Trouble (2024) Sinhala Subtitles ආයුබෝවන්, ඇත්තමයි කාලෙකට පස්සේ මම ඇමරිකානු ඇරෙන්න බලපු හොඳම රසවින්දනයක් එක්ක තිබුනු වෙනත් විදේශීය භාෂා චිත්‍රපටිය තමයි මේ “Trouble” කියන ස්වීඩන් චිත්‍රපටිය. Netflix වලින් එළියට ආපු මේක සරල මනුස්සයෙකුගේ ජීවිතය උඩුයටිකුරු කරන සිද්ධියක් වටා ගෙතුණු කතාවක්. මේක බලපුවම ඔය…
Trouble (2024) Sinhala Subtitles
ආයුබෝවන්, ඇත්තමයි කාලෙකට පස්සේ මම ඇමරිකානු ඇරෙන්න බලපු හොඳම රසවින්දනයක් එක්ක තිබුනු වෙනත් විදේශීය භාෂා චිත්‍රපටිය තමයි මේ “Trouble” කියන ස්වීඩන් චිත්‍රපටිය. Netflix වලින් එළියට ආපු මේක සරල මනුස්සයෙකුගේ ජීවිතය උඩුයටිකුරු කරන සිද්ධියක් වටා ගෙතුණු කතාවක්.
මේක බලපුවම ඔයාලටම තේරෙයි සාමාන්‍ය මනුස්සයෙකුගේ ජීවිතයක් කොයිතරම් පහසුවෙන් විනාශ වෙන්න පුළුවන්ද යන්න කියන එක. නීතිය හා සාධාරණත්වය අතර ඇති ගැටුම සහ සත්‍යය සොයා යාමේ අභියෝගාත්මක ගමන පිළිබඳ සංකීර්ණ කතාවක් විදියට මේක හදුන්වා දෙන්න පුළුවන්. කතාව ගැන එහෙනම් බොහොම ටිකක් කියන්නම්,කොනී, විද්‍යුත් උපකරණ අලෙවි සහායකයෙකු විදියට වැඩ කරන සාමාන්‍ය මනුස්සයෙක්. මෙයාගේ හිටපු බිරිඳ ගුවන් නියමුවෙක් එක්ක විවාහ වෙලා සාර්ථක ජීවිතයක් ගත කරමින් ඉන්නේ. මෙයාගේ චූටී දුවත් ඒ ගෙදර තමයි ඉන්නේ. ඒත් කොනීට දුවව බලන්න බිරිඳ නිතරම වගේ ඉඩ දෙනවා. මේ පොඩි කෙල්ල තමයි කොනීගේ ජීවිතේ තියෙන එකම සතුට. මෙයාගේ රැකියාවත් එච්චර සාර්ථක නෑ. ජීවිතෙත් එහෙමමයි.
දවසක් කොනී
LED TV එකක් සවි කරන්න ගෙදරකට යනවා. ඒත් ඒ ගෙදරදි වෙන්නේ නම් හිතාගන්නවත් බැරි අවාසනාවන්ත දෙයක්. ඒ සිද්ධියත් එක්කම කොනීගේ මුළු ජීවිතේම තිබුණටත් වඩා කනපිට පෙරලෙනවා. නිකන්ම නිකන් හිරේ වැටෙනවා. නඩුවක් අහලා හිර දඬුවමකුත් හම්බවෙනවා.දුවගෙන් ඈත් වෙන එක ගැන හිතද්දි කොනීට දැඩි කම්පාවක් දැනෙනවා. ඒත් මිනිහා දන්නවා තමන් නිරපරාදේ හිරේ වැටුණ බව. ඒක ඔප්පු කරන්න මෙයා දැඩි උත්සාහයක් ගන්නවා. ඒත් ඒක ලේසි වෙන්නේ නෑ. මොකද පොලිසියේ දූෂණයි, අපරාධ කල්ලි එක්ක තියෙන කුමන්ත්‍රණයි නිසා…
ඔයාලව මෙතන මම කොහෙවත් spoil කිරීමක් කරේ නෑ කියලා හිතනවා. මේ කතාව බලන්න වෙනසකටත් එක්ක. ඇත්තටම නියමයි. මම කියනවට බලන්න. විනෝදාත්මක ගතියකුත් පිරිලා තියනවා.
Trouble (2024) Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
4,912 downloadsDownload Trouble-2024.zip47 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Trouble (2024) Sinhala SubtitlesSubtitles by
UD Shehan
Subtitles
7 comments
Gagan pabasara
Buddhika laKMal
ස්තූතියි සහෝ එකදිගටම සුපිරි සබ් දෙනවට......
ජයවේවා......රේමන් ඇන්තනී
thank you brother
Irenas Vow (2023)
The Instigators (2024)
The Firing Squad (2024)
The Count Of Monte-Cristo (2024)
Carry On (2024)
puluwan welawak thiboth mewatath sub danna thank youRandil Senavirathna
Yeh Kali Kali Anekhin Season 02
Malith samarawickrama
thanks bro sub ekata
Akila Dilhara
❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
A Legend චීන ෆිල්ම් එකක්