“අමතක කරන්න එපා. අපි හොඳයි කියලා හිතන් ඉන්න ඒවාට වඩා තව තව හොඳ දේවල් තියෙනවා.” ඔව්… අපි මේ බලන්න යන්නේ, Top Rated TV Shows 250 අතරේ තියෙන කතාවක් 40,000 ඉක්මවූ දැවැන්ත මනාප සංඛ්‍යාවක ඩැහැගෙන 8.8ක අති දැවැන්ත IMDb අගයකට හිමිකම් කියූවක් හොඳම වෙබ්කතාමාලා අතරේ තියෙන වටිනාම මැණිකක් ත්‍රස්තවාදී ආක්‍රමණ, ද…

“අමතක කරන්න එපා.
අපි හොඳයි කියලා හිතන් ඉන්න ඒවාට වඩා
තව තව හොඳ දේවල් තියෙනවා.”
ඔව්… අපි මේ බලන්න යන්නේ,
Top Rated TV Shows 250 අතරේ තියෙන කතාවක්
40,000 ඉක්මවූ දැවැන්ත මනාප සංඛ්‍යාවක ඩැහැගෙන
8.8ක අති දැවැන්ත IMDb අගයකට හිමිකම් කියූවක්
හොඳම වෙබ්කතාමාලා අතරේ තියෙන වටිනාම මැණිකක්
ත්‍රස්තවාදී ආක්‍රමණ, දාම ඝාතන ගෑවිලාවත් නැති
හරිම සරල, ඒ වගේම සුගම
ලොකු ලොකු වැඩ කෑලි නැති වුණත්
කොළ බොක්කටම වදින ජාතියේ කතාවක්
කවදාවත් හාඩ් එකෙන් මකන්න නොහිතෙන එකක්
ඔක්කොටමත් එහා
ඇමසෝන් ප්‍රයිම් සහ TVF අත්වැල් බැඳගැනීමක්..
ඔව් මේ එහෙම සුපිරියක්.
“පන්චායත්”
එහෙමත් නැත්තම්
ගම්සභාව..!!
නම සෙට් නෑ වගේද? එහෙනම් මේ පැත්ත බලන්නවත් එපා.
ක්‍රියාදාම අබිරහස් වලටම තමන්ගේ රසය සින්න කරගෙන නම්,
මේ හරියට එන්න එපා.
මේක සරල, යතාර්ථවාදී, හිනාවේවි බලන්න පුළුවන් කතාවක්.
එහෙම කතා වලට කැමති නම්,
එන්න මේ පැත්තට
දින 8ක් පුරාවට
ගම් සභාවට සාදරයෙන් පිළිගන්නවා!!
කිව්වත් වගේ ක්‍රියාදාම|ත්‍රාසජනක ඝනයේ කතාන්දර විතරක්ම ප්‍රිය කරන ඔයා නම් මේක නොබලා ඉන්න එක හොඳයි. මොකද, ඔයා මේකෙන් තෘප්තිමත් වුණේ නෑ කියන්නේ බලන්න ඉන්න අයටත් ඔයාගෙන් යන පණිවිඩය හොඳ එකක් නෙමේ. ඒ හින්දා ඕනම ජාතියේ කතාන්දරයකට ඔට්ටු, හොඳ හොඳ දේවල් වල රහ දන්න උදවිය විතරක් අනිවාර්යෙන් මේ පැත්තට එන්න. මොකද මේක ඇවිල්ලා ඔයා නම් මගහැරගන්න හොඳ නැති විදිහේ කතාවක්. ලොකු දේවල් වලින් මනස පුරවගන්නේ නැතුව සැහැල්ලු විදිහට පුටුව උඩ කකුල් තියාගෙන බලන්න පුළුවන් කටුක කතන්දරයක්. ඔව් මිහිරි වුණාට ඒ යතාර්ථය නම් කටුකයි. TVF වැඩ එහෙම තමයි.
හැබෑවටම මොකක්ද මේ දෙපාරක් විතර කියපු TVF කියන්නේ? කිව්වට විශ්වාස කරනවද IMDb හොඳම කතාමාලා ලැයිස්තුවේ තියෙන ඉන්දීය නියෝජනයන්ගෙන් වැඩිම ප්‍රමාණයකට හිමිකම් කියන්නේ TVF කියලා. කවුරු කවුරු සද්ද දැම්මත් හැබෑම වැඩකාරයෝ සෙට් එක ඉන්නේ TVF එකේ. The Viral Fever නැත්තම් TVF කියන්නේ නිර්මාණශීලී ඔලු කීපයකම එකතුවක්. එයාලා එකතු වෙලා පුංචි පුංචි කතා හදනවා. ඒ කතා හැදෙන සංකල්ප මහ ලොකු දේවල් වලට ගෑවුණු ඒවා නෙමේ. අපේ ජීවිතේ එදිනෙදා අපිට මුණගැහෙන, අපි අත්දකින දේවල්. අපේ ජීවිතේ ගැටගහගන්න හදන දේවල්. ඒ පුංචි පුංචි දේවල් එකතු කරලා එයාලා කරන නිර්මාණ අපේ මොලේට වගේම හදවතටත් කරන බලපෑම කියන්න ඇත්තටම වචන නෑ. ඒ නිර්මාණ බලපෑම් කරන තරම්ම කොච්චර රසවත්ද කියලා කියනවා නම්, මුළු ලෝකයාම TVF නම දැක්ක ගමන් ඒ නිර්මාණය වැළඳගන්නේ දෝත බදලා. ඒ හින්දමයි හොඳම ඉන්දියන් කතාමාලා නම් කරන්න කිව්වොත් කාගෙත් කටවල් වලින් TVF නිර්මාණ කීපයකම නම් පිටවෙන්නේ.
