Tabbar එහෙමත් නැත්තම් පවුල කියන Mystery | Thriller ගණයේ මේ කතාමාලාව පසුගිය වසරේ විකාශනය වෙන්න පටන් ගත්තේ Sonyliv ඔස්සේ. කොටස් 8කින් සමන්විත මේ කතාමාලාව ගැන කෙටියෙන් කිව්වොත් කුතුහලයෙන් බලලා ඉවර කරන්න පුළුවන්, Drishyam සිනමාපටය වගේ කතාවක් දිවෙන ජාතියේ එකක්. ප්‍රේක්ෂක විචාරක දැඩි ආකර්ෂණයක් මේ කතාමාලා…

Tabbar එහෙමත් නැත්තම් පවුල කියන Mystery | Thriller ගණයේ මේ කතාමාලාව පසුගිය වසරේ විකාශනය වෙන්න පටන් ගත්තේ Sonyliv ඔස්සේ. කොටස් 8කින් සමන්විත මේ කතාමාලාව ගැන කෙටියෙන් කිව්වොත් කුතුහලයෙන් බලලා ඉවර කරන්න පුළුවන්, Drishyam සිනමාපටය වගේ කතාවක් දිවෙන ජාතියේ එකක්. ප්‍රේක්ෂක විචාරක දැඩි ආකර්ෂණයක් මේ කතාමාලාව දිනාගත්තා. ජාත්‍යන්තර සිනමා දර්ශකයෙත් 8.3ක දැවැන්ත අගයක් හිමිකරගෙන තියෙනවා. ඉතින් පසුගිය දවසේ ඉඳන් තේරෙන සිංහලෙන් ඔයාලත් Tabbar බලන්න පටන්ගත්තනේ. මේ වෙනකම් දුන්නු කොටස් දෙක බලපු අයට නම් කුතුහලයෙ නිමක් නැතුව ඇති. කාටත් කියලා ඔන්න ගෙනාව ඊළඟ කොටසත්. පොඩ්ඩක් මතක් කරගමු කලින් කොටස.
ඕම්කාර් සිල්ලර බඩු කඩයක් කරගෙන යනවා කියලා දන්නවනේ. දවස් කීපෙක ඉඳන් කඩෙන් හෙන කුණු ගඳක් එන්න අරන්. කඩේ වැඩ කරන කොලුවා වගේම කඩේට බඩු ගන්න එන යන අය මේ ගැන කිව්වත් ඕම්කාර් නෙමේ ඒ ගැන මායිම් කළේ. ගබඩාකාමරෙන් කුණු ගඳ එනවයි කියලා ඒ මීයක් මැරිලා වෙන්න ඇතිය කියලා, වැඩ කරන කොලුවා සුද්ධ කරන්න කාමරේ යතුර ඉල්ලුවත් ඕම්කාර් නෙමේ යතුරවත් දුන්නේ. ගබඩාකාමරේ තියෙන්නේ මීයෙක්ගේ මළකුණක් නෙමේ කියලා දන්නේ ඕම්කාරුත් අපි කට්ටියත් විතරයි. කොහොමහරි තව ටික දවසකින් ගඳ ඉවසගන්න බැරිවෙන බව ඕම්කාර්ට දැනුනා.ඒ හින්දයි රෑ පානේ හැපී එක්ක කඩේට ඇවිල්ලා මිනිය දාපු ගෝනිය අරන් එලියට එන්න හැදුවේ. ඒ වෙලේ සිද්ධ වෙච්ච දේ මතකයිනේ.
ඔය අතර මහීප් සෝධිගේ අතුරුදහන් වීම එයාගේ සහෝදරයා අජිත් සුළුකොට නම් තැකුවේ නෑ. මිනිහටත් එහා මිනිහගේ පුද්ගලික ආරක්ෂකයා මේක ඇඟටම අරන් තිබුණා. මේ කාටහරි පොඩි හරි ඉවක් වැටුණොත් ඕම්කාර් ඇතුළු පවුලේ කාටවත් ගැලවීමක් නම් ලැබෙන එකක් නැහැ. මොකකින් මොකක් වෙයිද? ඔය අතරේ මහජන්ටත් මේ සිද්ධිය ගැන පොඩියට වගේ ඉවක් වැටිලා තිබුණේ. මිනිහගේ කල් කිරියාව අනූව මිනිහා ගැන තමා කවුරුත් වැඩියෙන්ම බය වෙන්න ඕන.
එහෙනම් බලමු මේ කොටසත්. සුපුරුදු විදිහට කුතුහලයෙන් අඩුවක් නෑ.
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
1,662 downloadsDownload Tabbar-S01-E03.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
7 comments
Naveen Mbr
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!Kushan
Sub akta thanks
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Kantha_DLA
kotas seeratama sub denawa neda macho..
maru series ekak meka.
apata ithin ubalage pihita thama.............Sahan Gayantha
thanks a lot saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Tabbar [S01 : E03] Sinhala Subtitles | අළු යට සැඟවුණු ගිනි පුපුරක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/09/Tabbar-S01.jpg)



උපසිරැසියට ස්තූතියි සහෝ!