ලංකන් weebs සහෝලා උපසිරසි දෙන “ඩීමන් ස්ලේයර්” ඇනිමේ සීරීස් එක හැමෝම වගේ බලලා ඇතිනේ. ඉතින් ඒ වගේම ancient vibe එකකට ගලාගෙන යන, කාටානා use කරලා Demon ලව slay කරන සුපිරිම warrior කෙනෙක්ගෙ කතාවක් බලමුද? එහෙනම් අද ඉඳලා උපසිරසි ලබා දෙන්නේ එහෙම ඇනිමේ සීරීස් එකකට. ඉතින් මේ තමා මම උපසිරසි ලබා දෙන පළවෙනි ඇනි…

ලංකන් weebs සහෝලා උපසිරසි දෙන “ඩීමන් ස්ලේයර්” ඇනිමේ සීරීස් එක හැමෝම වගේ බලලා ඇතිනේ. ඉතින් ඒ වගේම ancient vibe එකකට ගලාගෙන යන, කාටානා use කරලා Demon ලව slay කරන සුපිරිම warrior කෙනෙක්ගෙ කතාවක් බලමුද? එහෙනම් අද ඉඳලා උපසිරසි ලබා දෙන්නේ එහෙම ඇනිමේ සීරීස් එකකට.

ඉතින් මේ තමා මම උපසිරසි ලබා දෙන පළවෙනි ඇනිමේ සීරීස් එක.මෙච්චර කල් movies වලට සබ් දීපු නිසා වෙනසකටත් එක්ක සීරීස් එකකට දෙන්න හිතුවා.කොහොමත් දැන්ම සීරීස් එකකට අත ගහන්න අදහසක් තිබ්බෙ නෑ.නමුත් ඔයාලගේ පැත්තෙන් ආපු ඉල්ලීම් කිහිපයක් නිසා වැඩේ පටන් ගත්තා.ඉතින් වැඩ ගොඩක් අස්සෙයි මේකත් කරන්නේ. මම හැකි ඉක්මනින් උපසිරසි දෙන්න උත්සාහ කරනවා. ඔයාලගෙන් ඕනා මට ඉවසීම විතරයි.

ගොඩක් ස්තූතිවන්ත වෙනවා සයිට් එකේ ඇඩ්මින් කෙනෙක් වෙන තිසර අයියට මට මේක කරන්න අවසර දීම ගැන. ඒ වගේම ලංකන් weebs කණ්ඩායමටත්, Aot සබ් දීපූ දෙනුර වීරසිංහ මල්ලිටත්. මේ සීරීස් එකට මට සබ් දෙන්න ඕනේ නිසා මේක මටම වෙන් කරලා තියන්න කිව්වම මේ හැමෝම මට ඒකට අවස්ථාව දුන්නා.

හොඳයි එහෙනම්. මේ සීරිස් එක ගැන පොඩ්ඩක් මුලින්ම දැනගෙන ඉමුකෝ. වත්මන් ඇනිමේ හා මන්ගා කලාවේ පියා විදිහට හඳුන්වන Osamu Tezuka sensei අතින් තමයි Dororo මන්ගා එකක් මුලින්ම නිර්මාණය වෙන්නේ. ඒ 1967 දී. 1969 දී මේ මන්ගා එක based කරගෙන Dororo to Hyakkimaru කියලා ඇනිමේ සීරීස් එකක් නිකුත් වෙනවා. ඉතින් ඒ ඇනිමේ සීරිස් එකේම ප්‍රතිනිර්මාණයක් විදිහටයි 2019 දි මේ ඇනිමේ සීරීස් එක නිකුත් වෙන්නේ.

Osamu Tezuka sensei

ඉතින් අපි හැමෝම හොඳාකාරවම දන්න Attack on Titan Season 4 එහෙම Animated කරපු Mappa Studio එක තමා මේක Animated කරන්නේ. ඇනිමේ වෙනුවෙන්ම වෙන්වුනු MAL වල මේකට 8.23 ඉහළ අගයක් ලැබිලා තියෙනවා. ඒ වගේම මේක Action, Adventure, Historical, Mythology, Samurai, Shounen, Supernatural යන genres වලට තමා වැටෙන්නේ.

Tezuka sensei ගේ කලින් මන්ගා එකම based කරගෙන තවත් මන්ගා එකක් නිකුත් වෙලා තියෙනවා The legend of Dororo and Hyakkimaru කියලා.කැමති අය හොයාගෙන කියවන්න.

හොඳයි. මේ ඇනිමේ සීරිස් එකත් “ඩීමන් ස්ලේයර්” වගේ.ඒ නිසා ඔයාට අති සුපිරි සටන් ජවනිකා එහෙම අඩු නැතුව බලන්න පුලුවන්.

ඉතින් අද සබ් අරගෙන ආවේ 1 හා 2 කොටස් වලට. මේක එසේ මෙසේ කතාවක් නෙමේ.යාළු මිත්‍රකම්, දෙමාපිය සෙනෙහස, සහෝදර බැදීම්, සතුට, දුක, වෛරය මෛත්‍රිය, කරුණාව වගේ ගොඩක් කරුණු කාරණා ගැන ඔයාගේ හදවතටම ආමන්ත්‍රණය කරන කතාවක්. එහෙනම් අද කොටස් දෙක බලලම ඉන්නකෝ.

3 හා 4 කොටස් වලින් නැවත හමුවෙමු.👋

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,976 downloadsDownload Dororo-S01-E01-E02.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

පවිත් විජේසූරිය

Subtitles

2,976 downloadsDownload Subtitles21 KB

20 comments

  1. Denura Weerasinghe

    වැඩේ නම් සුපිරී☺ ඉස්සරහටත් දිගටම සබ් දෙමු

    1. Pavith Wijesooriya

      අනිවා මල්ලී, සුපිරී ඇනිමේ ටිකකට ඉස්සරහට සබ් දෙමු.

  2. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

  3. sasanka

    supiri
    godk anime valata sinhala sub na.
    enisa anime side ekath podda baluvanam hari

    1. Pavith Wijesooriya

      අනිවාර්යයෙන්ම

  4. m_x_m_0505

    thanks for the sub!

  5. Adeesha

    Thanx bro

  6. Anonymous

    Sub Ekata Thanks Bro..

  7. Anonymous

    Puluwannam The Promised Never Land S02 ekatai Parasyte The Maxim Ekatai Sub Denna..

  8. Anonymous

    thanx bro sub ekata.. eka niyamai

  9. Bihandu

    Thanks boza sub ekata

  10. Udara Damith

    elaaaaaaaa

  11. Unknown

    Wade supiri thnx sub ekta

  12. ZERON

    නියමයි සහො දිගටම සබ් එක දෙන්න පුලුවන් ඉක්මනින්️ ගොඩක් ස්තූති මේකට❣❣

  13. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  14. hunter

    thankyou subekata

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Pavith Wijesooriya

    අදහස් දක්වපු හැමෝටම ගොඩක් ස්තූතියි

  17. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  18. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️