ඇත්තටම කිව්වොත් TVF නිර්මාණ ඔයාලටත් අළුත් දේවල් නෙමේ. බයිස්කෝප් අපේ කවිනු සහෝදරයා උපසිරැසිය අරන් ආපු ImMature වගේම අපේ අචින්ත සහෝදරයා රංගනයෙන් දායක වුණු Flames කියන්නේ ඔය TVF කට්ටියට නෑකම් කියන නිර්මාණ තමයි. ඉතින් බලපු අය මේ වෙද්දීත් දන්නවනේ ඔය කියන කතා වල රහ. අනිත් අයටත් ආරාධනා කරන්නේ ඇවිල්ලා මේ කට්ටිය එක්කම එකතුවෙන්නයි කියලා.
අපි පන්චායත් ගැන කතා කරොත්, මේ කතාමාලාවට තියෙන්නේ කොටස් 8යි. නිතර වෙනස්, සිත්ගන්නා සුළු සංකල්ප ඔස්සේ හින්දි කතාමාලා අරන් එන ඇමසෝන් ප්‍රයිම් මෙතැනදී TVF එක්ක එකතු වෙලා තියෙනවා. සුපුරුදු විදිහටම කතාව අතිසාර්ථක වෙච්ච නිසා දෙවන සමයකුත් එනවා කියලයි ආරංචිය නම්. ප්‍රධාන චරිත වලින් එකතු වෙන්නේ ජිතේන්ද්‍ර කුමාර්, රඝුබීර් යාදව් එක්ක නීනා ගුප්තා. ඉතින් අද ඉඳන් ඔයාට මේ කතාව කොටසක් ගානේ බලාගන්න පුළුවන් අපේ බයිස්කෝප් පවුලේ දායකත්වයෙන් නිමවුණු සිංහල උපසිරැසි එක්කම. සිසිල ප්‍රසාද් සහෝදරයව ආදරෙන් මතක් කරනවා මේ කතාමාලාවට සිංහල උපසිරැසි ගේමුයි කියලා ආරාධනා කරාට. ඒ වගේම ඉදිරි කොටස් වලින් දහරා, හෙළිලි, ශසිත්, සොහාන්, සිසිත ඔයාට මුණගැහේවි. එහෙනම් ගම්සභාවට වඩින්න කියන ගමන් අපි තාවකාලිකව සමුගන්නවා. ආයුබෝං..!!
හිතේ තිබ්බ රස්සාවම හම්බෙන්නේ නැති වුණාම දැනෙන හැඟීම කවුරුත් විඳලා ඇතිනේ.
අපේ අභිෂේක් කොළුවටත් ඒ සෙතේමයි වුණේ.
අභිෂේක් කියන්නේ ඉංජිනේරු උපාධිධාරියෙක්.
ඉතින් හිතලා බලන්නකෝ ඉංජිනේරු උපාධිධාරියෙක්ට මොන වගේ රස්සාවක්ද හම්බෙන්නේ කියලා.
හෙන ලොකු එකක් කියලනේ හිතෙන්නේ.
ඔව් අභිෂේක්ටත් එහෙමයි හිතුනේ.
ඒත් අන්තිමට ලැබුණේ මොකක්ද, පන්චායත් එකක එහෙම නැත්තම් ගම් සභාවක ලේකම් තනතුරක්.
ඒකත් දුරම දුරම දුරම ගම්මානෙක.
කාලා වරෙන්කො දැන්..
කොල්ලා හොඳටම කලකිරිලා හිටියේ. ඒත් කරන්න දේකුත් නෑ.
දමලා ගහලා ගෙදර ඉන්නත් බෑ. වටේ මිනිස්සුන්ට කියන්නේ මොකක්ද?
ගෙදර මිනිස්සු මොනා හිතයිද?
ඉතින් අන්තිමේදී හරිම අමාරුවෙන් එයා හිත හදාගත්තා ටික දවසක් ඕකට යනවයි කියලා.
ඔය අතරේ ඒ ගමත් බලන් හිටියේ අලුත් ලේකම් එනකම්..
අභිෂේක් එනකම් ගොඩක් දේවල් ඒ ගමට වෙලා බලන් හිටියා.
ඒ මොනවද ඒ?

