිළියන් :

- Shawn Hatosy (ටයිටස් ඩැන්ෆෝර්ත්)
- Kathryn Newton (ෆේත් මැකෝලි)
- Samara Weaving (ග්‍රේස් මැකෝලි)
- Sarah Michelle Gellar (අර්සියුලා ඩැන්ෆෝර්ත්)
- Elijah Wood (නීතිඥයා)
- ධාවන කාලය : පැය 1යි මිනිත්තු 50යි
- වියදම : $14 Million
- මුළු ආදායම : $42 Million
කතාව ගැන පොඩ්ඩක්:

පලමු චිත්‍රපටය අවසන් වුණ තැන ඉදන්මයි මේක පටන් ගන්නේ. ඒ නිසා මේක බලන්න කලින් පලවෙනි එක බලලා ඉන්නම ඕන.
පලවෙනි චිත්‍රපටයේ දී ග්‍රේස් කොහොම හරි ලේ ඩොමස් පවුලේ අය එක්ක කරපු මරණීය හැංගිමුත්තන් සෙල්ලමෙන් දින්නා. හැබැයි ඉතිං ඒ ජයග්‍රහණය ලබා ගන්න එයාට පුදුම දුකක් විඳින්න වුණේ.
දෙවන චිත්‍රපටයේ පටන් ගැන්ම : සිද්ධිය වුණ තැනට පොලිසිය, වෛද්‍ය කණ්ඩායම් ආවට පස්සේ, ඒ අය හොඳටම තුවාල වෙලා ඉන්න ග්‍රේස් ව රෝහල් ගත කරනවා. හැබැයි රෝහලේදි ඇහැරෙන ග්‍රේස් අතේ මාංචු තියෙනවා. හේතුව ඇහුවම පොලිසිය කියන්නේ අර පවුලට වුණ දේට සැක පිට මෙයාව අත්අඩංගුවට ගත්තා කියලයි.
ඒත් ග්‍රේස්ට වැඩි වෙලාවක් රෝහලේ ඉන්න ලැබෙන්නේ නැහැ. මොකද සෙල්ලම ඉවරයි කියල එයා හිතුවට ඇත්තටම සෙල්ලම ඉවර නැති නිසා. හැබැයි මේ පාර ග්‍රේස්ට සෙල්ලම් කරන්න එයාගේ නංගිත් එයා එක්ක ඉන්නවා. ඉතිං ආයේම පාරක් මේ මරණීය හැංගිමුත්තන් සෙල්ලමෙන් ග්‍රේස්ට දිනන්න ලැබෙයිද? බලලම දැන ගන්නකෝ එහෙනම්.
නරඹන්නන්ගේ අවධානයට,
මෙම සිනමාපටය R-Rated ගණයට අයත් වන නිසා, මේකේ පහත දේවල් ඇතුළත් වෙනවා,
- දරුණු ප්‍රචණ්ඩත්වය, ලේ වැගිරිම්
- අසභ්‍ය වචන
(මෙය කුඩා දරුවන් සමඟ නැරඹීමට නිර්දේශ නොකරන අතර, වයස අවුරුදු 18න් ඉහළ පුද්ගලයන් සඳහා වඩාත් සුදුසු වේ.)
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා!
Ready or Not 2: Here I Come (2026) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි Bluray/WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,521 downloadsDownload Ready-or-Not-2-Here-I-Come-2026-Bluray-Updates.zip91 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Ready or Not 2: Here I Come Sinhala Subtitles
Subtitles by
නිශාන් සමීර
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Ready or Not 2: Here I Come (2022) Sinhala Sub
- #Ready or Not 2: Here I Come (2022) Sinhala Subtitles
- #Ready or Not 2: Here I Come Sinhala Sub
- #Ready or Not 2: Here I Come Sinhala Subtitles
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #නිශාන් සමීර
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
12 comments
ඕෂද එරංග (Era Boy)
නිශාන් සමීර
❤️❤️❤️
Anonymous
bro !!! 50 Subs in 3 monts !!! DaMn keep it up
නිශාන් සමීර
❤️❤️❤️
Sahan Gayantha
thanks a lot Nishan saho sub ekata
නිශාන් සමීර
❤️❤️❤️
Yasiru Kapurusinghe
පනස් වැනි කඩඉමට සුභ පැතුම් සහෝ!
නිශාන් සමීර
❤️❤️❤️
Harshana Atapattu
Thank you for sub brother
නිශාන් සමීර
❤️❤️❤️
Tharusha Viduranga
Sub ekata thank you bro
නිශාන් සමීර
❤️❤️❤️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
50ට සුබ පැතුම් බොසා.. ❤️