සාදරයෙන් පිලි ගන්නවා යාලුවනේ. මේ තමයි මගේ ආදර කතාව. අපි සුපිරි ධනවත් ඉන්දියානුවෝ. ඒ කියන්නේ රන්ධාවා පරම්පරාව. අපි සුපිරි ලඩ්ඩු අත්තිවාරමක් මත තමයි ගොඩ නැගුනේ. මේවා ඔයාලගේ සාමාන්‍ය ලඩ්ඩු වගෙ නෙවෙයි කියන එක මතක තියාගන්න. මගේ ආච්චි වන් ඇන්ඩ් ඔන්ලි ධන්ලක්ශ්මී රන්ධාවාගේ විශේශ වට්ටෝරුවකට හදපු හාල්පිටි ලඩ…

සාදරයෙන් පිලි ගන්නවා යාලුවනේ. මේ තමයි මගේ ආදර කතාව. අපි සුපිරි ධනවත් ඉන්දියානුවෝ. ඒ කියන්නේ රන්ධාවා පරම්පරාව. අපි සුපිරි ලඩ්ඩු අත්තිවාරමක් මත තමයි ගොඩ නැගුනේ. මේවා ඔයාලගේ සාමාන්‍ය ලඩ්ඩු වගෙ නෙවෙයි කියන එක මතක තියාගන්න. මගේ ආච්චි වන් ඇන්ඩ් ඔන්ලි ධන්ලක්ශ්මී රන්ධාවාගේ විශේශ වට්ටෝරුවකට හදපු හාල්පිටි ලඩ්ඩු. ආච්චි ලේ දහඩිය වගුරුවලා ධන්ලක්ශ්මී රසකැවිලි ව්‍යාපාරය කෝටි ගනනක් බවට පත් කලා. නියම ගැහැනියෙක්! වොන්ඩර් වුමන් කෙනෙක්! ආච්චි කියන විදිහට වතුර බිංදු එකතු වෙලා මුහුද හැදෙනවා පිටි බෝල බෝල එකතු වෙලා ලඩ්ඩු හැදෙනවා.
ආච්චි කසාද බැන්දේ ලුන්ඩ් කෙනෙක්ව. කවල් ලුන්ඩ්. ලුන්ඩ් රසකැවිලි කාරයාගේ පුතා. එයාලගේ ගොඩක්ම තිත්ත වුනා. ඒ කියන්නේ එයාගේ නැන්දම්මා. නැන්දම්මා මායාකාරියක් වුනා. ඒ වගේම සැමියා සම්පූර්නයෙන්ම අසාර්තක වුනා. එයාට ඕනේ වුනේ ව්‍යාපාරිකයෙක්. ඒත් ලැබුනේ ජාවේඩ් ගුල්සාර්ගේ රසිකයෙක්. දවසක්දා නැන්දම්මා ෆොටෝවක රාමු වුනා. ආච්චි ගෙදර ලක්ශ්මී බවට පත් වුනා. ධනලක්ශ්මීට ධනය උපයන්න කොච්චර පිස්සුවක් තිබුනද කියනවනම් එයාගේ පුතාගේ නම තිජෝරි කියලා තිබ්බා. ඇත්තටම මගේ තාත්තගේ නම තිජෝරි. (මුදල් පෙට්ටිය)
ආච්චි ලොකු බයකින් හිටියේ තාත්තත් සීයා වගේ කවියෙක් වෙයි කියලා. ඉතින් එයා තාත්තව සීයගෙන් ඈත් කරලා තියාගත්තා. දවසක්දා සීයා කවි කිය කිය ඉන්න ගමන් අනතුරක් වුනා. අවාසනාවට ඒ හානිය සදහටම පැවතුනා. අසරනයට ඒකෙන් කවදාවත් ගොඩ එන්න බැරි උනා. සමහර වෙලාවට එයාගේ මතකේ එනවා… යනවා. මගේ ආදරනීය සීයා සදහටම සිහින ලෝකයක ජීවත් වෙනවා. ඒ වගේම ධන්ලක්ශ්මී රසකැවිලි ජාත්‍යන්තර සන්නාමයක් බවට පත් වුනා.