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
5,262 downloadsDownload PCHT-S01-E01.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
24 comments
sachintha
Kasun Pinto
ලිපිය කියෙව්වම එපිය බලන්නම හිතුනා.. සබට තෑන්ක්ස් ❤️
chamath thilakarathna
මේකට sub හොය හොයා හිටියේ බොහොම ස්තූති sub දෙන්න පටන් ගත්තට...hostel daze එකෙත් sub එක දෙන්න මේක ඉවර වෙලා.
Mahesh
thanks.. maru machanlaa niyama wadak...
ikmanata dennalaaaaLasitha senasum
thanks for sub .most awaited tv series. I put FB post also about the sub. thank you very much !
yohan
thanks bro... tvf ekaknan nobala kohomada...
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
kavinu
මෙව්වනේ සීරීස්! සෙකන්ඩ් එකක් එන පාටක් නම් නෑ වගේ නේද? අපරාදේ හැබැයි මේ සීසන් එකෙන් නවත්තන එකත්...
මාවත් මතක් කළාට තුති ඕං!!!
TVFලා තමා සිම්පල් කන්සෙප්ට්වලින් වැඩ දාන්නෙම,
ආයෙත් බලන්න බානවා එහෙනම්Anonymous
වැඩි දෙනෙක් නොබලන ඒවට සබ් දෙනෝ
ඊටපස්සේ කමෙන්ට් වැටෙන්නෙ නෑ
පස්සේ කමෙන්ට් නැතෙයි කියලා,ඩවුන්ලෝඩ් අඩුයි කියලා සීරිස් දෙනඑක නවත්වනෝ..........
අපි වගේ Innocent/Family Man වගේ සීරීස් ආසාවෙන් බලපු,කමෙන්ට් කරපු උන්ට මුකුත් නෑ බලන්න ආපහු වෙනදා වගේම
ඕක තමයි ඉතින් වෙන්නේ අන්තිමටSohan Jayasooriya
ඔයා මේක බලලද සහෝ ඔහොම කතා කරන්නෙ?
මයුර
නමෙන්, පෝස්ටරෙන් සීරීස් තෝරන අය ගැන නම් අපිට කරන්න දෙයක් නෑ සහෝ. අනික වැඩි දෙනෙක් නොබලන කියන්න එපා.. මේවා තමා වැඩි දෙනෙක් බලන්නේ. ලංකාවේ සිංහල උපසිරැසි එක්ක බලන සෙට් එක බැලුවෙ නෑ කියලා අනිත් අයත් බලන්නෙ නෑ කියලා හිතන්නෙපා. TVF කිව්වම බහුතරයක් දෙනා බලනවා.
අනික උඩින් කියලා තියෙනවානේ ඇක්ෂන්, ත්‍රිලර් වලට සීමා වෙච්ච අයට එන්නවත් එපා කියලා. තවත් මොනාද බම් ඉතින් කියන්න තියෙන්නේ.
tharidu16
ikamanin anik epi tikath sub dendoooo
indika75
thanks..
Nethini123
හරිම ආසාවෙන් බලපු සීරිස් එකක්. නරඹන්න හිතන් ඉන්න අය කියන්නේ highly recommend කරනවා.
බොහොම ස්තූතියි උපසිරැසට. තවත් මේ වගේ හොඳ ඉන්දියානු සීරිස් ගේන්න කියලා ඉල්ලනවා.හෙළිලි
සිසිලයියට ස්තූතියි මාවත් එක්කාසු කර ගත්තට. මයුරට ස්තූතියි මාව මතක් කරාට. ආයිත් උපසිරැසියක් කරන්න කවදා ඉඩක් ලැබෙයිද ශුවර් එකක් නෑ. මේක කරමු කිව්වෙ නැත්නම් මං පන්චායත් බලන්නෙත් නෑ. එහෙම නොබලා හිටියා නම් අපරාදේ.. හැම කොටසක් ඇතුළෙම සීරියස් කොමඩියක් තියන කතාවක්. මිස් කරගන්නෙපා ඕන්.
ජය වේවා!Sohan Jayasooriya
සබ් එකට තැන්කූ වේවා අයියේ
sandaruwan
මේ වගේ පට්ට භාන්ඩෙකට සබ් දුන්නට තැන්කු මචං ..ජය වේවා ..
tharusha
subwalata thanks bro. kota factory, hostel daze series dekatath sub denna balanna
jaya
ANUK INDEEPA
BRO Panchayat කියල ඉංග්‍රිසියෙන් දාපන්
google එකෙ panchayat sinhala subtile කියල search කරාට පෙන්නුවෙ නෑ
බයිස්කොප් එකෙ සති දෙක තුනකට කලින් අහම්බෙන් දැකල හොයාගෙන ආවෙ
සබට තෑන්කස්
TVF අනිත් ඒවටත් සබ් දෙන්න පුලුවන්නම්රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanuka
bro subswalata thanks. me lagadi set wela baluwe. supiriyak thamai. puluwan nam kota factory series ekatath sub demu
thanks again for the subs brother. keep it up
Achi
බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..sahangayantha
thanks a lot saho sub ekata
SUMITH JAYASEKARA
THANKS
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි