Dororo ඇනිමේ සීරීස් එකේ 03 හා 04 කොටස් සඳහා වූ සිංහල උපසිරසි සමඟයි ඔයා මේ එකතු වෙන්නේ. කලින් කොටස් දෙකේ කතාව බොහොම කෙටියෙන් මතක් කළොත්, දයිගෝ කගෙමිට්සු දොළොස් යක්ෂයින් සමඟ ඇති කරගත් ගිවිසුම නිසා ඔහුගෙ දරුවට අත්වුණු විපත මතක ඇතිනේ.ඇස් කන් අත් පා නැති හරියට කිව්වොත් ඇට සැකිල්ලක් වගේ දරුවෙක් තමා ඉපදුන…

Dororo ඇනිමේ සීරීස් එකේ 03 හා 04 කොටස් සඳහා වූ සිංහල උපසිරසි සමඟයි ඔයා මේ එකතු වෙන්නේ.

කලින් කොටස් දෙකේ කතාව බොහොම කෙටියෙන් මතක් කළොත්, දයිගෝ කගෙමිට්සු දොළොස් යක්ෂයින් සමඟ ඇති කරගත් ගිවිසුම නිසා ඔහුගෙ දරුවට අත්වුණු විපත මතක ඇතිනේ.ඇස් කන් අත් පා නැති හරියට කිව්වොත් ඇට සැකිල්ලක් වගේ දරුවෙක් තමා ඉපදුනේ.ඔහු මේ ලෝකෙට ඉපදුනේ අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් විදිහට උනත් අර අකුණ ගහපු වෙලාවෙදිම යක්ෂයින් ඔහුගේ අවයව පැහැර ගන්නවා.ඒ දයිගෝගේ ඉල්ලීමට හිලව් කිරීමක් වශයෙන්.ඉතින් අන්තිමේදී මේ දරුවව ගඟේ පා කරලා යවනවනේ.ඔය සිද්ධිය වෙලා හරියටම අවුරුදු 16 කට පස්සේ ඔහු Demon slayer කෙනෙක් වෙලා දැන් යක්ෂයො දඩයම් කරනවා.ඔහුගේ නම යක්කිමරු කියලත් දැන් ඔයාලා දන්නවනේ. ඒ එක්කම දැන් ඩොරෝරෝ කියලා පොඩි කොල්ලෙකුත් ඔහුගේ ගමනට එකතු වෙලා. පළවෙනි කොටසින් ග‍ඟේ ආපූ කුණු ගොඩක් වගේ යක්ෂයෙක් පරද්දලා ඔහු තම මුහුණේ සම නැවත ලබා ගත්තා. දෙවෙනි කොටසින් “බණ්ඩායී” කියලා යක්ෂයෙක්වත් පරාද කරලා තම ශරීරයේ සංවේදනය නැවත ලබා ගත්තා මතක ඇතිනේ.

ඉතින් අද කොටස් වලින් මොකද වෙන්නේ? එදා ගඟේ පා කරපු ඒ ඇටසැකිල්ලක් වගේ හිටපු පොඩි එකා කොහොමද Demon Slayer කෙනෙක් උනේ? කවුද ඔහුව බලාගත්තේ? ඔහුව පුහුණු කළේ කවුද? ඉතින් මේ ප්‍රශ්න වලට මේ කොටස් දෙකින් ඔයාලට උත්තර හොයාගන්න පුලුවන්. ඒ කියන්නේ අද යක්කිමරු ගේ අතීතය ගැන අපිට දැන ගන්න ලැබෙනවා.

ආ… තව දෙයක්. යක්ෂයො කිව්වාම ඒ පණ තියෙන අසික්කිත ජීවියෙක් විතරක්ම නෙමේ. අජීවී විදිහටත් යක්ෂයාට පෙනී හිටින්න පුලුවන්. එහෙනම් බලලම දැන ගන්නකෝ.

05 සහා 06 කොටස් වලින් නැවත හමුවෙමු.👋

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,194 downloadsDownload Dororo-S01-E03-E04.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

පවිත් විජේසූරිය

Subtitles

2,194 downloadsDownload Subtitles17 KB

14 comments

  1. Thamanna

    එලම

  2. Bihandu

    Ado thanks bosa ..anime walata lankawe fanbase eka adu unaata thawath me wage sub oone

    1. Pavith Wijesooriya

      අනිවා

  3. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

  4. Adeesha

    Thanx bro

  5. kasun

    mama dubau inne hamdama wada arila awilla meka download karan balanawa godak thanku oyata

    1. Pavith Wijesooriya

      බොහොම ස්තූතියි

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  7. Anonymous

    Puluwannam The Promised Never Land S02 ekatai Parasyte The Maxim Ekatai Sub Denna..

    1. Pavith Wijesooriya

      ඉදිරියේදි උත්සාහ කරන්නම් සහෝ

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Pavith Wijesooriya

    අදහස් දක්වපු හැමෝටම ගොඩක් ස්තූතියි

  10. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  11. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️