මේ Spring Season එකේ Most Hype ම ඇනිමෙ සීරීස් එක වෙන උද්වේගකර Demon Slayer Season 3 හි Episode 6 එක්කයි ඔයා මේ එකතු වෙන්නෙ. ඇත්තටම මේ Season 3 එකේ Hype එක පටන් ගත්තෙ දැන් කියල කිව්වොත් හරියටම හරි. ඉතින් Season 3 හි මෙතෙක් අපිට සටනකදි දකින්න ලැබුනු හොඳම ඇනිමේෂන් පසුගිය 5 වෙනි කොටසින් දකින්න ලැබුනා.…

මේ Spring Season එකේ Most Hype ම ඇනිමෙ සීරීස් එක වෙන උද්වේගකර Demon Slayer Season 3 හි Episode 6 එක්කයි ඔයා මේ එකතු වෙන්නෙ. ඇත්තටම මේ Season 3 එකේ Hype එක පටන් ගත්තෙ දැන් කියල කිව්වොත් හරියටම හරි. ඉතින් Season 3 හි මෙතෙක් අපිට සටනකදි දකින්න ලැබුනු හොඳම ඇනිමේෂන් පසුගිය 5 වෙනි කොටසින් දකින්න ලැබුනා. ඇත්තටම මේ Season එක Release වෙන්නත් කලින් Ufotable Studio එකෙන් කියපු ඉහළ මට්ටමේ ඇනිමේෂන් තමයි ඒ විදිහට බලාගන්න ලැබුනේ. කොටින්ම කිව්වොත් 1 වෙනි කොටසින් ම ඒ වෙනස පැහැදිලිව දකින්න ලැබුනා.🔥 ඒ කොලිටිය ඒ විදිහටම අරගෙන 6 වෙනි කොටසට යන්න කලින් මේ වෙනකොට කතාවෙ සිද්ධ වුනු දේ කෙටියෙන් මතක් කර ගනිමු.
යක්ෂ නාශක බලකායේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වෙන අසිපත් සාදන්නන්ගේ ගම්මානය දරුණු ගණයේ යක්ෂ ප්‍රහාරයකට ගොදුරු වුනා. ඇත්තටම සැඟවුණු ගම්මානයක් වෙන මේ ගම්මානය යක්ෂයින්ට හෙළිදරව් වුනේ කොහොමද කියන එකත් පුදුමයක්. අනිත් පුදුම සහගත දේ තමයි මේ ප්‍රහාරය එල්ල කරන්නෙත් යක්ෂාධිපති කිබුට්සුජි මුසාන්ගේ ඉහළම ගෝලයෝ දෙන්නෙක් වෙන පිළිවෙළින් ඉහළ පස්වෙනි සහ හතරවෙනි නිළයන් දරන ගියොක්කො, හන්ටෙන්ගු යක්ෂයින් දෙන්නායි. මේ දෙන්නගෙ ඉලක්කයනුත් එකිනෙකට වෙනස් කියල දැන් අපිට පැහැදිලියි. ඒ වගේම පුදුම සහගත විදිහට හන්ටෙන්ගුගෙන් බෙදී ගිය යක්ෂයින් 4 දෙනාට එරෙහිව සටන් කරන්න තන්ජිරෝ, නෙසුකො, ගෙන්යා කියන තුන්දෙනා කණ්ඩායම් වෙනවා. මීදුම් හෂිරා සහ ලව් හෂිරා ගමට එල්ල වුනු මාළු රාක්ෂයින්ගේ ප්‍රහාරවලට එරෙහිව සටන් කරනවා.
