Watch Trailer

The Great Battle (2018) Aka Ansisung Sinhala Subtitles | අන්සි බලකොටුවේ මහා සටන [සිංහල උපසිරසි]

2018 වසරේ සැප්තම්බර් මාසයේ තිරගත වූ, ඓතිහාසික- සත්‍ය- වීර කතා තේමාවක් රැගත් සම්මාන දිනූ විශිෂ්ට කොරියානු සිනමා නිර්මාණයක් තමයි ‘The Great Battle 2018’. කොරියන් වලින් චිත්‍රපටයේ නම තමයි ‘안시성’ (අන්සිසොං). අපි හැමෝම දන්නවනෙ මානව ඉතිහාසය කියන්නෙම යුද්ධවල ඉතිහාසය කියන එක. විවිධ කාලවල කරපු සහ අදටත් කෙරෙන…

2018 වසරේ සැප්තම්බර් මාසයේ තිරගත වූ, ඓතිහාසික- සත්‍ය- වීර කතා තේමාවක් රැගත් සම්මාන දිනූ විශිෂ්ට කොරියානු සිනමා නිර්මාණයක් තමයි ‘The Great Battle 2018’. කොරියන් වලින් චිත්‍රපටයේ නම තමයි ‘안시성’ (අන්සිසොං).

අපි හැමෝම දන්නවනෙ මානව ඉතිහාසය කියන්නෙම යුද්ධවල ඉතිහාසය කියන එක. විවිධ කාලවල කරපු සහ අදටත් කෙරෙන බොහෝ යුද්ධවලට හේතු වෙලා තිබෙන්නෙ දේශසීමා අර්බුද, ආර්ථික සම්පත් බෙදාගැනීමේ අර්බුද, ආගමික හෝ සංස්කෘතික වෙනස්කම් නොඉවසීම නිසා ඇතිවුනු ප්‍රශ්න සහ ආගමික හෝ සංස්කෘතික ආධිපත්‍යය පැතිර වීම වගේ විවිධ හේතු.

ඉතින් මේ ‘The Great Battle 2018’ චිත්‍රපටයේ කතාවට පාදක වෙලා තියෙන්නෙ අද වර්තමානයේ කොරියාව නමින් හැඳින්වෙන, එකල කොකුර්යෝ හෙවත් කොර්යෝ නමින් හැඳින්වුන කොරියානු රාජධානියට එරෙහිව ක්‍රි .ව. 07 වන සියවසේදී චීනය කේන්ද්‍ර කරගත් ටයිසොං අධිරාජයා දියත් කළ ආක්‍රමණය හමුවේ දේශසීමාවේ පිහිටි කොකුර්යෝ බලකොටු එකිනෙක බිඳවැටෙද්දී, ආඥාපති යං මන්චුන් යටතේ පැවති අන්සි බලකොටුව ඔහුගේ උපායශීලී නායකත්වය හමුවේ ආරක්ෂා කරගැනීමට මෙහෙයවන දින 88ක වික්‍රමාන්විත සටන.

අන්සි බලකොටුවේ ආඥාපති යං මන්චුන් ගේ උපායශීලීත්වය බලද්දි, සිහියට එන්නෙ අපි සිංහල සාහිත්‍යය ඉගෙන ගනිද්දී කියවපු පන්සිය පනස් ජාතක පොතේ එන උම්මග්ග ජාතක කතාවෙ මහෞෂධ පඬිවරයා සතුරාගේ ශක්තිය කොතරම් ඉහළ උවත්, සතුරා නොමග යවමින් උපායශීලීව තම නගරයත්, රටවැසියනුත් ආරක්ෂා කරගන්න දරන උත්සාහය.

පන් දහසක බලඇණියක් ඉන්න අන්සි බලකොටුවේ ආඥාපති යං මන්චුන්ට සිදුව තිබෙන්නෙ දෙලක්ෂයක හමුදාවක් රැගෙන අන්සි බලකොටුව ආක්‍රමණය කරන්න එන ටයිසොං අධිරාජයා එක්ක සටන් කරන්න. නමුත් ඔහුට තිබෙන්නෙ ටහිසොං එක්ක සටන විතරක් නෙමෙයි. කොරේ පිටට මරේ කිව්ව වගේ, කොකුර්යෝවේ අගනුවර ඉන්න ජෙනරල් යොන් එක්ක තිබෙන ආරෝවත් ඔහුට මේ වෙලාවේ බාධාවක් බවට පත්වෙනවා. මොකද කියනව නම්, ජෙනරල් යොන් හරහා කොකුර්යෝ අගනුවරින් ආධාරක බලඇණි ඉල්ලලා ගෙන්න ගන්නවත් ඔහුට හැකියාවක් නෑ. අන්සි බලකොටුවේ ආඥාපති යං මන්චුන් හා ජෙනරල් යොන් අතර තිබෙන ආරෝව පටන් ගත්තෙ කොහොම ද කියලා කියනව නම්, කලින් වතාවෙ ටයිසොංගෙ හමුදාව එක්ක කරපු දේශසීමා සටනෙදි ටයිසොංගෙ හමුදාව එල්ල කරපු දැවැන්ත ප්‍රහාරය හමුවේ අන්සි බලකොටුවේ ආරක්ෂාව වෙනුවෙන් ජෙනරල් යොන්ගේ අණට අකීකරු වෙලා තම බලඇණිය එම සටනේ සහභාගීත්වයෙන් ඉවත් කරගන්න අන්සි ආඥාපති යංමන්චුන්ට සිදු වුනා.

ඒ වෙනකොට දේශද්‍රෝහී වීමේ චෝදනා යටතේ හමුදා කුමන්ත්‍රණයක් මගින් රටේ රජුව ඝාතනය කරලා, ජෙනරල් යොන් යටතේ තමයි රට පාලනය වුනේ. ඒ මොහොතෙ ඔහු සියලු ආඥාපතිවරු කැඳෙව්වම, අන්සි ආඥාපති යං මන්චුන් ඊට සහභාගි වුනෙත් නැහැ. මේ නිසා තමන්ගෙ අණට පිටුපාපු යං මංචුන්ව ද්‍රෝහියෙක් විදිහට නම් කරලා, ඝාතනය කරන්න ජෙනරල් යොන් අන්සි බලකොටුවේම හැදී වැඩුණු, ඒ වෙන කොට කොකුර්යෝ අගනුවර කැඩෙට් නිලධාරී පුහුණු පාසලේ ඉගෙන ගනිමින් සිටියදීම සටන්බිමට යමින් සක්‍රීයව දායක වුනු සමුල් නම් දක්ෂ තරුණ නිලධාරියා එවන්න කටයුතු කරලා තිබුණා.

තමන් ඝාතනය කරන්න තම බලකොටුව ඇතුළටම රිංගල ඉන්න සමුල් නිලධාරියා, අන්සි බලකොටුවේ ප්‍රාකාරයෙන් පිටත පෙළ ගැසී සිටින ශක්තිමත් සහ ලක්ෂසංඛයාත ටයිසොං ගේ හමුදාව, මේ සියලු අවිනිශ්චිතතා-අභියෝග මැද්දෙ තිබෙන අන්සි ජනතාවගේ ජීවිත ඉරණම ඔහු කෙසේ විසඳයි ද?

ඉතින් මේ විශිෂ්ට කතා තේමාව රැගත් විනාඩි 136 ක් පුරාවට දිවෙන මෙම චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා බිඳහෙළීමට සමත් වෙන එක නම් අරුමයක් නෙමෙයි. IMDB දර්ශකයේ 7.0 ක අගයක් ලබා ගන්නත් මෙම චිත්‍රපටය සමත් වෙලා තිබෙනවා.

වැඩි විස්තර නොකියා, ‘බයිස්කෝප් සිංහලෙන්’ වෙබ් අඩවිය හරහා ගෙනෙන සිංහල උපසිරැසි සමග මෙම චිත්‍රපටය නරඹන්නත් ඔබට ආරාධනා කරන ගමන්, සිංහල උපසිරැසි BR 720 පිටපත් සඳහා අදාළ බවත් මතක් කරනවා.

යළිත් ලස්සන චිත්‍රපටයක සිංහල උපසිරැසියකින් හමු වෙමු. එතෙක් ඔබට ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා  අදාළ වේ.

6,941 downloadsDownload The-Great-Battle-2018-Aka-Ansisung.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමයන්ත මුණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2021-02-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

6,941 downloadsDownload Subtitles34 KB

22 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Anonymous

    Patta bro
    Tha sub aran enna

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  5. prabhasoft

    Thank You Bro...!!!

    1. Anonymous

      මාත් හිතුවෙ ඒක හිද අදහසක්.

  6. pasan

    Thnak you machan. admins meke download button eka gawin podi like button ekek wage danawanam hodai neda. aththatama download karan yanawa torrent eka araganna. comment karanna amathaka wenawa machan, mukuth hitannepa comment nodammata. pahalata awilla yanna onine wenama. nattam download eka pahalin danna tibba nam comments eka.

    1. Anonymous

      මාත් හිතුවෙ ඒක හොද අදහසක්. Download Button එක ගාවම තියෙන එක. හොදට පේන්න.

    2. Aravinda

      Thank you bro

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  8. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  9. Anonymous

    niyamai

  10. Dewadithya

    Thanks for sub!

  11. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  12. kt

    පුලුවන් නම් city hunter (2011) drama series එකට Sinhala sub දාහනවද ?

  13. podda

    thanks bro!!!!!

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. black tiger

    supiri film ekak..aniwaryen balanna .....supiri

  16. Pavith Wijesooriya

    සුපිරී ෆිලුමක්.බොහෝම ස්තූතියි සබ් එකට.දිගටම මෙවැනි චිත්‍රපටි සදහා උපසිරසි ලබා දෙන්න....

  17. Lakshansilva18

    thanks for sub

  18. nilanka1212

    thanks

  19. Krishani

    Thank you ️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.