Watch Trailer

The Bridge on the River Kwai (1957) | කැළණි ගඟේ පාලම…[සිංහල උපසිරැසි සමඟ]

[box]ඔන්න එහෙනම් අනගි 250 තුල ඇති මම උපසිරැස සමග අරගෙන එන දෙවෙනි නිර්මාණය. මේක බොහොම විශේෂ චිත්‍රපටයක්, නමින් The Bridge on the River Kwai. ඒ කියන්නෙ ක්වායි ගඟේ පාලම. නමුත් අපි යොදල තියන සිංහල නම “කැළණි ගඟේ පාලම”. එහෙම කලේ වැරදිලා එහෙම නෙමෙයි. දෙවෙනි ලෝක යුද්ධය පසුබිම් කරගනිමින් 1952 ප්‍රංශ ලේඛක Pi…

The Bridge on the River Kwai (1957)ඔන්න එහෙනම් අනගි 250 තුල ඇති මම උපසිරැස සමග අරගෙන එන දෙවෙනි නිර්මාණය. මේක බොහොම විශේෂ චිත්‍රපටයක්, නමින් The Bridge on the River Kwai. ඒ කියන්නෙ ක්වායි ගඟේ පාලම. නමුත් අපි යොදල තියන සිංහල නම “කැළණි ගඟේ පාලම”. එහෙම කලේ වැරදිලා එහෙම නෙමෙයි. දෙවෙනි ලෝක යුද්ධය පසුබිම් කරගනිමින් 1952 ප්‍රංශ ලේඛක Pierre Boulle අතින් ලියැවුණු පොතක් ඇසුරින් තමයි මෙය සිනමාවට පැමිණෙන්නෙ. එය තනන්නට සුදුසු තැනක් සොයා ගිය නිෂ්පාදකයන් හට තමන් සෙවූ තැන හමුවුණේ සුන්දර ලංකාවෙන්. ඒ තමයි කිතුල්ගල. කැලණි ගඟ හරහා කිතුල්ගල තැනූ මේ පාලම තමයි කතාවට ප්‍රධාන වන ස්ථානය බවට පත් වුණේ. අන්න ඒක නිසා තමයි සිංහල නම එහෙම යොදන්න තීරණය කලේ. IMDB දර්ශකයේ 8.3ක අගයක් ලබාගෙන Top 250 අතර 100 වැනි තැන හිමිකරගෙන අපේ රටේ හදපු චිත්‍රපටය සමත්වෙලා තියනව.

මේ චිත්‍රපටය අතිශය සාර්ථක වුණේ ප්‍රමුඛතම ඔස්කා සම්මාන 5න් 4කටම හිමිකම් කියන්නට තරම් සමත්කම් පාමින්. ඒ හොඳම චිත්‍රපටිය/ හොඳම අධ්‍යක්ෂණය/ හොඳම නළුවා/ හොඳම තිරරචනය යන සම්මාන 4ම හිමිකර ගනිමින්. 5න් අහිමිවුණේ හොඳම නිළිය පමණයි. ඒකට හේතුව මේකෙ එවන් චරිතයක් නොමැතිවීම. ලොව බිහිවූ විශිෂ්ටතම සිනමා කාර්යයක් ලෙස අදටත් අගය කරන මේ චිත්‍රපටය එතරම් උසස් තත්ත්වයක් හිමිකර ගත්තා වුණත් මෙහි තිරයෙන් පි‍ටුපස කතාව මීට හාත්පසින්ම වෙනස්. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වුණේ David Lean, ප්‍රධාන නළුවා Alec Guinness. මේ දෙදෙනා කලක් ගජ මිතුරන්ව සිටි අයවළුන්. ඒත් මේ සිනමාපටය තැනෙන කාලය වනවිට ඔවුන් බද්ධ වෛරයෙකිනුයි පසුවුණේ. නමුත් අධ්‍යක්ෂකවරයා කවුද කියන එක නිෂ්පාදන ආයතනයේ තීරණයක්! අනෙක් අතට ප්‍රධාන නළුවා කවුදැයි තේරීම නළුවරණ ශිල්පියාගේ තීරණයක්! ඊට බලපෑම් කිරීමට ඔවුනට හැකියාවක් ඇත්තෙ නෑ. එනිසා තම තමන්ගේ තරහයන් ගෙනහැර දක්වලා මින් ඉවත්වන්නට ඔවුනට නොහැකි වුණා. හේතුව නිෂ්පාදන ආයතනය හා දෙදෙනාම ගිවිසුම් අත්සන් කොට අවසන්ව පැවතීම.

