Watch Trailer

The Ghost in the Shell [S01: E08] Sinhala Subtitles | මනසේ පරිවර්තනය [සිංහල උපසිරසි]

The Ghost in the Shell Season 1 Sinhala Subtitles අනාගත තාක්ෂණය, සයිබර් අවකාශය සහ මිනිස් ආත්මය හෙවත් කතාවට අනුව එම ආත්මය හඳුන්වන “ගෝස්ට්” අතර තියෙන බැඳීම ගැන කතා කරන විශිෂ්ට සයිබර්පන්ක් නිර්මාණයක් තමයි 90 දශකයේදී නිමවුනු Ghost in the Shell කියල කියන්නෙ. එම කතාව Science SARU ස්ටූඩියෝව මඟින් මුල් කතා…

The Ghost in the Shell Season 1 Sinhala Subtitles අනාගත තාක්ෂණය, සයිබර් අවකාශය සහ මිනිස් ආත්මය හෙවත් කතාවට අනුව එම ආත්මය හඳුන්වන “ගෝස්ට්” අතර තියෙන බැඳීම ගැන කතා කරන විශිෂ්ට සයිබර්පන්ක් නිර්මාණයක් තමයි 90 දශකයේදී නිමවුනු Ghost in the Shell කියල කියන්නෙ. එම කතාව Science SARU ස්ටූඩියෝව මඟින් මුල් කතාව ඇසුරින් අලුත්ම මුහුණුවරකින් රැගෙන එන නිර්මාණයක් ලෙසින් 2026 වසරේදී එන The Ghost in the Shell ඇනිමෙ කතා මාලාවේ 8 වන කොටසේ සිංහල උපසිරැසිය එක්කයි ඔබ මේ එකතු වෙන්නේ.

දේශපාලන සහ ත්‍රස්තවාදී සිදුවීම් එක්ක ගලාගෙන ආපු මේ කතාවේ අද්භූත වගේම අපූරු සිදුවීමක් පසුගිය කොටසින් අපිට දකින්න ලැබුනා. ඒ තමයි “ප්‍රොජෙක්ට් 2501” හෙවත් “පපට් මාස්ටර්” කියන චරිතයේ පැමිණීම. කිසිම පූර්ව වැඩසටහන් කිරීමක් නැතුව තනියම සිතමින් හරි අපූරු දේවල් වගයක් මේජර් කුසනගිට මේ පපට් මාස්ටර් පෙන්නුවා. රජයේ රහස් ව්‍යාපෘතියක් වුනු මේ ප්‍රොජෙක්ට් 2501 පසුව තමයි පපට් මාස්ටර් කියන චරිතය බවට පත් වෙලා තියෙන්නෙ. මේජර් මේ පපට් මාස්ටර්ගේ මනසේ ඉන්න තැනින් තමයි පසුගිය කොටස අවසන් වුනේ. මේජර් එතනින් එළියට එන්නේ කොහොමද? මේජර් දකින්නෙ මොනවද? මේජර්ට වෙන්නෙ මොකක්ද? මීළඟට වෙන්නෙ මොකක්ද? මේජර් ඇතුළු කණ්ඩායම තවත් මෙහෙයුමක් පටන් ගන්නයි යන්නේ. බලන්නකො මොකද වෙන්නේ කියලා.

මේ උපසිරැසිය නිර්මාණය කෙරුනේ සතිපතා නිකුත් වන අඩු ධාරිතාවයකින් උපරිම ගුණාත්මක බවක් අත්විදින්න ලැබෙන PSARips වීඩියෝ පිටපතටයි. ඒ වගේම ඔබ නරඹන ඕනෑම Web වීඩියෝ පිටපතකට මේ සිංහල උපසිරැසිය ගැලපේවි. කතාව වගේම උපසිරැසිය ගැන ඔයාගෙ අදහස් කියන්න අමතක කරන්න එපා. මීළඟ කොටස් වලින් හමුවෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

• Episode Name – Intermission+Brain Drain i
• IMDB Rating – 7.8 (at 2026.08.30)
• Released Date – 2026.08.25 The Ghost in the Shell Season 1 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා වලංගු වේ.

32 downloadsDownload The-Ghost-in-the-Shell-S01-E08-Sinhala-Subtitles.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

32 downloadsDownload Subtitles16 KB

1 comment

  1. Sandaru Nimsara

    Thanks