Bargain (Mini Series)
Bargain
Drama, Thriller
Stars : Lee Ju-young, Jeon Jong-seo, Jin Seon-kyu, Chang Ryul, Wayne LeGette
[box]
IMDb RATING 6.7 ක් ලබපු මේ කතාව ගැන කියනව නම් ඒක විනාඩි 33 – 37 වගේ කාල පරාසයක දිවෙන කොටස් 6 කින් සමන්විත කතාවක්. ව්‍යසනයක් මැද සිද්ද වෙන තවත් මහා ව්‍යසනයකින් ජීවිත බේරගන්න කීප දෙනෙක් කරන අරගලයක් තමයි මේ කතාවෙන් කියවෙන්නෙ. ඒ වගේ අවස්ථාවකත් මිනිස් හිත වෙනස් වෙන හැටි තණ්හාව බය ඉස්සරහට එන හැටි අපූරුවට මේ කතාවෙන් බලාගන්න පුලුවන්.
තරුණ ගෑණු ළමයෙක් ජනේලයෙන් පිටත පේන ලස්සන දර්ශනය දිහා බලාගෙන සිගරට් එකක් බොනවා. ඒ එක්කම දොරට තට්ටු කරන සද්දයකින් එයාගෙ අවධානය බිඳෙනවා. එහෙම තමයි මේ කතාව පටන් ගන්නේ. ඉතිං ඒ කාමරේට ඇතුල් වෙන්නෙ වයස හතලිස් ගනන් වල පිරිමි කෙනෙක්. මේ මනුස්සයා ඇවිල්ලා ඉන්නේ වොන් මිලියන සීයකට මේ ගෑණු ළමයගෙ කන්‍යාභාවට මිලට ගන්න. ඒත් ටිකක් කතා බහ කරගෙන යද්දි මේ මනුස්සයට තේරෙනවා පාර්ක් ජූ-යන්ග් කියන මේ ගෑණු ළමයා කියන්නෙ බොරු කියලා. ඉතිං මේ කතාබහ දුරදිග ගිහින් ඔහු තමන්ගෙ වොන් මිලියන 100ක මුදල වොන් 170000 කට කේවල් කරනවා. තව ටිකක් කතාව දුර යද්දි මේ මුදල වොන් 70,000ට අඩු වෙනවා. අන්තිමට වොන් 70 000ට ගණුදෙනුව කරන්න දෙන්නම කැමති වෙනවා. මේ ගැන සතුටින් පිරිමි මනුස්සයා නාන කාමරේට ගිහින් ටික වෙලාවකින් ජූ-යන්ග්ට තවත් ඇමතුමක් එනවා.. ඒකට උත්තර දෙන්න එලියට ගිය ජූ-යන්ග් ආයෙත් ඇතුල් වෙන්නෙ වෙනස්ම කෙනෙක් විදිහට වෙනස්ම තැනකට.. ඒ තැන මොකක්ද වෙනස මොකක්ද කියල දැනගන්න…… ඊලඟ කොටස එනකල් ඉන්න…
[/box]
Season 01 |
Episode 01 |
Episode 02 |
Episode 03 |
Episode 04 |
Episode 04 |
Episode 04 |