ඩිස්නි හොට්ස්ටාර් වෙතින් මුදාහැරපු තවත් එක ජනප්‍රිය කතාමාලාවක් තමයි Criminal Justice කියන්නේ. දැන් අපි මේ බලාගෙන යන්නේ ඒකේ තුන්වෙනි කතාසමය. ඒකෙත් කොටස් 5ක් දක්වා ඇවිල්ලා. සතියට එක කොටස ගානේ එන හින්දා තවත් සති දෙකකින් මේ කතාමාලාවත් අවසන් වෙනවා. මේ වෙද්දි 6 වෙනි කොටසත් ඇවිත් තියෙන නිසා වැඩිය පරක්කු න…

ඩිස්නි හොට්ස්ටාර් වෙතින් මුදාහැරපු තවත් එක ජනප්‍රිය කතාමාලාවක් තමයි Criminal Justice කියන්නේ. දැන් අපි මේ බලාගෙන යන්නේ ඒකේ තුන්වෙනි කතාසමය. ඒකෙත් කොටස් 5ක් දක්වා ඇවිල්ලා. සතියට එක කොටස ගානේ එන හින්දා තවත් සති දෙකකින් මේ කතාමාලාවත් අවසන් වෙනවා. මේ වෙද්දි 6 වෙනි කොටසත් ඇවිත් තියෙන නිසා වැඩිය පරක්කු නොකර කලින් කොටසේ වෙච්ච දේවල් මතක් කරගමු.

මුකුල්ට සිද්ධ වෙච්ච හදිසි ප්‍රහාරයෙන් පස්සෙ වෙච්ච දේ මතක ඇතිනේ. බාලවයස්කර නිවාසයේ පාලකතුමා මුකුල්ට මේ දේ කරපු අයව ගෙනල්ලා තරවටු කරා. ප්‍රශ්නේ එතනින් ඉවර වෙයිද කියලා දෙයියෝ තමා දන්නේ. ඔය අතරේ මාධව් උත්සහ කරේ මුකුල්ව වැඩිහිටියෙක් විදිහට සලකලා නඩු විභාගයක් තියන එක නතර කරන්නයි. තාමත් 18 පැනපු නැති මුකුල්ව බාලවයස්කරුවෙක් විදිහටම නඩු විභාගයට ඉදිරිපත් කළොත් ලැබෙන දඬුවමත් ලිහිල් වෙනවා. ඒත් මානසික වයසත් එක්ක බලද්දි මුකුල්ව වැඩිහිටියෙක් විදිහට සලකලා මේ නඩු විභාගය තිබ්බොත් සහ ඒකෙන් වැරදිකරු වුනොත් මේ බරපතල අපරාධය නිසාම මුකුල්ට ලැබෙන්නේ මරණ දඬුවම, එක්කෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම. මේ බව දැනගත්තු මුකුල්ට හීන් දාඩිය දාන්න ගන්නවා. ඒ නිසාමයි මිනිහා මානසික වයස තීරණය කරන පරික්ෂනයට වෙනම ගැටයක් ගැහුවේ. ඉතින් මතක ඇතිනේ එයා මනෝ උපදේශක එක්ක කතා කරපු විදිහ සහ පස්සෙ නඩු විභාගයේදි සිද්ධ වෙච්ච දේවල්. ඔය අතර අවන්තිකාට, මිනිමරුවා වෙන්න පුලුවන් තව කෙනෙක් ගැන සැකයක් එනවා. බලමු දැන් කතාව මොන පැත්තට යයිද කියලා.

හයවෙනි කොටසින් හමුවෙමු. ජයවේවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

2,470 downloadsDownload CJ-AS-S03-E05.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සිසිත සමරතුංග

Subtitles

2,470 downloadsDownload Subtitles29 KB

15 comments

  1. Anonymous

    Ela ela saho

  2. Sisitha

    meka kohenda download karanna puluwan ?

  3. Anonymous

    Where is the download file bro?

  4. Nimal perera

    Life on mars (2018) korean drama එකට සිංහල සබ් දෙන්නකෝ.

    1. sisitha

      korean karanne na bro

  5. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  6. Kushan

    Sub akta thanks

  7. Naveen Mbr

    උපසිරැසියට ස්තූතියි සහෝ!

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  9. Anonymous

    Sisitha brother can you provide the download link please

  10. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  11. mindika

    Thanks !!!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. lakshan

    thanks ...............

  14. viraj

    thanks.......