ඉතින් ගිනස් ගේ රූගත කිරීම් කල් දමන්නට ලීන් කටයුතු කළේ, හැකි අයුරින් තරහව පිරිමසාගැනීමේ අදහසින්. මොකද ඒ තීරණය තනිකරම අධ්‍යක්ෂකවරයා සතු දෙයක්නෙ. ගිනස්’ව කල්තියා ගෙන්වා ගෙන හැම උදෑසනකම කාලසටහනක් ලබා දෙමින් ඔහුට වහා රූගත කිරීමකට සූදානම්ව සිටීමට සැලැස්වීම තමයි ලීන් ගෙ දඬුවම. ගිනස්’ට කිසිදු විවේකයක් නැහැ; ලීන්ගෙන් කිසිදු බුරුලකුත් නැහැ; මදිවට ඇති වැඩකුත් නැහැ :P. ඔහොම සතියක් හමාරක් යනකොට ගිනස්’ට තවත් ඉවසන්ඩ බෑ. ඔහු මේ ගැන නිෂ්පාදන ආයතනයට දැනුම්දීලා, තමන් මේ නිර්මාණයෙන් ඉවත්වන බව හෙළි කර සිටියා. දැන් ආයතනය අලි අමාරුවක වැටිලා. ඔහුගේ ගෙවීම කර අවසන්. චිත්‍රපටයේ රූගත කිරීම් අඩකින් පමණ අවසන්. එනිසා මේ ගැන අධ්‍යක්ෂකවරයාගෙන් විමසුවාම ඔවුනට ලැබුණේ හරි අපූරු පිළිතුරක් ;). ඔහු කීවේ ගිනස් පෙනී සිටින පළමු දර්ශනය සඳහා අවැසි මානසිකත්වය ඔහු තුළ ඇති කිරීමට එවන් උපක්‍රමයක් අනුගමනය කළ බවක්. සැබැවින්ම ඔහු පෙනී සිටි පළමු දර්ශනය ඉතා අසීරු වූවක්! සිනමා පටයේ තිබූ අසීරුතම නිරූපණයක්! කෙසේ හෝ එය ඉතාම සාර්ථකව නිමකරන්නට ඔවුනට හැකි වුණා. එක රූගත කිරීමකින්ම වැඩේ ගොඩ. කොහොමින් කොහොමින් හරි තම තමන් එකිනෙකා හා කොතරම් තරහකින් වෛරයකින් පසුවුණත් ඉන් පසුව දෙදෙනාම මේ කටයුත්ත හරියාකාරව සම්පූර්ණ කරන්නට එකාවන්ව කැපවුණා. තමන්ගේ තරහවන් පිරිමසා ගන්නට සිනමාපටය බිල්ලට ගත්තේවත් එය කඩාකප්පල් කර අනෙකාගෙන් පළි ගන්නටවත් සිතුවේ නෑ. එය තමයි ඔවුනගේ වෘත්තීයත්වය. කොහොම වුණත් අන්තිමේ මේ සතුරන් දෙදෙනා එකම වේදිකාවක් මත වසරේ හොඳම අධ්‍යක්ෂකවරයා සහ වසරේ හොඳම නළුවා ලෙස ඔස්කා සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ ඔවුනගේ එකමුතුවේ සම්මිශ්‍රණයේ අනගි ඵලයේ විශිෂ්ටත්වය අවධාරණය කරමින්.

පෙර කිවූ සම්මාන 4ට අමතර වශයෙන් හොඳම සංගීත සංයෝජනය/ හොඳම සංස්කරණය/ හොඳම රූපගතකරණය යන අංශයන්ට අදාල ඔස්කා සම්මාන ත්‍රිත්වයත් සමග මුලු සම්මාන 7ක් ලබාගෙන තරම් මෙය උසස් නිර්මාණයක්.

