Watch Trailer

Bargain [E01] Sinhala Subtitles | කේවල් කිරීම [සිංහල උපසිරසි]

Bargain Sinhala Subtitles හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!! ඔන්න ඉතිං මම ඔයාලට අවුරුද්දට පුංචි තෑග්ගක් ගෙනාවා. IMDb RATING 6.7 ක් ලබපු මේ කතාව ගැන කියනව නම් ඒක විනාඩි 33 – 37 වගේ කාල පරාසයක දිවෙන කොටස් 6 කින් සමන්විත කතාවක්. ව්‍යසනයක් මැද සිද්ද වෙන තවත් මහා ව්‍යසනයකින් ජීවිත බේරගන්න කීප දෙනෙක…

Bargain Sinhala SubtitlesBargain Sinhala Subtitles

හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!! ඔන්න ඉතිං මම ඔයාලට අවුරුද්දට පුංචි තෑග්ගක් ගෙනාවා.

IMDb RATING 6.7 ක් ලබපු මේ කතාව ගැන කියනව නම් ඒක විනාඩි 33 – 37 වගේ කාල පරාසයක දිවෙන කොටස් 6 කින් සමන්විත කතාවක්. ව්‍යසනයක් මැද සිද්ද වෙන තවත් මහා ව්‍යසනයකින් ජීවිත බේරගන්න කීප දෙනෙක් කරන අරගලයක් තමයි මේ කතාවෙන් කියවෙන්නෙ. ඒ වගේ අවස්ථාවකත් මිනිස් හිත වෙනස් වෙන හැටි තණ්හාව බය ඉස්සරහට එන හැටි අපූරුවට මේ කතාවෙන් බලාගන්න පුලුවන්.

Bargain Sinhala Subtitles

විශාල පැසසුමකට වගේම ඇගයීමකට ලක්වුන මේ කතා මාලාව 27 වන බුසාන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ මංගල දර්ශනය වුනා වගේම  2023 ටොරොන්ටෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලෙත් තිරගත වුනා. TheGuardian.com සඳහා වූ ඇයගේ සමාලෝචනයේදී, Lucy Mangan මෙම මාලාවට තරු පහෙන් තරු හතරක් ශ්‍රේණිගත කිරීමක් ලබා දුන්නා.

ඉතිං මම කතාව ගැන වැඩි විස්තරයක් කියන්න යන්නෙ නැහැ. මොකද එතකොට ඒකෙ රසයක් නැති වෙන නිසා. ඒ නිසා ඔයාලම කතාව බලල ඒ ගැන දැනගන්නකො.

හැමදාම කියනව වගේ උපසිරැසි වල හොඳ නරකත් කියාගෙනම යන්න අමතක කරන්න එපා එහෙනම්..

Bargain Sinhala Subtitles

තරුණ ගෑණු ළමයෙක් ජනේලයෙන් පිටත පේන ලස්සන දර්ශනය දිහා බලාගෙන සිගරට් එකක් බොනවා. ඒ එක්කම දොරට තට්ටු කරන සද්දයකින් එයාගෙ අවධානය බිඳෙනවා. එහෙම තමයි මේ කතාව පටන් ගන්නේ. ඉතිං ඒ කාමරේට ඇතුල් වෙන්නෙ වයස හතලිස් ගනන් වල පිරිමි කෙනෙක්. මේ මනුස්සයා ඇවිල්ලා ඉන්නේ වොන් මිලියන සීයකට මේ ගෑණු ළමයගෙ කන්‍යාභාවට මිලට ගන්න. ඒත් ටිකක් කතා බහ කරගෙන යද්දි මේ මනුස්සයට තේරෙනවා පාර්ක් ජූ-යන්ග් කියන මේ ගෑණු ළමයා කියන්නෙ බොරු කියලා. ඉතිං මේ කතාබහ දුරදිග ගිහින් ඔහු තමන්ගෙ වොන් මිලියන 100ක මුදල වොන් 170000 කට කේවල් කරනවා. තව ටිකක් කතාව දුර යද්දි මේ මුදල වොන් 70,000ට අඩු වෙනවා. අන්තිමට වොන් 70 000ට ගණුදෙනුව කරන්න දෙන්නම කැමති වෙනවා. මේ ගැන සතුටින් පිරිමි මනුස්සයා නාන කාමරේට ගිහින් ටික වෙලාවකින් ජූ-යන්ග්ට තවත් ඇමතුමක් එනවා.. ඒකට උත්තර දෙන්න එලියට ගිය ජූ-යන්ග් ආයෙත් ඇතුල් වෙන්නෙ වෙනස්ම කෙනෙක් විදිහට වෙනස්ම තැනකට.. ඒ තැන මොකක්ද වෙනස මොකක්ද කියල දැනගන්න…… ඊලඟ කොටස එනකල් ඉන්න…

Bargain Sinhala Subtitles


 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,957 downloadsDownload Bargain-E01-Sinhala-Subtitles.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Bargain Sinhala Subtitles

 

All BT1

Next BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

1,957 downloadsDownload Subtitles23 KB

7 comments

  1. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට..

  2. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

    1. Achi

      කොටස් 6ම ඩවුන්ලෝඩ් කරලා බලාගෙන ඉන්නේ...

  3. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි අක්කේ. ජයවේවා!

  4. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  5. sumed

    thank you sister...

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P