Panchayat කියන්නේ වෙබ්සීරීස් එකක් විතරක්ම නෙමේ, ඒක වෙනමම උමතුවක්. මේකේ අලුත් කතාසමයක් එනකම් කීදෙනෙක් නම් නොඉවසිල්ලෙන් හිටියද? ආවට පස්සේ කීදෙනෙක් නම් එක හුස්මට කතාව බලලා ඉවර කරාද? ආයෙත් ඊළඟ කතාසමය එනකම් කීදෙනෙක් නම් දැන් ඉඳන්ම ඇඟිලි ගනිනවද? කතාසමයන් දෙකක් පුරාවටම මේ වෙනකම් අපි එක්ක එකතු වෙලා හිටිය අ…

Panchayat කියන්නේ වෙබ්සීරීස් එකක් විතරක්ම නෙමේ, ඒක වෙනමම උමතුවක්. මේකේ අලුත් කතාසමයක් එනකම් කීදෙනෙක් නම් නොඉවසිල්ලෙන් හිටියද? ආවට පස්සේ කීදෙනෙක් නම් එක හුස්මට කතාව බලලා ඉවර කරාද? ආයෙත් ඊළඟ කතාසමය එනකම් කීදෙනෙක් නම් දැන් ඉඳන්ම ඇඟිලි ගනිනවද? කතාසමයන් දෙකක් පුරාවටම මේ වෙනකම් අපි එක්ක එකතු වෙලා හිටිය අයට නම් අමුතුවෙන් අටුවා ටීකා අවශ්‍ය නැහැ ඒ ගැන. බලපු අය දන්නවා. හැබැයි ඉන්දියාව තුළ මේක උන්මාදයක් වුණාට අපි අතරින් නම් බොහොම සුළු පිරිසයි මේක නරඹලා තියෙන්නේ. ඉතින් තවමත් අවස්ථාව ඒ අයට තියෙනවා කියලා මතක් කරන ගමන්ම මේ යන්න හදන්නේ අපේ ගම්සභාවේ දෙවන කතාසමයේ හත්වැනි කොටස දිහාවටයි. ඊට පස්සේ තව එක කොටසයි තියෙන්නේ. එතනින් මේ කතාසමයත් ඉවරම වෙලා යනවා. මතක තියාගන්න, කතාසමයන් දෙකක් දක්වා විකාශනය වුණත්, මේ මොහොත වෙද්දිත් පන්චායත් කතාමාලාව ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 8.9ක අගයක් ලබාගෙන හොඳම කතාමාලා 250 අතරින් 115වෙනි ස්ථානයේ නොසෙල්වී ඉන්න වග.
හත්වෙනි කොටස ගැන ටිකක් කිව්වොත්, පංචායයත් සභාවේ සභාපතිතුමා, විකාස් සහ ප්‍රලාද්ව එක්කන් MLA ව මුණගැහෙන්න ගිහින් වුණ කලබගෑනිය මතකනේ. එතනද MLA, සභාපතිතුමාට පුලුවන් නම් සෙනඟ එකතු කරලා පෙන්නන්න, එහෙම කලොත් නම් පාර හදන වැඩේට ප්‍රතිපාදන වෙන් කරන්න පුලුවන් කතාවක් කියනවානේ. ඔන්න මේ පාර මොන ක්‍රමයකින් හරි මේ පාර හදන වැඩේ එකලාසයක් කර ගන්නයි සභාපතිතුමා උත්සාහ කරන්නේ. මොකද ඊළඟ වතාවේ ඡන්දෙට ඉදිරිපත් වෙද්දි මේ පාරෙ වැඩේ ඉවරයක් නොවුණොත් පොඩි අවාසියකුත් තියෙනවානේ. සෙනඟ එකතු කරන්න නම් පූජා උත්සවයක් පවත්වන එක තමයි සුදුසුම වැඩේ කියලා ඒකමතිකව තීරණය වුණාට පස්සේ පංචායත් සභාවේ සියලු දෙනා ඒ වැඩේ සාර්ථක කර ගන්න වෙහෙස මහන්සියෙන් කටයුතු කරන අතරෙදි පංචායත් කාර්යාලයට හදිස්සියේම අමුත්තෙක් එනවා. ඒ කවුද? ඊට පස්සේ මොකද වෙන්නේ?
මේ කතා මාලාවේ උපසිරැසි ගැන්වීම් වල මාව සම්බන්ධ කරගෙන උපසිරසිය කරගෙන යද්දි හමුවුණ අපහැදිලි දෙබස් පැහැදිලි කරලා දීලා උදව් දුන්න මයුර මල්ලිවත් මේ වෙලාවේ ස්තූති පූර්වකව මතක් කරනවා. තවත් සිංහල උපසිරසියකින් මුණගැහෙමු. සුබ දවසක් වේවා.
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
2,902 downloadsDownload PCHT-S02-E07.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රේණුකා සුභාෂිණි
Subtitles
10 comments
Anonymous
Achi
බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..සහන්
සබ් එක ඉක්මනට ගෙනාවාට බොහෝම ස්තුතියි.
Sasika Perera
අන්තිම එකත් අදම දීල දාන්න බොහෝම ස්තුතියි රේණු  සබ් එකට…
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට ගොඩාක් පිංAnonymous
thank you.
Ishan
හැමෝටම ස්තූති..එපි 3න් නවත්තපු නිසා ගොඩක් කල් බලන් හිටියාදානකන්..
Ishan
හැමෝටම ස්තූති..එපි 3න් නවත්තපු නිසා ගොඩක් කල් බලන් හිටියාදානකන්..
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
sahangayantha
thanks a lot sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ස්තුතියි රේණුකා අනික් එකත් ඔහොමම දාල මේක ඉවර කරමු