දවසින් දවස ගෙවිලා Panchayat කතාමාලාවේ දෙවැනි සමයත් ඇවිල්ලා, දැන් ඒකෙත් අවසානෙට අපි ළඟා වෙලා. මෙතනින් පස්සේ මොකක්ද බලන්නේ, මොනාද වෙන්නේ, ආයෙත් පන්චායත් අපිට දැකගන්න ලැබෙයිද, ලැබෙයි නම් ඒ කවද්ද කියන එක මේ වෙද්දිත් ප්‍රශ්නයක්. හිතපු විදිහටම දෙවැනි කතසමයෙන් පන්චායත් කෙරෙහි තිබ්බ ඒ ප්‍රියතාවය තවත් වැඩි…

දවසින් දවස ගෙවිලා Panchayat කතාමාලාවේ දෙවැනි සමයත් ඇවිල්ලා, දැන් ඒකෙත් අවසානෙට අපි ළඟා වෙලා. මෙතනින් පස්සේ මොකක්ද බලන්නේ, මොනාද වෙන්නේ, ආයෙත් පන්චායත් අපිට දැකගන්න ලැබෙයිද, ලැබෙයි නම් ඒ කවද්ද කියන එක මේ වෙද්දිත් ප්‍රශ්නයක්. හිතපු විදිහටම දෙවැනි කතසමයෙන් පන්චායත් කෙරෙහි තිබ්බ ඒ ප්‍රියතාවය තවත් වැඩි වුණා ගොඩ දෙනෙක්ගේ. කලින් කිව්වත් වගේ ඉන්දියාව තුළ අතිශයින්ම ජනප්‍රිය කතාමාලාවක් මේක. කතාමාලාව එනවයි කියන ආරංචිය ආපු ගමන් දත කට මැදගෙනයි ඉන්නේ කට්ටිය. ඒ තරමටම මේක පිස්සුවක් වුණා.

ඉතින් කලින් කොටසෙදි අභිෂේක්ගේ ටවුන් යාළුවා ආවනේ ගමේ දවසක් ගෙවන්න. සභාපතිතුමා ඇතුළු තුන්කට්ටුවයි අභිෂේක් සහ යාළුවයි බියර් ටිකක් අරන් සෙට් වෙන්න යද්දි විධායක්ගේ සිද්ධිය එතන තිබ්බ වාතාවරණය වෙනස් කරලා දැම්මා මතක ඇති. ඒ වගේම ගම්සභා කාර්යාලෙට ආපු පිඹුරා නිසා හැමදේම හොඳ අතට ඉවර වුණාත් දකින්න ඇති. හැබැයි අර බියර් ටික නම් තාම අභිෂේක්ගේ ඇඳ යටයි තිබ්බේ. අද කොටසින් බලන්න පුළුවන් ඒ ටික ඉවර වෙන හැටි.

ඇත්තටම අද කොටස එහෙම සැහැල්ලුවට නම් ගන්න බැරි වෙන කොටසක්. වැඩි දෙයක් කියන්නත් බෑ. පන්චායත් කතාවට හුරුවෙලා ඉන්න අයට ලොකු කම්පනයක් දනවන කොටසක් කියලම කියලා ඉන්නම්. පලවෙනි කතාමාලාව ඉවර වෙද්දී දැනුනු හැඟීම වගේ එකක් නම් අද දැනෙයිද කියන එක නම් ලොකු ගැටළුවක්. හරි, ඒ හරිය ඔයාලට ඉතුරු කරලා අපි සමුගන්නවා මේ කතාමාලාවෙනුත්. මේ දක්වා උපසිරැසි ටික සපයලා දුන්නු සොහාන්, ශසිත්, දහරා, සිසිත, සුභාෂිණි සහෝදර සහෝදරියන්ට ගොඩක් ස්තූතිවන්ත වෙන ගමන්, මේ ජනප්‍රියම Panchayat කතාමාලාවෙන් මෙහෙම සමුගන්නවා. මේ සමුගැනීම තාවකාලික වේවා කියලයි අපේ ප්‍රාර්ථනාව. ජයවේවා!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

2,805 downloadsDownload PCHT-S02-E08.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

PHOENIX

Subtitles

2,805 downloadsDownload Subtitles24 KB

16 comments

  1. Anonymous

    සබ් එකට ස්තූතියි.පුළුවන්නම් Tunnel කියන කොරියන් සීරීස් එකට සබ් එක දෙන්නකො.

  2. Sohan Jayasooriya

    4 වෙනි එපියෙ සබ් පරක්කු උන නිසා 3 වෙනි එපියෙ කමෙන්ට්ස් 49 යි.. අනිත් එපි වල කමෙන්ට්ස් 10 පැන්නෙ කලාතුරකින්.. තාමත් සබ් දෙන එක අතෑරලා දාන්න හිත හදාගන්න බෑ ඒත් මට.. සබ් එකට තෑන්ක්ස් අයියෙ.. සීසන් 3 එනවලුනේ.. ජය වේවා

    1. Udara Uluvitiya

      වැටෙන්න එපා කොල්ලො..... දිගට ම වැඩෙත් එක්ක ඉමු.... ජයෙන් ජය.....
      සබ් කරපු හැමෝට ම තුති......

  3. Achi

    බොහෝම ස්තුතියි ❤ සබ් කරපු සෙට් එකටම ...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  4. සහන්

    ආසාවෙන් බැලුවෙ,තමන්ගේ වටිනා කාලය අපි වෙනුවෙන් කැපකරගෙන මේ කරන දේට ගොඩක් ස්තූතියි .ජය වේවා

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  6. Jayawickrama

    ස්තුතියි බං

  7. ලහිරු

    ස්තුතියි උපසිරැසියට.. මේක නම් අනිවාර්යයෙන් එනකන් බලන් ඉඳපු සුපිරියක් තමයි

  8. lakmal

    ubala set ekatama godak thanks

  9. Anonymous

    bohoma isthuthi mahathmaya

  10. Lahiru Darshana

    බොහොම ස්තුතියි සබ් එකට.. ඔබට සුබ පතනවා ඉදිරි වැඩ කටයුතු වලට.. Kota factory වලට සබ් එක දෙන්නකෝ පුළුවන් නම්

  11. sahangayantha

    thanks a lot sub ekata

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. SUMITH JAYASEKARA

    thanks

  14. kasun

    Seson 3 ekata sub eka denna puluwanda

    1. විමා

      බොහෝදුරට උපසිරසි ලබාදේවි සහෝ.
      තවම මේක එන දවසක් නැහැ. 2024 කියල විතරයි තියෙන්නේ imdb එකේ නම්.