Watch Trailer

Vajra Kavachadhara Govinda (2019) Sinhala Subtitles | ගම වෙනුවෙන් කැපවූ තරුණයෙක් [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම මගේ තනතුර වෙනුවෙන් ඔයාගේ පසසේ කැරකුනා, මාව දිනෙව්වා ඊට පස්සේ, දියමන්තිය වෙනුවෙන් ඔයාට උදව් කරනවා වගේ රගපෑවා, මාව විශ්වාස කරා අද, මගේ කෙහෙල්මල් තත්වෙ නිසා මෙතනට ආවා, උගුලකට හිර වුනා ඔයා මාව බේරගත්තා මිනිස්සුන්ට උදව් කරොත්, හොද කෙනෙක් කියලා කියනවා ඒත්, කරදර කරපු අයටත් උදව් කරොත් ගෝවින්ද් කියල…

මුලින්ම මගේ තනතුර වෙනුවෙන්
ඔයාගේ පසසේ කැරකුනා, 
මාව දිනෙව්වා
ඊට පස්සේ, දියමන්තිය වෙනුවෙන්
ඔයාට උදව් කරනවා වගේ රගපෑවා, 
මාව විශ්වාස කරා
අද, මගේ කෙහෙල්මල් තත්වෙ නිසා
මෙතනට ආවා,
උගුලකට හිර වුනා
ඔයා මාව බේරගත්තා
මිනිස්සුන්ට උදව් කරොත්,
හොද කෙනෙක් කියලා කියනවා
ඒත්, කරදර කරපු අයටත් උදව් කරොත්
ගෝවින්ද් කියලා කියනවා වෙන්න ඇති?
මට සමාව දෙනවද ගෝවින්ද්.
මුළු ලෝකෙම පාලනය කරන්නේ දෙවියන්
අපි රෑකඩ විතරයි

මුලින්ම රට තුල උද්ගත වී ඇති තත්වයෙන් රට ආරක්ෂා කර යලි යථා තත්වයට පත් වීමට දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව මාගේ උතුම් රටට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ උත්ගත වී ඇති තත්වය ඉක්මනින්ම පහ වී යාමට වාසනාව ලැබේවායි පතනවා. අදත් එහෙනම් මේ ගොඩවෙන්නේ Action,Drama,Romantic යන කාණ්ඩයට අයත් තෙළුගු සලරුවකි. එහෙනම් මේකට උපසිරසි ගන්වන්න වෙන්කරල දුන්න හසන්ත විත්‍රමරත්න අයියටත්, බයිස්කෝප් ටීම් එකටත් මුලින්ම ස්තූතිවන්ත වෙනවා.

එහෙනම් චිත්‍රපටය ගැන පොඩි අදහස් ටිකක බලමු.,
ගෝවින්දු (සප්තගිරි) යනු රන් හදවතක් ඇති සාමාන්‍ය සොරෙකි. ඔහුගේ ගමේ බොහෝ දෙනෙක් පිළිකාවකට ගොදුරු වී බොහෝ දෙනෙක් මිය යෑමට පටන් ගනී,  මේ වසන්ගතය නිසා ගම අතෑරලා මිනිස්සුන්ට යන්න කිව්වත් ඔවුන් බොහෝ දෙනෙක් එයින් නොයන්නේ තම ගම දමා නොහැකි නිසාය. ගෝවින්ද් මේ නිසා මේ ප්‍රශ්ණයට පිළිතුරු සොයමින් ඉන්න අතරතර, ඔහුගේ හොදම යහළුවා වන ප්‍රසන්නා ලක්ෂ්මි ජන්දයට ඉල්ලිමට සූදානම් වන බව ගෝවින්ද් හට පවසයි. ගෝවින්ද් ඔහුගේ ගමේ සියළු ජන්ද ඇයට ලබා දී ඇයව දිනවා මන්ත්‍රී කෙනෙකු කරන බවත් පවසන අතර, එය ඉටු කර දෙන්නේ එක පොරොන්දුවක් තම ගම වෙනුවෙන් ඉටු කර දෙන බව පවසමිනි. ඒ ඇය මන්ත්‍රී කෙනෙකු වූ පසු තම ගමට සිදුවී ඇති විපතින් මිනිසුන් බේරා ගැනීමට පිළිකා රෝහලක් තනා දෙන ලෙස ඉල්ලීමය. 

 ජන්ද කාලෙට මැති , ඇමති වරැ දෙන පොරොන්දු ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ , නේද ඉතින්. ඉතින් මෙයත් හොදම යාළුවාට දුන්න මේ පොරොන්දුව කඩ කරන්නේ එයාව ඇමති කෙනෙක් කරෙත් මේ මිනිස්සුව වන බව නොදන්නවා මෙනි. ඉතින් ගෝවින්ද්ට දිනක් ඔහුගේ දෑස් පිටම ගමේ කුඩා දරුවෙකු පිළිකාව නිසා මිය යනවා දකිනවා. එදා ඉදන් ඔහු කල්පනා කරන්නේ තම ගම මේ විපතින් බේරා ගන්නට මොකක් කරනවද කියලයි. ඔහුට මේ විපතින් ගම බේර ගන්නනම් කෝටි 10 ක් උපයා ගැනීමට අවශයයි. එම මුදලින් ඔහුගේ ගමේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා එම මුදල් භාවිතා කිරීමට ඔහුට අවශ්‍යය. මේ සල්ලි හොයාගෙන යන ගමනේ මුලින්ම කරන්නේ හොරකමේ යන එක තමයි, ඉතින් දවසක් හොරකමේ යද්දි අනපේක්ෂිත ලෙස දියමන්ති සහිත කල්ලියක් හමුවීමට සිදුවේ. ඔහු ඔවුන් සමඟ කැණීම්වලට යයි, පැරණි කෝවිලක් මැද, ඔවුන් කෝටි 150 ක් වටිනා දියමන්තියක් සොයා ගනී. ඔවුන් සියල්ලන්ම එය විකුණා තමන් අතර බෙදා ගැනීමට සැලසුම් කරයි. මේ අතර එය ආරක්ෂා කර තබා ගැනීමට ගෝවින්ද් තම ගමට ගොස් දියමන්ති රැගෙන යයි. අනෙක් කල්ලිය ඔහුගේ ගමට යයි . දියමන්තිය ලබාදීමට තැරැව් කරුවෙකු සමූවු පසු අනෙක් ල්ලිය ගෝවින්ද් ට වෙත ළඟා වූ විට, ඔහු පවසන්නේ ඔවුන් කවුරුන්ද යන්න පිළිබඳව තමාට කිසිදු අදහසක් නොමැති බවයි. ගෝවින්ද් ඔහුව දැන ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? ඔහු සමඟ ගෙනා දියමන්තිය ගැන කුමක් කිව හැකිද? ඔහු ඒවා ජයගෙන තමා සහ තම ගම පිළිකාවෙන් බේරා ගන්නේ කෙසේද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු දැනගන්න ෆිලුම අරන් බලන්න කියන ගමන් අදට මම සමුගන්නවා. සියළු දෙනාටම තෙරුවන් සරණයි.

චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.
අධ්‍යක්ෂණය               :  Arun Pawar

නිෂ්පාදනය                  :  Edala Narendra, Gvn Reddy

වර්ගීකරණය                : Action,Drama,Romantic

රංගන ශිල්පීන්             : Saptagiri, Vaibhavi Joshi, Jabardasth Srinu

ධාවන කාලය               : 140 mins

තිරගත කල දිනය         :  June 14, 2019

සංගීතය                        : Vijay Bulganin

IMDB අගය                 : 5.1/10 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.

3,920 downloadsDownload Vajra-Kavachadhara-Govinda-2019.zip64 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

උදය සමන් කුමාර

Subtitles

3,920 downloadsDownload Subtitles64 KB

9 comments

  1. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් සබ් එකට :)

  2. 0shanda

    ස්තූතියි සහෝ ....

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. Viranja sandapiyumi

    Good

  6. isuru srinath sjs

    බොහොම ස්තුතියි සහො සිංහල උපසිරැසියට .

  7. Anonymous

    බොහොම ස්තුතියි උදය සහෝ සබ් එකට

  8. santhusha319

    thanks bro

  9. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා මලේ...
    දිගටම සබ් දෙමු ආ... ජය!