The Family Man, Mirzapur, Paatal Lok වගේ සුපිරි ඉන්දියන් කතාමාලා රැසක් දායාද කරපු ඇමසෝන් ප්‍රයිම් වෙතින් එලි දක්වපු තවත් සුපිරි කතාමාලාවක් තමා අපි මේ අරන් එන්නේ. Crime|Drama|Mystery ගණයට අයිති වෙන මේ Dahaad කතාමාලාවට IMDb අගය 7.3ක් ලෙසත් සටහන් වෙලා තියෙනවා. ඉදිරියට මේ අගය තවත් වැඩිවෙන්න පුළුවන්. මේ…

The Family Man, Mirzapur, Paatal Lok වගේ සුපිරි ඉන්දියන් කතාමාලා රැසක් දායාද කරපු ඇමසෝන් ප්‍රයිම් වෙතින් එලි දක්වපු තවත් සුපිරි කතාමාලාවක් තමා අපි මේ අරන් එන්නේ. Crime|Drama|Mystery ගණයට අයිති වෙන මේ Dahaad කතාමාලාවට IMDb අගය 7.3ක් ලෙසත් සටහන් වෙලා තියෙනවා. ඉදිරියට මේ අගය තවත් වැඩිවෙන්න පුළුවන්. මේ Dahaad කතාමාලාව පුරා එක හුස්මට කුතුහලයෙන් බලාගෙන යන්න පුළුවන් කොටස් 8ක් අඩංගු වෙලා තියෙනවා. රංගනයෙන් Sonakshi Sinha, Vijay Verma, Gulshan Devaiah, Sohum Shah ඇතුළු පිරිසක් එක්කහු වෙනවා. අධ්‍යක්ෂණයෙන් එකතු වෙන්නේ Reema Kagti, Zoya Akhtar, Farhan Akhtar වගේ සුපිරිම සෙට් එකක්. ඒ නිසා Dahaad මගහැරගන්න හිතන්නවත් එපා. ඉතින් කුතුහලයෙන් ඉතිරුණු පලවෙනි කොටස බලන්න ඇති අපේ රවිඳු මල්ලිගේ උපසිරැසියෙන්. දැන් අරන් එන්නේ දෙවැනි කොටස. මේ වෙනකම් මොනවද සිද්ධ වුණේ කියලා බලමු.

ඒ රාජස්ථානයේ මන්ඩාවා කියන ප්‍රදේශය. අංජලී කියන්නේ එකේ පොලිසියේ සේවය කරන උප පොලිස් පරීක්ෂකවරියක්. අංජලී දඩබ්බරයි, කෙල්ලෙක්ගේ සාමාන්‍යයෙන් තියෙන සියුමැලි ගතිය නැතිම තරම්. තාම විවාහයක් ගැන හිතලවත් නැති එයාගේ ජීවිතේ වුණේ පොලිස් රාජකාරිය විතරමයි. ඔය අතර පොලිසියට අලුත් නඩුවක් අරගෙන ගම්වැසියෝ කිහිපදෙනෙක් එනවා මතක ඇති. හින්දු-මුස්ලිම් ප්‍රේම සම්බන්ධයක් නිසා වෙච්ච පටලැවිල්ලක් තමයි මේකට මුල් වෙන්නේ. ඔය අතර තවත් හාදයෙක් ඇවිල්ලා ඉන්නවා තමන්ගේ අතුරුදහන් වෙච්ච නංගි ගැන පැමිණිලි කරන්න. ඔය කුලමල භේද දේවත්වයෙන් අදහන අය හින්දම අඩුකුලයක වෙච්ච මෙයාගේ පැමිණිල්ල පොලිසිය වැඩි සැලකිල්ලකට ගත්තේ නැහැ. අතුරුදහන් වෙච්ච නංගි කොල්ලෙක් එක්ක පැනලා ගියාය කියන්න හොඳටම සාක්ෂි තිබ්බ නිසා වැඩිය කවුරුත් මේ ගැන හිතුවෙත් නැහැ.

ඔය අතර කොලේජ් එකක මහාචාර්යතුමෙක්ව පෙන්නනවා. නමින් ආනන්ද්. ඉතින් පන්ති කාමරේ ආනන්ද් හැසිරෙන විදිහ. මගතොටේ හැසිරෙන විදිහ. ඒ වගේම එයාගේ දරු පවුල, බිරිඳ වන්දනා, වන්දනාගේ රැකියාව, එයාට තිබ්බ වෙනත් සම්බන්ධකම් මේ හැමදේම අපිට දකින්න හම්බෙනවා. ඒ වගේමයි ආනන්ද්ගේ වෑන් රථය සහ අර යට කියපු අතුරුදහන් වෙච්ච තරුණියට එයා සම්බන්ධ වෙන හැටිත් හොඳට දකින්න ඇති.

අතුරුදහන් වෙච්ච ක්‍රිෂ්ණාගේ දුරකථන ඇමතුම් වාර්තා වලින් අංජලී ඇතුළු පිරිසට එක නොම්බරයක් ගැන සැක හිතෙනවා මතක ඇති. ඒත් ඒ කෙනාව හොයන් යන්න කලින් තවත් කණ්ඩායමක් තමන්ගේම දඩයමක් කරගන්න යන බවත් එයාලට ආරංචි වෙනවා. ඒ වගේම දුම්රිය මාර්ගයේ සිද්ධ වෙන්න යන අනතුරත් එක්ක පලවෙනි කොටස නිමාව දකිනවා.

එතන ඉඳන් එක්කහු වෙන්න.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,221 downloadsDownload Dahaad.S01E02.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

Subtitles by

PHOENIX

Subtitles

3,221 downloadsDownload Subtitles25 KB

8 comments

  1. Anonymous

    Sonakshi set na mata nm
    Kathawanm supiryak
    thanks mcho

  2. Ravindu_Heshan

    sub ekata thanks ayiye

  3. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි PHOENIX ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. Sanjeewa Malith

    Thank u subtitles akata

  5. Anonymous

    Thanks jayawewa.....!

  6. RAJITHA

    EPISODE 3 ...
    GOOD WORK...

  7. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P