ඔන්න යාළුවනේ මෙදා පාර ඔයාලට ගෙනාවේ මේ අවුරුද්දේ තිරගත වීම ඇරඹුන බොක්ස් ඔෆිස් වාර්තාවකටත් හිමිකම් කියන සුපිරිම චිත්‍රපටියක්. ඒ වගේම මෙච්චර කාලෙකට මට උපසිරැසි ගන්වන්න ලැබුන වැඩිම දෙබස් ගානක් තියෙන චිත්‍රපටියත් මේක තමයි.. දෙබස් පේලි 3300කට අධික ප්‍රමාණයක් උපසිරැසි ගන්වන්න තිබුන මේ චිත්‍රපටිය උපසිරැසි…
ඔන්න යාළුවනේ මෙදා පාර ඔයාලට ගෙනාවේ මේ අවුරුද්දේ තිරගත වීම ඇරඹුන බොක්ස් ඔෆිස් වාර්තාවකටත් හිමිකම් කියන සුපිරිම චිත්‍රපටියක්. ඒ වගේම මෙච්චර කාලෙකට මට උපසිරැසි ගන්වන්න ලැබුන වැඩිම දෙබස් ගානක් තියෙන චිත්‍රපටියත් මේක තමයි.. දෙබස් පේලි 3300කට අධික ප්‍රමාණයක් උපසිරැසි ගන්වන්න තිබුන මේ චිත්‍රපටිය උපසිරැසි ගැන්වීම සඳහා ආසිරි ප්‍රියන්ත සහෝදරයගෙන් මට ලොකු සහයෝගයක් ලැබුනා. ඇත්තටම ආසිරි නොහිටින්න මම මේ චිත්‍රපටිය උපසිරැසි නොගන්වා ඉන්නත් ඉඩ තිබුනා. ඒ වගේම මේ චිත්‍රපටියට උපසිරැසි ගැන්වීම පහසු කර දුන් සමීර කරුණාරත්න සහෝටත් ස්තූති කරන්න ඕන. සමීර සහෝදරයගෙ උදව්වෙන් තමයි මේ චිත්‍රපටියේ උපසිරැසි පේලි 700ක් විතර එකතු කරලා අඩු කර ගන්නත් පුළුවන් කම ලැබුනේ.
මේ අවුරුද්දේ ජූනි 28 ඇමරිකාවේ තිරගත වීම ඇරඹුනු මේ චිත්‍රපටිය තිරගත වූ මුල් සතියේ විතරක් ඩොලර් 39,115,043.00 ක ආදායම් වාර්තාවක් තියන්න සමත් වෙලා තියෙනවා වගේම මේ වෙනකොට මේ චිත්‍රපටියේ ආදායම ලෙස ඩොලර් 159,403,244.00 ක් වාර්තා වෙනවා. IMDb වෙබ් අඩවියේ 6.7/10ක ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි අතර 54 වෙනි ස්ථානයේ රැඳී තිබෙනවා. ඒ වගේම මේ චිත්‍රපටිය දැනටමත් සම්මාන 2ක් ලබාගෙන තිබෙන අතර තවත් සම්මාන තුනක් සඳහා නාම යෝජනා ලබලා තියෙනවා. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන සේරා ඈෂ්බර්න්ගේ චරිතය රඟ දක්වන්නේ ඔස්කාර් සම්මාන ලාභී සුපිරි නිලි Sandra Bullock විසිනුයි.. ඒ වගේම ඇය සමග රාජකාරී කරන බොස්ටන් පොලිසියේ නිලධාරියා ලෙසින් චරිත නිරූපණය කරන්නේ The Hangover Part III චිත්‍රපටියේ Cassie ගෙ චරිතය රඟ දැක්වූ Melissa McCarthy විසිනුයි. ඒ වගේම මේ චිත්‍රපටිය ක්‍රියාදාම/විනෝදාත්මක හා අපරාධමය ගණයට ගැනෙනවා.
කතාවේ හැටියට සේරා ඈෂ්බර්න් කියන්නේ FBI ආයතනයේ දක්ෂ නිලධාරිණියක්. ඇය ලාකින් නැමති දරුණු ගණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්ව අල්ලන්න බොස්ටන් නගරෙට පැමිණෙනවා. ඇයට එහිදී වැඩ කරන්න ලැබෙන්නේ ෂැනන් මුලින්ස් නැමති බොස්ටන් පොලිසියේ නිලධාරිණියක් සමගයි. මේ ෂැනන් කියන නිලධාරිණිය හරිම රස්තියාදුකාර මුරණ්ඩු, දඩබ්බර පොලිස් නිලධාරිණියක්. හැබැයි ඉතාමත් තදින් නීතිය ක්‍රියාත්මක කරනවා. කොච්චර තදින් නීතිය ක්‍රියාත්මක කරනවද කියන්නේ ඇගේ සහෝදරයාවත් මත් ද්‍රව්‍ය ලඟ තබා ගැනීම නිසා හිරේට දාන්න ඇය දෙපාරක් හිතන්නෙ නැහැ.. ඒ හේතුව නිසාම ඇයව ගෙදරිනුත් පිටුවහල් කරපු තත්වයක් තමයි ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඈෂ්බර්න්ට මේ නිලධාරිණියත් සමග වැඩ කිරීම හරිම අමාරු කාර්යයක් වෙනවා. ඒත් ඉතින් අමාරුයි කියලා අතඅරින්න බෑ. මේ ලාකින්ව අල්ලගත්තොත් විතරයි සේරා ඈෂ්බර්න්ට ඇය ආසාවෙන් බලාගෙන ඉන්න උසස් වීම ලැබෙන්නේ. ඒ අතරේ මේ ලාකින් ගැනයි ඔහුගෙ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය ගැනයි DEA ආයතනයේ නිලධාරීන් දෙදෙනෙකුත් සෙවිල්ලෙන් පසු වෙනවා. ෂැනන් සහ සේරා දෙපල විසින් ලාකින්ව හොයන්න උත්සාහ දරනවට ඒ දෙන්නා කොහෙත්ම කැමති වෙන්නෙ නැහැ. හැබැයි එහෙම උනාට ෂැනන් සහ සේරා තමන්ගෙ උත්සාහය අත අරින්නෙත් නෑ.
ඉතින් යාළුවනේ.. සේරා ඈෂ්බර්න් කොහොමද ෂැනන් මුලින්ස් එක්ක වැඩ කරන්නේ? කවුද මේ ලාකින්? ෂැනන් සහ සේරා විසින් ලාකින්ව අල්ල ගන්න මොන වගේ දේවල්ද කරන්නේ? DEA නිලධාරීන් දෙදෙනා සහ ෂැනන්/සේරා දෙපලට මොන විදිහේ බාල්දි දාවිද? සේරා බලාපොරොත්තු උන උසස් වීම ඇයට ලැබේවිද? නැත්නම් ඇය FBI ආයතනය හැර ගිහින් වෙන මොනව හරි කරාවිද? ෂැනන් මුලින්ස් තමන්ගෙ මුරණ්ඩු ගති අත් හරීවිද? අන්තිමට දෙන්නට හොඳ යාළුවෝ වෙන්න පුළුවන් වේවිද? නැත්නම් මේ දෙන්නා පරම හතුරෝ වේවිද? කියලා චිත්‍රපටිය බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!!!
405 MB කොපිය මෙතනින් බාගන්න dc3f494da36ed6101f2ea57630fcf04149e505cc 870 MB කොපිය මෙතනින් බාගන්න dc59273af43594bcb1a495f5738ce9a907295ec3 1.9 GB කොපිය මෙතනින් බාගන්න f72c22145196f37d117914ae7c539587524def32 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,827 downloadsDownload The-Heat-2013.zip338 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සහ “හේවා ලුණුවිලගේ”සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
77 comments
venura
rock
The Hangover 1 denna
tharanga
පේලි 3300 අම්මෝ එපා වෙන්න ඇති ලොවෙත් පට කොහොම හරි දුන්න නේ
nisala
thanksss lot
rashim
meykath balanna asawen unne onna dan subs ok :D
ccnp
Thanks
ositha
mechhcra ganak thibba akaka hadala dunna akata bohoma pin dennatama
rusuru | රුසිරු
පට්ට වැඩක්
shann
ජය වේවා මච්නලා සුපිරිනේ අනිවා බලන්න ඕනේ
yasas
tx so much
chamath cafe
සුපිරි කතාවක් නේ සහෝලා නියමයි !
ranga
tq boss
mihin ලංකා
පට්ටම ෆිල්ම් එකක් වගේ අනිවා බානවා ජය!
Ashan ravihansa
ela machan sub ekata thankz meka balanda asaven hitiye time line eke diga hindama sub eka labennathivei kyala hithuva etha ape baiscop eke set eka ta pinsidda venda sub eka labuna godak thankz machan
wow
wow,,maru :D
quik
thanks
kalinga
ජය පතනවා මෙච්චර කට්ටක් කාලා දුන්න එකට
ganidu
තැන්ක්ස් වේවා!
amilatk
jayen jaya!!!
hh
gr8 machanla
Amila
නියමයි සුපිරි ෆිල්ම් එකක්
kalana
susb watenakm math hitiye maxxa
h[a]s
සුපිරි :) වෙන කියන්න දෙයක් නෑ
isuru samarasinghe
niyamai sahola baiscope aka pattai hode kawadath hodama subs denne oyala thama akenma :D :D
DANUKA!
maru maru supiri action akak wage
එරංග
එලස් බාන්න දැම්ම
sumudu
තෑන්ක්ස් යූ
dilan
goda meyke subs narthuwa balanna widiyak nathwa unne :D
waruna
thnx sahola dennatama
geeth
tx :D lot :D dinidu & hewa
සමීර චතුරංග
නියමයි ....මාත් සබ් එක එනකම් තමයි ඇගිලි ගැන ගැන උන්නේ...බොහොම ස්තුතියි දෙන්නම එකතු වෙලා මේ වගේ කට්ටක් කාලා අපිට සබ් එක දුන්නට.....වෙන කෙනෙක්නම් මේකේ ලයින් ගාන දැක්කාම කරනවා තියා හිතන්නේ වත් නැහැ..ජය...
DARSHANA
THANKS Saho,,,,,
නලින්
ස්තුතියි දිනුදු අයියා!
මැක්සා මුවි එකක් ගෙනැල්ලා තියෙන්නේ
ජය වේවා!
Saman Prasad (Black Cobra)
ela ela... sahola dennatama thanx...
yasomal
niyamaaaaaaa kathwa
දිල්ෂාන් කාලිංග
පට්ට පට්ට සහෝ...
බොහෝම ස්තුතියි.
:-)හර්ෂ ලහිරු
මේක කලින්ම බාලා තියා ගත්තා
මේකට සබ් දෙනවා කිව්ව නිසා බැලුවේනම් නෑ
දැන් ඉතින් ආතල් එකේ සබ් එක්ක බලන්න පුලුවන් :D
බොහෝම ස්තුතියි සහෝලා සෙට් එකටම ජයSahan
fatta thankz bro..
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අයියෝ...මේ දිනිදුවට පිස්සු මචංලා...
පේලි 50-60 ක් කළා කියලා සබ් එකට මගේ නමත් දාලා..
මූටනම් සිරාවට පිස්සු...
මම මේකට කරපු දෙයක් නැහැ..
සේරම ස්තුතියිය යන්න ඕනේ දිනිදුට..
මමත් දැන් සබ් එක අරං බලන්න ඕනේ...දිනිඳු සම්පත්
උඹ නැත්නම් මම මේක බාරගන්නෙත් නෑ බං.
සුදාරක සෙනෙවිරත්න
මුලින්ම දිනිඳු සම්පත් සහ හේවා ලුණුවිලගේ සහෝලා දෙන්නටම බොහොම ස්තූති කියන්න ඕනේ.සබ් එක දෙනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ මේක බලන්න.දෙදෙනාටම ජය වේවා.............
sp පියමල්
එල,එල මාර මහන්සියක් වෙන්න ඇත්තේ,බොහොම ස්තුතියි කිව්වා එහෙනම්
“චූටී මල්ලි”
බුදු හත්තිකෙ පෙලි 3300ක්
ඇඩෙනවා කියන්නෙ තනි ඇහැටම ඇඩෙනවා
ෆිලිම් එක තියෙ
ඉවසන් උන්නෙ සබ දෙනකම්
පරක්කු උනාට කමක් නෑ බන්
දැන් බලනවා
සබට තුති
ඔබට ජය............iRsHAad මැකා
මැක්සා මැක්සා මැක්සා මැක්සා මැක්සා මැක්සා
me
Thanks
uda
තව බැලුවෙ නෑ මේකනම්. මේ කොපිය කොහොමද බන්? අන්රේටඩ් ද? පෙනුමටනම් නෙමෙයි වගේ... :(
මේකත් මේ අවුරුද්දේ වාර්තා තිබ්බ ෆිල්මයක් නිසා නොබලා බෑ. ඉතිහාසයේ වාර්තාවන වැඩිම ආදායම් බඩි කොප් කොමඩියදත් මන්දා මේක... අනික අනික්වා වගෙ නෙමෙයි, ගෑණු බඩි දෙකක්නේ ඉන්නෙත් :P බඩි කිව්වට ඉන්න දෙන්නනම් බඩි නෙමේ මයෙ හිතේ මෙගා! ;)
අරයගෙයි මෙයාගෙයි මෙව්වා එකට මෙව්වා කරලා මාත් මේක එහෙනම් මෙව්වා කරගන්නවා! (අරයයි මෙයයි කිව්වේ - දිනිදුයි හේවයි, මෙව්වා එක කිව්වේ - මහන්සිය, මෙව්වා කරලා කිව්වේ - ස්තුති කරලා, මෙව්වා කරගන්නවා කිව්වේ - බාගන්නවා) මේ ටික කිව්වෙ මෙව්වා දැකලා කවුරුහරි එව්වා මෙව්වා හිතයි කියලා :P
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අනේ මන්දා හොදේ, මෙයත් දාන මෙව්වා..
මට මෙව්වා එකේ බෑ..
dev
bohoma stuti saho.... .
#ChalinduDeshan (කිනා)
එල එල
ඔන්න අද බානවා
ස්තූතියි
ජයවේවා!Chamasrsp
ela tamai..
onna beewoooo :DkanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa..pinsiduweewa...nalaka
තෑන්ක්ස් මචංලා
mudiya / මුදියා
හප්පොච්චියේ එනකං මග බලන් උන්නෙ.කලින් දවසක ට්‍රේලරේ බැලුවම පට්ට වෙන්න ඇති කියල හිතුන.නියම වැඩක් තමයි දිනිඳුවයි හේවයි එකතු වෙලා කරල තියෙන්නෙ.සමීරයටත් තුති හොඳේ.
බාන්න දැම්ම.ඉවර වුන ගමන් බලනව.
ජයවේවා.බොහෝ..........................................................................ම ස්තූතියි...!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
patta wage macho