හරි දැන් තිරයෙන් පිටුපස හිටිය ඇති, තිරය ඉදිරියෙ ඉඳගමු බලන්න: දෙවෙනි ලෝක යුධ සමයෙ යුධ සිරකරුවන් යොදාගෙන විවිධ යුද්ධයට අවශ්‍ය ඉදිකිරීම කරවා ගැනීම බොහොම බහුලව දකින්න ලැබිල තියනව. ඉතින් එහෙම යටත් කරගනිපු බ්‍රිතාන්‍ය හමුදා අණු කණ්ඩයක් ක්වායි ගඟේ පාලම නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියට යොදාගන්න එවනු ලබනව කඳවුරු අංක 16 වෙත. කඳවුරේ අණදෙන නිළධාරිය කර්නල් සෙයිටෝ, ඔහුට ඉහළින් ලැබිල තියන නියෝග අනුව පාලම මැයි 12 වැනිදාට පෙර හදන්න ඕනෙ නැත්නම් ඔහුට…… සිද්ධවෙනව. සිරබාරයේ පසුවන බ්‍රිතාන්‍ය බලගණයේ අණදෙන නිළධාරිය කර්නල් නිකොලසන් තමන්ගේ සෙබලුන්ට බොහෝ සෙයින් ආදරය කරන, නිති රීති වෙනුවෙන් තම ජීවිතය පවා කැප කිරීමට සූදානම් හමුදා නිළධාරියෙක්. සෙයිටෝගේ නියෝගය නම් බ්‍රිතාන්‍ය නිළධාරීන් සාමාන්‍ය සෙබලුන් සමග කම්කරු සේවයේ නිරත වෙන්න ඕනෙ කියන එක, නමුත් ජිනීවා ප්‍රඥප්තියට අනුව ඒක තහනම් කරපු දෙයක්, කර්නල් නිකොලසන් ඒක පෙනවා දෙනව… නමුත් සෙයිටෝ ඒක අහන්නෙ නැහැ. ඔන්න දැන් තමා සෙල්ලම පටන් ගන්නෙ…. අන්තිමට සෙයිටෝ තමන්ගෙ කාමරේ අඬනව. කොහොමෙන් කොහොම හරි මේ කදවුරු අංක 16 හදපු කෙනෙක් පැනල යනව. ඔහු ඇමරිකානු නාවුක නිළධාරියෙක්….. එහෙම කියනව ඒකත් ඔයාලම බලා ගන්න එයා එනව 316 බලගනය කියන විශේෂ ඒකකය එක්ක ආපහු කැලයට පාලම පුපුරවන්න. ඔය අතරෙ සයිටොට ඇඬෙන්න ගහන අපේ කර්නල් නිකොලසන් තමගේ මිනිස්සු හොඳට පාලනය කරගෙන පාලම පුපුරවනව. ඔහුට එකඟ නැති නිළධාරීන් ඔහු ලඟම ඉන්නව, ඒ තමයි….. අර තිබ්බ හිස් තැන් සම්පූර්ණ කරගෙන බ්‍රිතාන්‍ය සොල්දාදුවො කලට වෙලාවට වැඩ නිම කරාවිද? 316 බලගනය කොහොම වැඩේ කරයි ද? අන්තිම මොහොතේ කොහොම වැඩේ ගැස්සෙයි ද? කියන ප්‍රශ්න වලටත් පිළිතුරු ඔයාලම හොයාගන්න. මට අන්තිමට කතාව ගැන කියන්න තියෙන්නෙ පහල තියන වාක්‍ය තමයි.

“මේ කැලෑවෙ හැම මොහොතකම බලාපොරොත්තු විය නොහැක්කක් සිදුවිය හැකී.”

ඕන් දැන් මේක අපිට වැදගත් වෙන විදිහත් පොඩ්ඩක් බලමු. මේක අපේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතා සිනමාකරණයට සම්මාදම් වන්නට වරම් ලද ප්‍රථම චිත්‍රපටය වීමත් සහ ලංකාවේ ශිල්පීන් බොහෝ දෙනෙක් මේ සඳහා දායක වීමත් යන කාරණය. ඒ අතර වත්මන් සිනමා අධ්‍යක්ෂකවරයෙකු වන චන්ද්‍රන් රත්නම් මහතාත් සිටිනවා. ඒ වගේම මෙහි පාලම පුපුරවා හරින දර්ශනය එවකට අගමැතිව සිටි බණ්ඩාරනායක මහතාගේ සහභාගීත්වය සහිතව සිදු කර තිබෙනවා. තව තව රස කතා බොහෝමයි. ඒ ගැන වැඩි විස්තර විකිපීඩියා පි‍ටුවෙන් බලන්ඩකෝ.

