Love Sees No Boundaries ආදරේට සීමා මායිම් නෑ කියනවනේ. එහෙම කියන්නේ මොකද ඉතින්, දෙන්නෙක් ආදරේ කරන්න ගත්තම අන්ධයෝ වගේ ආදරේ කරන්න ගන්නවා මිසක්කා බාහිර හේතු කාරණා කිසි දෙයක් ගැන සලකන්නේ නෑ නොවැ. ඔය කියන නොසැලකිල්ල හින්දමනේ දවස ගානේ : අර ආගමේ එකා මේ ආගමේ එකීව බැන්දය, අර කුලේ එකී මේ කුලේ එකාගේ කරේ එල්ලුන…

“ඌ කොලුකාරයෙක් බන්’ “එයා ලෙස්බියන්ලු හලෝ. අප්පිරියයි මට නම් දකිද්දීත්”
සමලිංගිකත්වය බරපතල අපරාධයක් විදිහටයි ඉන්දියාව මෑතක් වෙන තුරුම සැලකුවේ. සමලිංගික පුද්ගලයෙකු වීම හේතුවෙන් මහාචාර්ය සිරාස්ට අත්වුණු ඉරණම, සත්‍ය සිදුවීම් අලලා නිර්මාණය වුණු Aligarh ඔය ඇත්තෝ බැලුවා නම් නොදැන ඉන්න විදිහක් නැහැ. ඒ ආකාරයේ දුක්ඛිත ඉරණමක් ඉන්දියාවේ සියළු සමරිසි අයවලුන් හට හිමි නොකරමින්, ඔවුන්ගේ හැංගි හොරා ජීවිතයට තිත තබමින් 2018 සැප්තැම්බර් 18 වෙනි දින ඉන්දියන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉතිහාසගත තීන්දුවක් ලබා දුන්නා. ඒ, දෙදෙනෙක් අතර ස්ව කැමැත්තෙන් ඇතිවන සමලිංගික සම්බන්ධතාවයක් මින් ඉදිරියට අපරාධය ගණයේ ලා නොසැලකෙන බව ප්‍රකාශ කරමින්. පොට යනවට බය ඇස් තියෙන අයත් වැට පනිනවට බය හිත් තියෙන අයත් සමලිංගිකත්වය තවදුරටත් අප්‍රිය දෙයක්, රෝගයක් විදිහට සලකන අතරේ බොලිවුඩය ඉදිරියට පියවරක් තිබ්බා, ඒ ‘ප්‍රධාන ධාරාවේ සිනමාවෙන්’ සමලිංගිකත්වය සඳහා සහය පල කරන නිර්මාණ බිහිකිරීමට අවකාශය සැලසීමෙන්. පහුගිය වසරේ එලි බැහැපු Ek Ladki Ko Dekha Toh Aisa Laga චිත්‍රපටිය එයට හොඳම නිදසුනක්. ඊට පස්සේ මේ වසරේ ආපු මේ Shubh Mangal Zyada Saavdhan.
කවදත් එකිනෙකට වෙනස් තේමාවන් ඉලක්ක කරගත්තු චිත්‍රපට වලට දායක වෙන ආයුෂ්මන් කුරාණා තමයි නිර්භීතව මේ චිත්‍රපටියට එක් වෙන්නේ. සහය චරිතයට දායක වන්නේ ජිතේන්ද්‍ර. Badhaai Ho චිත්‍රපටියේ කාගේත් ආදරය දිනපු දෙන්නා දෙමහල්ලෝ ගජ්රාජ් රාඕ සහ නීනා ගුප්තා තමන්ගේ රංගන දායකත්වය මෙතනදීත් සපයනවා. පහුගිය පෙබරවාරි මාසයේ 21වෙනි දින සිට තිරගත වෙන්න ගත්තේ විචාරකයන්ගේ ප්‍රසාදයත් දිනාගෙනමයි.
විචාරක ප්‍රසාදය කොහොම වුණත් ප්‍රේක්ෂක ප්‍රසාදය කොහොමද වෙයිද කියන දෙගිඩියාව කාටත් නොතිබුණා නෙමේ. මේ ආයුෂ්මන් කුරාණාගේ චිත්‍රපටියක් කියන එකටත් එහා සමලිංගික තේමාවක් යටතේ දිවෙන චිත්‍රපටියක්. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු මොක වුණත් මිනිස්සුන්ගේ පටු සිතුවිලි වෙනස් කරන්න බැහැනේ. ඉතින් ප්‍රේක්ෂක ආකර්ෂණයක් මේකට ලැබෙයිද කියන ගැටලුව මෙතැනදීමුල් බැහැගත්තා. ඒත් කවුරුත් පුදුමයට පත් කරමින් පළමු දින කෝටි 9.55ක ආදායමක් උපයන්න මේ චිත්‍රපටිය සමත් වුණේ ආයුෂ්මන්ගේ නොසැලෙන තරු ගුණයට පින් සිද්ධ වෙන්න. දෙවැනි දවසෙත් තුන්වෙනි දවසෙත් පිලිවෙලින් කෝටි 11ක් සහ 12ක් ලෙස ලබාගෙන පළමු සති අන්තයේ කෝටි 32ක ආදායමක් සටහන් කරේ කවුරුත් පුදුම කරමින්. හැබැයි ඊට පස්සේ එළඹුණු දවස් වලදී පෙන්නුම් කරපු මන්දගාමී වර්ධනය නිසා තමන්ගේ සමස්ත ආදායාම කෝටි 60ට අඩුවෙන් සටහන් කරන්න මේ සලරුවට සිදු වුණා. එක පිට එක Hits, Super-Hits දුන්නු ආයුෂ්ගෙන් කාලෙකට පස්සේ ‘Semi-Hit’ එකක් ආවේ ඔන්න ඔහොමයි.
ඉතින් මේ උපසිරැසිය මේ තරම් හරි ඉක්මනට ගේන්නේ අපේ දිල්ශාන් කාලිංග මාඝ මහත්තයාගේ දායකත්වය නිසා. අමතක නැතුව ඇති නේද උන්දැව? ඔය මනුස්සයා නැත්තම් මේක තවත් පරක්කු වෙන්න තිබ්බා, මං ටිකක් කම්මැලිකමේ මේක කෙටුවෙත්. ඉතින් ගොඩක් ස්තුතියි කියනවා ඒ දක්කපු දායකත්වයට. එහෙනම් දැන් අවස්ථාව ඔය උන්දලට. එහෙනම් මොහොතකට විනිශ්චයාත්මක නොවී විවෘත මනසකින් බලන්න කියලයි ඉල්ලන්නේ. කවටකම් වලට යටින් හොඳ පණිවිඩයක් දෙනවා. පාවිච්චි කරලා තියෙන රූපක පවා නියමයි. ඒවා ඔක්කොම රහ විඳින්න. එහෙනම්, මේ දවස් ටිකේ වැඩිය එලිපහලියට නොයා පරිස්සමට ඉන්න. අපි ජයගමු මේ කොරෝනා අභියෝගයත්. අමතක නොකර නිතරම අත් හෝදන්න, පිරිසිදුව ඉන්න මෙන්න මේ දෙන්නා වගේ.
අපි ගියා. ජයවේවා!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
10,945 downloadsDownload Shubh-Mangal-Zyada-Saavdhan-2020.zip71 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට සහ “දිල්ශාන් කාලිංග” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
[ මයුර සුරාජ් ]
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-07-11
SUBMAKER RATING BY ADMINS
![]()
[ දිල්ශාන් කාලිංග ]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
34 comments
Anonymous
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
Dilum iranjan
Thank you
Pathmila_kushantha94
Finally
Pubudu@0909
Naluwa dakiddi nobala inna ba.. thanks saho sub ekta
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි දෙන්නටම :) :) ..
ජය වේවා.!MAALnath
Thanks ..............good luck ....................
Ayesh Prashan
Thank You
විමා
දෙන්නටම සබට තුති වේවා
මං හිතන් උන්නේ අර ගොබිල මැරිලා ඇති කියල.Anonymous
bohoma sthuthi uba depalata
indika75
thanks..
isuru srinath sjs
දෙන්නටම බොහොම ස්තුතියි !!!
lakmal
thanks ,ජය වේවා.
Anonymous
sub එකට ස්තුතියි...
ජය වේවා !!Mohomed Irshaad
Sub එකට ස්තූතියි
ආයුෂ්මන් කුරාණා කවදහරි දවසක ඊළඟ ඉම්රාන් ඛාන් වෙනවා.
පට්ට නළුවෙක්. මිනිහා ඉන්න නිසාමයි මේක බලන්න හිතුවේ.Pramukmili
Thanxx bro.............
Kavinu
අයුෂ්ට වඩා ජිතේන්ද්‍රගේ ඇක්ටින් මරු මට නම්
සබට තුති!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Yaan SL
Thanx
Udaya Fdo
Thank you
mindika
Thanks !!!!!!!!!!!!!
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!yohan
thankz
Anonymous
thnx
Tn
We need Suraj Pe Mangal Bhari sinhala SUBS PLS
Anonymous
me too
Udaya
Thanks brooo
Dineth lakshan
Meke subtitles download link eka wada nahane.
thishura
ko meke subtitle file eka?? download karaganna vidiyak nane.
sahangayantha
thanks a lot saho sub ekata
weersekara
මේ සබ් එක ගන්න බෑනේ.මෙහෙම එකක් කියනවානෙ.unconformed කියලා එනවා
Dhananjaya Gamage
Thanq වේවා !
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thnks