The Super Mario Galaxy Movie (2026) Sinhala Subtitle කලා ලොවේ සුන්දර බව නිතර දැනෙන්නයි.. සිනමා රස ජීවිතයට එක්කර ගන්නයි.. සිංහල උපසිරැසි වලින් ඔබ පිනවන්නයි.. බයිස්කෝප් රසික ඔබට කිරි ඉතිරෙන්නයි.. 🎉 ආයුබෝවන්.. ආයුබෝවන්.. ආයුබෝවන්.. එහෙනම් ඔන්න පොඩි රබන් පදයක් එක්කම අලුත් අවුරුදු තෑග්ග විදිහට ඔයාලා ගොඩ…

The Super Mario Galaxy Movie (2026) Sinhala Subtitle
කලා ලොවේ සුන්දර බව නිතර දැනෙන්නයි..
සිනමා රස ජීවිතයට එක්කර ගන්නයි..
සිංහල උපසිරැසි වලින් ඔබ පිනවන්නයි..
බයිස්කෝප් රසික ඔබට කිරි ඉතිරෙන්නයි.. 🎉
ආයුබෝවන්.. ආයුබෝවන්.. ආයුබෝවන්.. එහෙනම් ඔන්න පොඩි රබන් පදයක් එක්කම අලුත් අවුරුදු තෑග්ග විදිහට ඔයාලා ගොඩ දෙනෙක් බලාගෙන හිටපු සුපර් මාරියෝ අලුත්ම චිත්‍රපටය මම අරගෙන එනවා.. හිතුවේ නෑ මෙච්චර ඉක්මනට කොපියක් ලීක් වෙයි කියලා. ෆිල්ම් එක ඇවිල්ලත් වැඩි කාලයක් නෑ නේ. ඉතින් ඔන්න උණු කැවුම් වගේ උපසිරැසිය අරන් ආවා. 🥰
ඒ වගේම කියන්න ඕන 2023 අවුරුද්දේ ආපු (මම තමයි ඒ උපසිරැසියත් කරේ 😌) The Super Mario Bros. Movie චිත්‍රපටයේ දිගුවක් විදිහට තමයි මේ අලුත්ම සුපර් මාරියෝ චිත්‍රපටය, ඒ කියන්නේ The Super Mario Galaxy චිත්‍රපටය ආවේ. ඒක නිසා මේ අලුත් චිත්‍රපටය පරණ එක නොබලා නම් බලන්න එපා ප්ලීස්. නැත්නම් කතාව පැහැදිලි වෙන එකක් නැහැ.
ගිය පාර ලිපියේ මම සුපර් මාරියෝ ගැන ගොඩක් ලොකු විස්තරයක් කරපු නිසා මේ පාර ලිපියේ ඒ තරම් දිග විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි ඒ වෙනුවට මේ අලුත් චිත්‍රපටයේ දකින්න ලැබෙන සුවිශේෂී චරිත හතරක් කෙටියෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා.
රොසලිනා කුමරිය
මෙයා තමයි Comet Observatory නමින් හැඳින්වෙන වල්ගාතරුවට අධිපති (එහෙමත් නැත්නම් පාලිකාව) වෙලා ඉන්නේ. මෙයාගේ දරුවන් තමයි Luma (ලූමා) වරු. ඒ කියන්නේ පුංචි තාරකා. එක Luma කෙනෙක් එක්ක Comet Observatory එකේ ජීවිතේ පටන් ගත්ත රෝසලිනා කුමරිය අන්තිමට පුංචි තාරකා සිය ගාණකට අම්මා කෙනෙක් වෙනවා. ඒ වගේම තමයි මෙයාටත් පීච් කුමරියට වගේම විශේෂ බලයන් ලැබිලා තියනවා. ඇත්තටම කිව්වොත් රොසලිනා කුමරිය කියන්නේ පීච් කුමරියගේ අක්කා. රොසලිනා කුමරියට හඬ දායකත්වය සපයන්නේ Brie Larson.

බවුසර් ජූනියර්
තාත්තාගේ අඩිපාරේ යන පුතෙක්ට හොඳම උදාහරණයක් තමයි මෙයා. අපරාදේ කියන්න බැහැ තාත්තගේ නපුරු ගති ඊටත් වඩා හොඳින් පිහිටලා තියනවා මෙයාට. අලුත් චිත්‍රපටයට අනුව බවුසර් ජූනියර් එන්නේ පලවෙනි චිත්‍රපටයේදී එයාගේ තාත්තට උන අකරතැබ්බයෙන් තාත්තාව බේරා ගන්න. බවුසර් ජූනියර්ට හඬ දායකත්වය සපයන්නේ Benny Safdie.

යෝෂි
එහෙනම් මෙන්න මේ පුංචි ඩයිනෝසර පැටියා තමයි කතාවේ හුරතලා. මෙයාව මාරියෝලට හම්බ වෙන්නේ අහම්බෙන්. අහම්බෙන් හම්බ උන මෙයා කතාවේ මුල ඉඳන් අග වෙනකම්ම හරිම රසවත් වගේම විනෝදකාමී විදිහට සෙසු චරිත එක්ක ගණුදෙනු කරනවා. යෝෂිට හඬ දායකත්වය සපයන්නේ Donald Glover.

ෆොක්ස් මැක් ක්ලවුඩ්
මෙයත් මේ කතාවේ එන තවත් එක වැදගත් චරිතයක්. මෙයාගේ උදව් අරගෙන තමයි… එක්කෝ ඕන නැහැ. ඔයාලම බලන්නකෝ. ඒ වගේම කියන්න ඕන ඔයාලට ෆොක්ස් මැක් ක්ලවුඩ්ව Mario Kart 8 Deluxe කියන ගේම් එකේ දැක ගන්නත් පුළුවන්. ෆොක්ස් මැක් ක්ලවුඩ්ට හඬ දායකත්වය සපයන්නේ Donald Glover.

මේ අලුත් චරිත වලට අමතරව අනෙක් ප්‍රධාන චරිත පහුගිය චිත්‍රපටයේ වගේම මේ චිත්‍රපටයේත් ඉන්නවා. එයාලට හඬ දායකත්වයත් ගියපාර නළු නිළියන් විසින්ම සිදු කරලා තියනවා. ❤️
වෙනසකට වගේ මේ පාර ලිපියෙන් මම කතාව ගැන මුකුත් කියන්න යන්නේ නැහැ. ඔයාලම බලලා තක්සේරුවක් දෙන්නකෝ. හැබැයි මට හිතෙනවා 2023 චිත්‍රපටය තරම් මේ චිත්‍රපටය ආදායම් උපයන එකක් නැහැ කියලා. මොකෙන් මොක උනත් මේ වෙනකොට නම් The Super Mario Galaxy චිත්‍රපටය බොක්ස් ඔෆිස් ගහලා ඉවරයි. ඒක ගහන්න චිත්‍රපටයට සතියක් වත් ගියේ නැහැ.
The Super Mario Galaxy චිත්‍රපටය අධ්‍යක්ෂණය කරේ Michael Jelenic සහ Aaron Horvath. නිෂ්පාදනය Illuminations සහ Nintendo එකතු වෙලා තමයි කරේ. බෙදාහැරීම Universal Pictures විසින් සිදු කරා. දැනට මේකේ IMDb අගය 6.5 ක්ව පවතිනවා. ඇමරිකානු ඩොලර් මිලියන 110 ක විතර වියදමකින් හදපු මේ චිත්‍රපටය පැයකුත් විනාඩි 39 කට ආසන්න කාලයක් ධාවනය වෙනවා.
එහෙනම් දැන් කතා ඇති. අවුරුදු කන ගමන් මේ චිත්‍රපටයත් රස විඳින්න කියලා ආරාධනා කරන ගමන් මම නවතිනවා. හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🎉
The Super Mario Galaxy Movie (2026) Sinhala Subtitle
Due to copyright issues, We do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEBRIP/Internal WEB/HD පිටපත් සඳහා ලබා දී ඇත
6,298 downloadsDownload The-Super-Mario-Galaxy-Movie-2026-WEBRIP-Update.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-02-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Super Mario Galaxy Movie (2026) Sinhala Subtitle
Subtitles by
චාමිකර විදානගේ
Subtitles
6 comments
Buddhika laKMal
අසේල කාරියවසම්
ෂා ලොක්කා ෂා, මරේ මරු සබ් එක
අසිත තවුසා
නියමයි චාමිකර, සබ් එක මරු.
හිරාන් ශාරංග
සිංහල උපසිරැසි වෙනුවෙන් ගොඩක් ස්තුතියි,
...
ජයවේවාචරිත දේශාන්
අපි පොඩි කාලෙ බොහොම ආසාවෙන් සෙල්ලං කරපු ගේම් එකක්. තැන්ක් යු සහෝ
Sahan Gayantha
thanks a lot Chamikara saho sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මචං..........
උපසිරැසියටත් ස්තූතියි මචං