මේක මම කරපු අමාරුම උපසිරැසක්. පේළිවල දිග දැක්කහම ඔයාලට පෙනේවි. අපි මේ ලබාදීල තියන 1GB කොපිය ගැන නොකියම බැහැ. බොහොම අගනා පිටපතක් ඉතාම ඉහළ ගුණාත්මක බාවයක් තියනව. බය නැතුව බාගන්න ඇහැකි ඔයාලට. අද ලිපිය හරිම දිගයි. ඒකට සමාවෙන්න. මේක අපේ රටේ දෙයක් නිසා කියන්න නම් තව කරුණු බොහොමයි, නමුත් කොහිද ඒවට ඉඩක්. මේ චිත්‍රපටය මට ලාබාදිපු අපේ විකිය සහෝදරය වගේම, අර තිරයෙන් පිටුපස කතා පිළිබද තොරතුරු ලබාදීපු අපේ උදා සහෝදරයට ස්තුතියි වන්ත වෙන ගමන් මම යනව එහෙනම්, තව අනගි 250 බයිස්කෝප් එක්ක එක්ක හමුවෙමු වෙලාවක, හැමෝටම ආයුබෝවන්. කමෙන්ට් එක්ක දාලම යන්න හොඳේ….

1.0 GB කොපිය මෙතනින් බාගන්න 3459292dfd8e05765e8ea9276442a4dc228b0b59 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,713 downloadsDownload The-Bridge-on-the-River-Kwai-1957.sinhala.sub_.baiscope.lk_.rar46 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

3,713 downloadsDownload Subtitles46 KB

83 comments

  1. nilupa

    pattatattaaa

  2. පිස්සු පුසා

    අනිවා බලන්න ඔනේ මෙක නොබලපු ඇස් කුමකටද?

  3. uda

    ෂාහ් මේ දීල තියෙන්නේ මේක...

    හැමදාම නෑ! හැමතැනම නෑ! only on baiscopelk ;)

    සමීර මලයා මේ වෙන මහන්සිය ගැන කොහොම කිව්වත් මදි වගේ...
    කට්ටියට සුපිරි දේවල් අනගි දේවල් ගෙනැත් දෙන්ඩ, දවල් රෑ නැතුව මේ වෙනුවෙන් මහන්සි වෙනවා. කොච්චර මහන්සි වෙනවද කිව්වොත් අනික් අමාරුකම් පැත්තක දාලා අපි වෙනුවෙන් මේවා කරන්නේ...

    අනිවා එකම ලාභය හිතේ සතුට, ඒ සතුට ලැබෙන්නේ කමෙන්ට්වලින් කරන අගය කිරීම් ස්තුති කිරීම් දැකලා නිසා කවුරුත් ස්තුති ප්‍රශංසාවකින් මේ වැඩේ අගය කරමු නේ? හොද මිනිස්සුන්ට තව තව දහිරිය දෙන්ඩ අපි වගබලා ගන්නවනම් ඒක කාටකාටත් යහපතක්ම වෙන බව නොඅනුමානයි!

    අලුත් පරණ බේද නැතිව සුපිරිම චිත්‍රපටි ගේනවට උඹට ගොඩාක් ස්තුතියි කොල්ලෝ. මේ වගේ විශේෂ හේතුවක් නෙමෙයි කීපයක්ම කැටි කරගත් එකක් ගෙනාවට දහස් වාරයක් තුති! ජයෙන් ජය!

  4. ositha

    supiri wadak machan lipiyath supiri

  5. lasidu

    පට්ටම එකක් නේ ලොවෙත් නෑ මචං මල් 7

  6. mihin ලංකා

    ලංකාවේ හදපු සුපිරි ෆිල්ම් එකක් තියෙන බව දන්නෙත් දැන්, මැක්සා බයිස්කෝප් එක නම්

  7. quik

    thanks

  8. naleen

    adoooo maxxane machan thawath hoda awa hoyala danna

  9. tharanga

    මේක නොබලා කොහොමද ඒ කාලේ ලංකාවේ හැටි බලන්නත් හැකි නේ . සුපිරි

  10. chami

    thnxxxxxxxxxxxxxxxxxxxx

  11. elakiri

    වටිනා වැඩක මචං :) එල

  12. Janaka Dissanayake

    elama thama maxxa…niyama wadak….jaya wewa

  13. සිංහලයා

    නියමම ෆිල්ම් එකක් මේක අනිවා බලන්න හැමෝම සිංහල කට්ටිය විදියට. ජය

  14. උදාර

    නියමෙට ලියලා කතාව .. බයිස්කෝප් එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ හැම හොද වැඩටම මුල පුරපු තැනක්. ඉදිරියටත් හොද නිර්මාණ අපේ ජනතාවට සමීප කරන්නට ශක්තිය ලැබේවා!

  15. zumo man

    elazzzz thnzzzzz

  16. Fernando

    supirima ano 1ke wadak :D

  17. shann

    පට්ට පතුරු ෆිල්ම් එකක් නේ
    ජය

  18. jeewantha

    hoda films subs dala dena aka thxz

  19. ositha

    ela machan :P

  20. was

    අනිවා බලනවා.මේ ගැන කිවුව එකට පින්

  21. ganidu

    නියමා...... යි සහෝ

  22. samaith4

    sri lanka wala hadapu akak nobala kohomada.aniwa adama dwn unoth balanwa.thxxxx

  23. ishara

    elane kollo patta

  24. chamath cafe

    බොහෝ පින් මේ වගේ අගනා ෆිල්ම් එකක් සබ් දාලාම දුන්න එකට

  25. fd

    mxxaa :D

  26. amilatk

    jayen jayama wewa!!!!!

  27. h[A]s

    ඔයාගේ සබ් හොදයි මේ වැඩේ දිගටම කරමු..

  28. kalinga

    ලොවෙත් නෑ කියන්නේ පට්ටම පට්ට, මේ වගේ අපිට වැදගත් ෆිල්ම් එකක් දුන්න එකට බොහොම පින් ..මට ඇත්තටම ආස ඒ කාලේ ලංකාවේ පසුබිම හැටි දැකගන්න..

    ජය

  29. g-a-n-d-u

    එලස් බාන්න දැම්ම.සුපිරි කියලා වැඩක නෑ

  30. අසංක

    අගනා ෆිල්ම් එකක් සහෝ. අගය කරනවා වැඩේ.

  31. akila

    මැක්සා :)

  32. rusuru | රුසිරු

    ලොවෙත් නැත මැක්සා........වැඩක් මේක නම්

  33. දිනුක මධුශාන්

    මේ වගේ වටිනාකමක් තියන පැරණි චිත්‍රපටි හොයලා සිංහල උපසිරසිත් එක්කම අපි වෙත ගෙනාවට බොහොම ස්තුතියි සහෝ, ලංකාවේ රූගත කරපු ලංකාවේ ශිල්පීන්ද දායක වුන චිත්‍රපටයක් නිසා අපිටත් ආඩම්බරයක්.

  34. දිදුල Kd සිල්වා

    පට්ටම ෆිල්ම් එකක් මචෝ.. බොහොම ස්තූතියි සිංහල සබ් වලට.. මීට කලිනුත් මම මේ වගේ දීපු හුඟක් පරණ චිත්‍රපටි කීපයක් බැලුව. ඇත්තටම ඒ වගේ චිත්‍රපටි මෙහෙම නොදුන්නා නම් අපිට ඒව මග හැරෙනව. හුඟක් වෙලාවට අපි හොය හොය ෆිල්ම් බලන්නෑනෙ. විශේෂයෙන්ම එහෙම කරන්න වෙලාවක් ලැබෙන්නෙ නෑනෙ. දෙන දේ හොඳනම් අරන් බලන එකනෙ කරන්නෙ.. ඒ නිසා මේවගේ ඒවත් දෙන එක නම් ෆට්ටයි.. ජය වේවා෴

  35. දිමුතු තරංග ඉලුක්කුඹුර

    මේ වගේ අපේ රටේ රූපගත කරපු නිර්මාණයක් තියෙනවා කියල දන්නෙත් අදයි, ඇත්තටම මෙවැනි වටිනා නිර්මාණයක් අපිට සිංහල උපසිරසි සමගම ලං කරපු එකනම් බොහොම පිං වැඩක් සහෝ,මාමා අදම මේක බලන්න ඕනි දැන් බාගත වෙන්න දැම්මේ,
    විනාඩි 28න් බාගන්න පුළුවන්,කොහොම උනත් නැවතත් පිං, ජයමවේවා.

