ආයුබෝවන් යාළුවනේ… බයිස්කෝප් වෙබ් අඩවියෙන්ම සිංහල උපසිරැසි හොයාගෙන බලන ඔයාලට දෙන්න 2021 දී නිකුත් වුන අළුත්ම රොමෑන්ටික් කොරියානු පාසල් ප්‍රේම කතාවක් වන “True Beauty” ටෙලි මාලාව, සිංහලයට හරවන්නයි මේ සූදානම. මුලින්ම මාව විශ්වාස කරලා Flower of Evil (යක්ෂයාගේ කුසුම) k-Drama එකට සිංහල උපසිරසි කරන්න අවස්ථ…

ආයුබෝවන් යාළුවනේ… බයිස්කෝප් වෙබ් අඩවියෙන්ම සිංහල උපසිරැසි හොයාගෙන බලන ඔයාලට දෙන්න 2021 දී නිකුත් වුන අළුත්ම රොමෑන්ටික් කොරියානු පාසල් ප්‍රේම කතාවක් වන “True Beauty” ටෙලි මාලාව, සිංහලයට හරවන්නයි මේ සූදානම.
මුලින්ම මාව විශ්වාස කරලා Flower of Evil (යක්ෂයාගේ කුසුම) k-Drama එකට සිංහල උපසිරසි කරන්න අවස්ථාව ලබාදුන්න ආදරණීය ඇඩ්මින් මඩුල්ලට මගේ ස්තූතිය පිරිනමන ගමන් ඒ කතාවේ එපිසෝඩ් 16ටම කමෙන්ටු දාපු හැමෝටම මගේ ආදර මෙව්වා එක <3
2021 අවුරුද්දේ කොරියන් ඩ්‍රමා පිස්සුවෙන් ඉන්න අපේ යාළුන්ට TV N වෙතින් තිළිණ කරපු, අලුත් මූණු ගොඩක් එක්ක හැඩ වුන ලස්සන High school / Romantic තුන්කොන් පෙම් සටනක් තියෙන කොටස් 16කින් යුතු K – drama එකක් තමයි මේ “True Beauty” කතා මාලාව. මේ කතාව කොමඩි/රොමෑන්ටික්/උසස් පාසල් යොවුන් ප්‍රේමය යන කැටගරි වලට වෙන් කරන්න පුළුවන්, කතාව අධ්‍යක්ෂණය Kim Sang Hyeob විසින් සිදු කර තිබෙනවා. ප්‍රධාන චරිත වලට පන පොවන්නේ MOON-GA-YEONG, CHA EUN WOO, HWANG I YEOB ඉතින් මේක සුරන්ගනා කතාවක් වගේ ප්‍රශ්ණ තියෙන හිත් නවන, ප්‍රේම කතා වලට වශි වෙන පේක්ෂකයින්ට ආසාවෙන් බලන්න පුලුවන් කොරියන් ටෙලි කතා මාලාවක්.
කතාව ගැන හැඳින්වුවොත් එක අහින්සක හිත හොඳ කෙලි පැටියෙක් ඉන්නවා ලප පිරුණ මූනක් එක්ක හැමෝම එයා කැතයි කියලා කොන් කරලා දාපු. එයාගේ නම “ඉම්-ජූ-ක්යුන්” එයාට ඉන්නවා ලස්සන අක්කෙක්, හැන්ඩි මල්ලියෙක්… හැමවෙලේම ප්‍රශ්ණ වලට පැටලෙන ආදරණීය තාත්තෙක් පවුලේ බර කරට ගත්ත පොඩ්ඩ ඇත්නම් තරහෙන් පිපිරෙන අම්මෙක්.
ඉතින් අපේ ජූ-ක්යුන් ට පාසලේදි හරියට කරදර එක ලස්සන නපුරු කෙල්කෙල්ගෙන්. ඒත් හැමෝටම දෙවියෝ අවස්ථාවක් දෙනවා කියනවනේ අපේ ආදර ජූ-බාලී (පෙට් නේම් එක) ටත් ලැබෙනවා ඒ වගේ අවස්ථාවක් වැටුන තැනින් නැගිටගන්න. එයාගේ ජීවිතේට හමුවෙනවා අලුත් පාසලක්, අලුත් යාලුවෝ වගේම නිහඬ, නපුරු, ඉගෙන ගන්න දක්ෂ පොහොසත් ලී- සූ-හෝ එන්න බලමු මේ කතාව කොහොමද කියලා
මට කියන්න මගෙ අඩුපාඩු, හොඳ නරක හැමදෙයක්ම ඔයාලගෙ කමෙන්ට් තමයි මට ලැබෙන එකම වස්තුව!!!
ගොඩක් ස්තූතියි සහය දුන් සෑම දෙනාටම!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.
4,916 downloadsDownload TB-S01-E01.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලිනි මල්ෂා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශලිනි මල්ෂා
Subtitles
32 comments
නිර්මාල් විමුක්ති
ශලිනි මල්ෂා
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
sachintha
හැකිනම් Vincenzo 2021 k-Drama එකටත් සබ් ලබා දෙන්න....
ශලිනි මල්ෂා
H.T
Wena ekak request krpnko bn........
Eka wena site ekaka deela thynawa,ubath blpnko,sub ekath awalak na
Anonymous
Mn nm illuwe "flower of evil" type eke ekak
Korean mal seen ewa nm balanne na
Awalak na mewa blna set ekakuth inno neh
Digtma k series walata sub denna sisterAnonymous
කොරියන් වල මල් සීන් නෑ බ්‍රෝ, මේක මම බලලත් තියේ tvN එකේ ඩ්‍රාමා නම් ඉතින් පට්ටම තමා ඉතින්, බලලා නැත්තම් බලන්න බ්‍රෝ, බැලුවාම තේරෙයි අනිත් ඒවාට වඩා කොරියන් පට්ට කියලා.
ශලිනි මල්ෂා
රස සාපේක්ෂයිනේ රන්ඩු වෙන්න එපා...
Anonymous
හහා ඉමොජි එක
Anonymous
Oyta sinhala poddak thereno awl wge neh....
Mamath korean series blna kenek tmai,hbai korean romance series blnne na kyla kiwwe...
TVN eke supiri series telecast wuna bawath mn dnnow,mn ewa blalath thye ( signal,vincenzo,mouse)..
Mn nm kamathi ara uda kiwwa wge crime,thriller,mystery type eke korean ewta..echcharai.....Anonymous
අනිත් ඒවට වඩා කොරියන් පට්ට..???ඔය කතාව හොලිවුඩ් ටීවි සීරීස් බලන් කෙනෙක්ටනං කියන්න එපා හොඳේ.හිනා ගිහින් මැරෙන්න වෙන්නෙ..
Anonymous
බටස ආමි on fire
Anonymous
මම බලන්නේ කොරියන් නිසා මට නම් කොරියන් සුපිරියි සහෝ! විශේෂයෙන්ම Crime,Thriller , Sci-Fi කොරියන් ඩ්‍රාමා සුපිරිම තමා, කොහොම වුනත් තමන්ගේ කැමැත්ත එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් නේ. ජය වේවා සහෝ!
Anonymous
අපො වෙන එකකට සබ් දෙන්නකො අප්පා.... වෙන සයිට් වලින් දිපු නැති එකකට... තව කොච්චර ලස්සන් කතා තියනවද... Imitation (2021) Undercover (2021) Penthouse (2021) Taxi Driver (2021) Oh My Ladylord (2021) Youth Of May (2021) Law School (2021) වගේ එවාට සබ් දෙන්නකො....
Anonymous
ඇත්ත සහෝ ඔය ඩ්‍රාමා ටික නම් පට්ටම තමා, වෙන වෙබ් සයිට් එකකින්වත් සබ් දීලා නැති සුපිරි ඩ්‍රාමා සෙට් එකක්! විශේෂයෙන්ම Law School, Taxi Driver, Imitation, Youth Of May සුපිරිම OnGoing යන සහ ගිය මාසයේ telecast වෙලා ඉවර වුනු සුපිරිම ඩ්‍රාමා සෙට් එකක්, වෙන වෙබ් සයිට් වලින් දුන්නේ නැති ඔය සහෝ ඉල්ලුවා වගේ සුපිරි ඩ්‍රාමාවලට සබ් දෙන්න කියලා ඉල්ලනවා, ජය වේවා!
ශලිනි මල්ෂා
බලමු ඉදිරියට..
සනුක
බලමු නෙමෙයි... අනිවාර්යයෙන් ම...
Anonymous
බොහෝම ස්තූතියි සිස්!
kavinda gamage
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ශලිනි මල්ෂා
ආදරෙයි!
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
ශලිනි මල්ෂා
ආදරෙයි!
Dilshan Sachintha
ලස්සන කතාවක් වගේ, ලිස්ට් එකට දා ගත්තා ඕන් අනිවා බලන්නම.. සබට තුති.
ශලිනි මල්ෂා
බලන්න අනේ. හිනාවෙවී බලන්න පුලුවන්...
Nilush Angana
Sub ekata thanx
ශලිනි මල්ෂා
️️
Sachintha Benat
Thanks for the sub
ශලිනි මල්ෂා
❤
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Adeesha
නියමෙට සබ් එක තියෙනවා. thanzzz
dilon
I was watching this in English but one of my friends told me to watch it with this subtitle this is amazing You have made the show double hilarious with funny lines. the show is really funny but at the same time, it has an amazing script. this is my first k drama Experians your subtitles skill made me watch more Bravo
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


බොහොම ස්තුතියි උපසිරසියට...