ලව් හෂිරා වෙන මිට්සුරි කන්රොජිගේ ආදර ශ්වසන ක්‍රමයත් අපිට පළවෙනි වතාවට බලාගන්න ලැබුනා. ඒ වගේම එයාගෙ අසිපතත් හරිම පුදුම සහගත බව අපිට දකින්න ලැබුනා. මීදුම් හෂිරා වෙන මුයිචිරෝ තොකිතෝගේ මුහුණටම ඉහළ පස්වෙනියා වෙන, නිතරම පෝච්චියක් ඇතුළෙ ඉන්න ගියොක්කොවත් මුණ ගැහෙනවා. ගමට එල්ල කරපු මාළු රාක්ෂ ප්‍රහාරය ගියොක්කොගෙ වැඩක් කියල දැන් පැහැදිලියි. ඒ වගේම අසිපත් සාදන ගම විනාශ කරලා යක්ෂ නාශක බලකායේ ප්‍රධානියා ළඟට යන එක තමයි අරමුණ කියලත් ගියොක්කො නොකියාම කිව්වා. තමන්ගෙ බිහිසුනු කලාකෘති ගැනයි පෝච්චි ගැනයි උදම් අනන ගියොක්කෝගේ ගෙල සිඳීමේ අදිටනින් මුයිචිරෝ ගියොක්කොට එරෙහිව සටනට මුල පුරනවා. ඒ සටන පැත්තකින් වෙද්දි තවත් පැත්තකින් නෙසුකෝගේ උදව්වෙන් Demon Slayer Mark එකත් ආපහු අවදි කරගෙන, බලවත් හිනෝකමි කගුරා ප්‍රහාරයකින් හන්ටෙන්ගුගේ යක්ෂයින් තුන් දෙනෙකුගේ ගෙල එකවර සිඳින්න තන්ජිරෝ සමත් වෙනවා. ඒත් එක යක්ෂයෙක් ඉතුරුයි. අන්තිමේදි අහම්බෙන් වගේ එවෙලේම ඉතුරු යක්ෂයාත් ගෙන්යාගෙන් මැරුම් කාලා. දැන් හතර දෙනාම මරපු නිසා තන්ජිරෝ සතුටින්. ඒත් ගෙන්යා සතුටින් නෙමෙයි. ගෙන්යාගේ පෙනුම වෙනස් වෙලා, මුහුණත් අමුතුයි….😬
අපි දැකපු විදිහටනම් ඉහළ හතරවෙනියා ලේසියෙන්ම පරාද වුනානෙ. ඒත් ඇත්තටම එහෙම වුනාද? ගෙන්යාට මොකද වුනේ? ගෙන්යාගේ අතීත කතාවකුත් මේ කොටසින් බලාගන්න ලැබෙනවා. ඒ වගේම තන්ජිරෝ දැන් Demon Slayer Mark එක අවධි කරගන්න හැටිත් දන්නවා. දැන් ඊළඟට මොකක් වේවිද? බලලම හොයාගන්න එහෙනම් මීළඟට මොකද වෙන්නෙ කියලා. උපසිරැසිය ගැන පහලින් ඔයාගෙ Comment එක දාගෙන යන්නත් අමතක කරන්න එපා. තව සතියකින් Demon Slayer Season 3 හි Episode 7 එකෙන් මුණගැහෙමු. එතකන් හැමෝටම ජය වේවා.👋
ලංකන් Weebs වෙනුවෙන් – මලිත් කෞෂාල්
Episode Name : Aren’t You Going to Become A Hashira?
Air Date : 2023.05.14
Runtime : 24 min.
IMDB Rating : 8.8
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.
8,504 downloadsDownload Demon-Slayer-Kimetsu-no-Yaiba-S03E06.zip14 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #2021
- #2023
- #Akiyuki Shinbo
- #Demon Slayer
- #Demon Slayer S03 Sinhala Sub
- #Demon Slayer Season 03 Sinhala sub
- #Demon Slayer Sinhala Sub
- #Editor's Pick
- #Hitoshi Ône
- #Kimetsu no Yaiba
- #Mamoru Miyano
- #Masaki Suda
- #MaxxA
- #Mugen Train Arc
- #Nobuyuki Takeuchi
- #Offbeat
- #Season 3
- #Shunji Iwai
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Suzu Hirose
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
21 comments
kamaboko gonpachiro
kamaboko gonpachiro
Thank you very much for the subtitles mate :) Keep it up.....
ලංකන් weebs
Thank You.❤️
Tharindu
Supiri sub ekata thanks
ලංකන් weebs
Thank You.❤️
Anonymous
Sub ekt thanks
Anonymous
thanks
ලංකන් weebs
Thank you.❤️
Anonymous
thanks sub ekata
ලංකන් weebs
Thank you.❤️
Akila Dilhara
Thanks Brother...
ලංකන් weebs
Thanks.❤️
seneth sehan
thanks bokka
ලංකන් weebs
Thanks.❤️
Chamath
Godak thanks❤️.
Digatama karagena yannලංකන් weebs
Thank you.❤️
Anonymous
Ilaga ekath ikmantama danna
ලංකන් weebs
පුලුවන් ඉක්මනින් දෙනවා.
Pavith Wijesooriya
සබට ස්තූතියි මලිත් සහෝ...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan Madusha
බොහෝම ස්තූතියි.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![ඩීමන් ස්ලේයර් [S03 : E06] Sinhala Subtitles | සහෝදරත්වයේ රුධිරය වෙනුවෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/DMNSlR-S03-a.jpg)



Thank you very much for the subtitles mate :) Keep it up