  36. “චූටී මල්ලි”

    අම්මෝ අලිපත පෝස්ට් එකක් කරලා තියෙන්නෙ
    අගෙයි අගෙයි
    තව හොද එව්වට දෙන්න
    ඔබට ජය

  37. නලියා

    නියමයි සමීර නියමයි..
    කියලා වැඩක් නෑ..

    මෙච්චර කල් තිබ්බ ලොකු අඩුවක්.. ඔයා පිරෙව්වා
    ජය වේවා..

  38. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ela ela maxxa wadak... aniwaaa balanawaaa ape ratema karapu ekak hinda.... thanks saho... lagadi oyaage vehicle 19 baluwa.... pattayi hode....

  39. sura

    නියමයි මචං මම මේ ෆිල්ම් එක බලන්නමයි හිටියෙ.මම බැලුවා පාලම හදලා තිබුන තැන කිතුල්ගල රාෆ්ටින් එකකට සෙට් වෙලා ඟඟේ යන කොට බලන්න පුලුවන්.ලංකාව සුන්දර ලස්සන රටක්...........ලෝකයා දැනගත යුත්තේ එපමනයි.........................................

  40. සචිත උදාර

    ලංකාවේ හැදුවා නම් බලන්නම එපැයි! තෑන්ක්ස්...!

  41. vernie

    ammo sathute baha meka dunna ekata

  42. කේ.යු.ජී.උදාර

    කාලෙක ඉඳන් බලන්න හිතන් ඉන්න ‍ෆිල්ම් එකක්......
    මේක සිංහල එක්ක ගෙනාවට බොහොම ස්තූතියි සමීර

  43. Siraj priyantha

    Supiri saho.mekata unu mahansiyata godak pin saho.lankaweth me wage film hadala tiyena kiya denagaththeth oyalagen."baiscope" nam elama thama.

  44. Dhanuka

    Thank u very much brother.

  45. හසන්ත වික්‍රමරත්න

    සමීරගෙන් තවත් උදාර සේවයක්. කියන්න තියෙන්නේ අතිවිශිෂ්ඨයි කියල තමයි. ඇත්තටම මේ ගැන නොදන්න අයත් ඉන්නවා කියලා දැක්කේ කොමෙන්ට වලින් ඒ වගේම තව චිත්‍රපටියක් කලා ඉන්දියානා ජෝන්ස් කතා මාලාවේ එකේ අපේ ශිල්පීන් පවා රංගනයෙන් දායක උනා. මට මතකයි දෙනවක හාමිනේ එහෙමත් හිටියා. ඒක කලේ ලංකාවේද කියල නම් මතක නැහැ. දන්නේ නැහැ අපේ සයිට් එකේ ඒක දීලද කියලත්. කොහොම උනත් වැඩේ නම් සුපිරි මල්ලි.

  46. ශාන් විමුක්ති [වීමා]

    අම්මාහ්හ්හ්!!! :P
    එලකිරි ලිපිය මචෝ..
    එලකිරි ඕප-දූප ටිකක් ලියල තියනවනෙ
    එහෙමනම් ජයෙන් ජය වේවා මචෝ, උපසිරසියට බොහොම ස්තුතියි සමීර සහෝ!!!!
    ජය වේවා! :D

  47. Vidush

    elama thami machooooooooooooooooooo. thnax aniwa balanaw.

  48. Akalanka

    සෑහෙන කාලෙක ඉඳන් හොය හොයා හිටිය එකක්!
    Thank You Very much...........

  49. ij

    thanks and i like to take this link for our blog

  50. mayya

    නියමයි මචෝ ... සුපිරි

Load more comments