කොහොමද යාලුවනේ? Alice In Borderland ජපන් වෙබ් සීරිස් එකේ දෙවෙනි කොටස බාරවුනේ මට. Netflix ලගෙ මේ ජපන් වෙබ් සීරීස් එකත් කට්ටියට හොඳට අල්ලල යන්න ඇති කියල හිතනවා. කොහොමත් මේක violence එකෙම පිරුණු R rated සීරීස් එකක්. ඉතිං දෙවෙනි කොටස බලන්න කට්ටියම කුතුහලයෙන් ඇති නිසා ඉක්මණටම දෙවෙනි කොටස ගැන බලමු. >අරිස…

කොහොමද යාලුවනේ? Alice In Borderland ජපන් වෙබ් සීරිස් එකේ දෙවෙනි කොටස බාරවුනේ මට. Netflix ලගෙ මේ ජපන් වෙබ් සීරීස් එකත් කට්ටියට හොඳට අල්ලල යන්න ඇති කියල හිතනවා. කොහොමත් මේක violence එකෙම පිරුණු R rated සීරීස් එකක්. ඉතිං දෙවෙනි කොටස බලන්න කට්ටියම කුතුහලයෙන් ඇති නිසා ඉක්මණටම දෙවෙනි කොටස ගැන බලමු.
>අරිසු, කාරුබේ සහ චෝටා… මුන් තුන්දෙනා අඹ යාලුවො. මොන දේ සිද්ද වුනත් දුක සතුට බෙදාගන්න තුන්දෙනා ඉන්නෙ එකට. අරිසු, අපේ ප්‍රධාන චරිතය වෙන කොල්ලා කියන්නෙ හොඳ පවුලකින් එන දක්ෂ පොරක්. ඒත් මිනිහ ඔහේ කාලය ගත කරනව කියල ගෙදරින් බැනුම් අහ අහ ඉන්නේ. කාරුබේ කියන්නේ සෙල්ලක්කාර දඩබ්බර කොල්ලෙක්. චෝටා කියන්නෙ අනිත් දෙන්නටම වඩා වෙනස් අහිංසක ලැජ්ජාශීලී තරුණයෙක්. කොහොම හරි දවසක් තුන්දෙනා මුනගැහුනු වෙලාවක දේවල් වැරදියට සිද්ද වෙලා තැනක හැංගෙන්න සිද්ද වෙනවා. ඒත් එක පාරම විදුලිය විසන්ඳි වෙලා හිටපු තැනින් එලියට ආවම තමා පුදුම හිතෙනම වැඩේ වෙලා තියෙන්නේ.
මුලු ටෝකියෝ නගරෙම මුන් තුන්දෙනා ඇර එක මනුස්සයෙක්වත් නෑ. නිකන් හැමෝම මේ තුන්දෙනාව විතරක් අතෑරලා යන්න ගිහින් වගේ. කොහොම හරි තුන්දෙනා මේ ගැන පුදුමයෙන් ඉන්නකොට තමා නගරයේ තිරයක ගේම් එකක් සහ ඒක කරන්න යන්න ඕන තැනට පාර දිස්වන්නේ. ඉතිං ෆුල් හොලමන් වෙලා මෙලෝ දෙයක් නොදැන මේ ගේම් එකට සම්බන්ඳ වෙනවා. එතනට අඳුනන් නැති ගෑණු ළමයි දෙන්නෙක් ආවම තමා අරිසු ඇතුලු පිරිස දැනගන්නෙ එයාලා විතරක් නෙවේ ඉතුරු වෙලා ඉන්නෙ කියලා.ඒ දෙන්නගෙන් එක් කෙනෙක් ගේම් එක තියෙන තැනට ගියොත් නැවත පනපිටින් එලියට යන්න බැරි බවත් ජිවිත බේරගන්න ඕනෙ නම් මේ ගේම් එක අවසන් කරන්න ඕන ඕන බවත් කියනවා.
කොහොම හරි ඔයාලට මතක ඇතිනේ ඇත්තටම් මේ ගේම් මොන වගේද කියලා. එක්කො ජීවිතය… නැත්තන් මරණය. කොහොම හරි අරිසුගේ මොලේ නිසා තමා කට්ටිය නොමැරී අනූ නවයෙන් පන බේරගන්නේ. පළවෙනි ගේම් එකෙන්ම චෝටගේ කකුලත් පිලිස්සිලා ආබාදයට ලක් වෙනවා. ඉතිං ඕක තමා පළවෙනි කොටසේ සාරාංශය.
ඉතිං සීරීස් එක දිගටම බලන අයට උදවුවක් වශයෙන් පහළ තියෙන ටිකත් මම දැම්මා. ඒ ටිකත් කියවලම යන්න. ඔයාලට සීරීස් එක තේරුම් ගන්න ඒවා උදවු වේවි, ගේම් එකක් අවසන් කරන්න නම් ඒ ගේම් එකට දීලා තියෙන ඉලක්කය සම්පූර්ණ කරන්න ඕනේ. හරියට සෙල්ලම් කරන්න බැරි වුනාම හෝ ගේම් එක අවසන් කරගන්න නොහැකි වුනාම මරණය තමා අත් වෙන්නේ. ගේම් එකක් දින්නම දේවල් දෙකක් අදාල ක්‍රීඩකයින්ට ලැබෙනවා. එකක් Visa එක සහ අනික Play Card එකක්.
Visa: වීසා එක කියන්නේ මේ ලෝකයෙ රැඳී සිටින්න පුලුවන් කාලය. අදාල කාල සීමාව අවසන් වුනාම ඒ අදාල පුද්ගලයව මරලා දානවා. පළවෙනි එපියෙ තිබුනු විදිහට මෙහෙම කරන්නේ අහසින් එල්ල කරන ලේසර් ප්‍රහාරයක් මගින්. Visa එක කල් ඉකුත්වන කාල සීමාව දීර්ග කරගන්න තියෙන එකම ක්‍රමය ගේම්වලට සහභාගී වීම. ඒ නිසා මේ ලෝකයේ ඉන්න හැමකෙනෙක්ටම පන බේරගන්න ඕනෙ නම් ගේම්වලට සහභාගී වීම අනිවාර්යයි.
Play Card: ගේම් එකක් අවසන් කළාම කාර්ඩ් පතක් දෙනවා. මේ අදාල කාර්ඩ් එක මොකද්ද කියලා සෙල්ලම පටන් ගන්න කලින් අදාල ක්‍රීඩකයින්ට ලබා දෙන ජංගම දුරකතනයේ දිස්වෙනවා. ගේම් එක අවසන් කළාම අදාල ප්ලේ කාර්ඩ් එක ලබගාන්න පුලුවන්.
Game Arena: මේ විදිහට හඳුන්වන්නේ අදාල ගේම් පවත්වන ස්ථානයට. නගරය තුළ තියෙන ඕනම ස්ථානයක් game arena එකක් බවට පත් වෙන්න පුලුවන්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
7,688 downloadsDownload A.I.B_S01E02.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින්ත කල්හාර බෙනට්
Subtitles
8 comments
sachintha
thilina
adooo thq komlooo .kauru hari sub krna kenk invnm mevata th sub denako
Muppets Haunted Mansion [2021]
Paranormal Activity Next of Kin [2021]
Pokemon the Movie Secrets of the Jungle [2021]
Apex [2021]
The Professor And The Madman (2019)Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Tharindu
Thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pavith Wijesooriya
ස්තූතියි සහෝ සබ් එකට...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි