Watch Trailer

Bargain [E03] Sinhala Subtitles | බිලියන හත [සිංහල උපසිරසි]

Bargain Sinhala Subtitles හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!! ඔන්න ඉතිං මම ඔයාලට අවුරුද්දට පුංචි තෑග්ගක් ගෙනාවා. IMDb RATING 6.7 ක් ලබපු මේ කතාව ගැන කියනව නම් ඒක විනාඩි 33 – 37 වගේ කාල පරාසයක දිවෙන කොටස් 6 කින් සමන්විත කතාවක්. ව්‍යසනයක් මැද සිද්ද වෙන තවත් මහා ව්‍යසනයකින් ජීවිත බේරගන්න කීප දෙනෙක…

Bargain Sinhala SubtitlesBargain Sinhala Subtitles

හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!! ඔන්න ඉතිං මම ඔයාලට අවුරුද්දට පුංචි තෑග්ගක් ගෙනාවා.

IMDb RATING 6.7 ක් ලබපු මේ කතාව ගැන කියනව නම් ඒක විනාඩි 33 – 37 වගේ කාල පරාසයක දිවෙන කොටස් 6 කින් සමන්විත කතාවක්. ව්‍යසනයක් මැද සිද්ද වෙන තවත් මහා ව්‍යසනයකින් ජීවිත බේරගන්න කීප දෙනෙක් කරන අරගලයක් තමයි මේ කතාවෙන් කියවෙන්නෙ. ඒ වගේ අවස්ථාවකත් මිනිස් හිත වෙනස් වෙන හැටි තණ්හාව බය ඉස්සරහට එන හැටි අපූරුවට මේ කතාවෙන් බලාගන්න පුලුවන්.

Bargain Sinhala Subtitles

විශාල පැසසුමකට වගේම ඇගයීමකට ලක්වුන මේ කතා මාලාව 27 වන බුසාන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ මංගල දර්ශනය වුනා වගේම  2023 ටොරොන්ටෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලෙත් තිරගත වුනා. TheGuardian.com සඳහා වූ ඇයගේ සමාලෝචනයේදී, Lucy Mangan මෙම මාලාවට තරු පහෙන් තරු හතරක් ශ්‍රේණිගත කිරීමක් ලබා දුන්නා.

ඉතිං මම කතාව ගැන වැඩි විස්තරයක් කියන්න යන්නෙ නැහැ. මොකද එතකොට ඒකෙ රසයක් නැති වෙන නිසා. ඒ නිසා ඔයාලම කතාව බලල ඒ ගැන දැනගන්නකො.

හැමදාම කියනව වගේ උපසිරැසි වල හොඳ නරකත් කියාගෙනම යන්න අමතක කරන්න එපා එහෙනම්..

Bargain Sinhala Subtitles

ඔන්න ඉතිං ආයෙමත් නොහිතපු දෙයක් වුනා. එහෙම නේද… භූමිකම්පාවක්.. කවුරුත් නොහිතපු වෙලාවක නොහිතපු විදිහකට මේ අපූරු වෙන්දේසිය වෙන තැන භූමිකම්පාවක් වුනා. ඉතිං දැන් ගැණුම්කරුවොයි විකුණුම්කරුවොයි විකුණුම් භාණ්ඩයි ඔක්කොම එකම ගොඩේ වැටිලයි ඉන්නේ  ඒ වගේම තවත් දෙයක්. මේ වෙන්දේසියෙ වෙන්දේසි වුන මනුස්සයා වෙන කවුරුත් නෙවෙයි ගණිකා වෘත්තිය වෙන තැනක් රහසේ වටලන්න ආපු පොලිස් පරීක්ෂකයෙක්. රහස් මෙහෙයුමකට ආපු මේ මනුස්සයා නොහිතපු විදිහට අලුත් ජාවාරමක් ගැන දැනගත්තා වගේම දැන් ඒකෙ බිල්ලකුත් වෙලයි  ඉන්නේ. අර නෝවා ගෙ නැවේ වගේ මෙතනත් දැන් එක එක ජාතියෙ මිනිස්සු ගොඩක් ජීවිත බේරගන්න හදනවා. ඉතිං අපි බලන් ඉමු එයාලා කොහොමද ඒක කරන්නෙ කියලා  

Bargain Sinhala Subtitles


 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,408 downloadsDownload Bargain-E03-Sinhala-Subtitles.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Bargain Sinhala Subtitles

 

Next BT1

All BT1

Next BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

1,408 downloadsDownload Subtitles24 KB

5 comments

  1. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌
    තව 3යි.....

  2. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට..

  3. sumed

    thank you sister...

  4. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P