ඊට පස්සේ අපේ ගෙදර මගුල් බෙර වැයුනා. අන්තිමේදී ආච්චි අපේ ගෙදර ලොකුම ප්‍රදර්ශන භාන්ඩය ගෙනාවා. ඒ මගේ අම්මා, පූනම්.
‘ කවදාවත් කකුල් අල්ලන්න එපා.
හැමදාම ඔලුව වහගෙන ඉන්න.’
ඒ නැන්දම්මගෙ උපදේශය. අපි පැනි රස ව්‍යාපාරයක් කලත් තිත්ත බව අපේ පරම්පරාවෙන්ම පැවත එන දෙයක් වුනා.
ඉතින් මේ තමයි මගෙ පවුලේ කතාව. එතනින් පටන් ගන්නවා මගේ ආදර කතාව. ඒ කොහොමද කියලා කතාව බලලම දැනගමු.
ඉතින් කරන් ජොහාර්ගේ අධ්‍යක්ශනයෙන් එලියට ආපු අලුත්ම චිත්‍රපටිය තමයි මේ අරගෙන ආවේ. රන්වීර් සිං, ආලියා බාත්, ධර්මේන්ද්‍ර, ජයා බච්චන් ඇතුලු සුපිරි නලු නිලියන් රැසක් දායක වෙනවා. මේක පවුල සහ ආදරය අතරේ දිවෙන කතාවක්. කබි කුශි කබි ගම් චිත්‍රපටියේ ප්‍රධාන සංකල්පය මතක් වෙනවා නියතයි. හැබැයි කරන් ඉතා රසවත් ආකාරයට නව තාලයට ගැලපෙන ආකාරයිට එය හසුරුවා තිබෙනවා. ඒ වගේම මේ අවුරුද්දේ වැඩිම ආදායම් ලබපු චිත්‍රපටි අතරින් හතර වෙනි ස්ථානයේ රැඳෙනවා.
ඉතින් ලස්සනම ලස්සන පරන සහ අලුත් සිංදු රැසක්ම තියෙන මේ චිත්‍රපටිය බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් හමු වෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HDRip පිටපත සඳහා ලබා දී ඇත.
21,677 downloadsDownload Rocky-Aur-Rani-Kii-Prem-Kahaani-2023.zip79 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Rocky Aur Rani Kii Prem Kahaani (2023) Sinhala Subtitles, Rocky Aur Rani Kii Prem Kahaani (2023) Sinhala Sub, Rocky Aur Rani Kii Prem Kahaani (2023)
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
- #2023
- #Alia Bhatt
- #Dharmendra
- #Editor's Pick
- #Indian Box Office Hits
- #Ishita Moitra
- #Karan Johar
- #MaxxA
- #Must Watch
- #Ranveer Singh
- #Rocky Aur Rani Kii Prem Kahaani (2023)
- #Rocky Aur Rani Kii Prem Kahaani (2023) Sinhala Sub
- #Rocky Aur Rani Kii Prem Kahaani (2023) Sinhala Subtitles
- #Shashank Khaitan
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #Sumit Roy
- #You Decide
- #උපසිරැසි
- #දහරා මුතුඅමා
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
9 comments
විමා
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි මුතු ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට සිස්...☺☺♥♥
Sahan Gayantha
thanks a lot sis sub ekata
Udaya Fdo
Thank you
oshanda
thank you sis........
mindika
Thanks !!!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Rocky Aur Rani Kii Prem Kahaani (2023) Sinhala Subtitles | රොකි සහ රානීගේ ආදර අන්දරය… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/10/Rocky-Aur-Rani-Ki-Prem-Kahaani-2023-Cover-2.jpg)
උපසිරසියට බොහොම ස්තුතියි අක්කේ!