Watch Trailer

මාස්ටර්’ස් සන් [S01 : E01] Sinhala Subtitles | දීප්තිමත් ඉර..! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ හැමෝම හොඳින් ඉන්නවද? ඔන්න මම ඔයාලට තවත් කොරියන් කතාවක් අරන් ආවා. මේක ටිකක් අමුතු තේමාවක කතාවක්. ඔන්න එක ගෑණු ළමෙක් ඉන්නව. එයාට තියෙනව විශේෂ හැකියාවක්. මොකක්ද දන්නවද? එයාට හොල්මන් පේනව. තමන්ගේ ආශාවල් ඉටුකරගන්න බැරුව මැරිච්ච අය මේයාව හොයාගෙන ඇවිත් ඒව ඉෂ්ට කරල දෙන්න කියල කියනව. මගතොටේ ය…

කොහොමද යාලුවනේ හැමෝම හොඳින් ඉන්නවද? ඔන්න මම ඔයාලට තවත් කොරියන් කතාවක් අරන් ආවා. මේක ටිකක් අමුතු තේමාවක කතාවක්. ඔන්න එක ගෑණු ළමෙක් ඉන්නව. එයාට තියෙනව විශේෂ හැකියාවක්. මොකක්ද දන්නවද? එයාට හොල්මන් පේනව. තමන්ගේ ආශාවල් ඉටුකරගන්න බැරුව මැරිච්ච අය මේයාව හොයාගෙන ඇවිත් ඒව ඉෂ්ට කරල දෙන්න කියල කියනව. මගතොටේ යද්දිත් ගෙදර ඉද්දිත් මේ හොල්මන් මෙයාව හොයාගෙන එනව. මේක මෙයාට හරිම කරදරයක්. මොකද එහෙම එන හොල්මන් එයාලගෙ ඉල්ලීම් ඉටුවෙනකල්ම එයාව අතහැරල යන්නේ නෑ. ඒ වගේම මෙයා හරිම බයයි මේ හොල්මන් වලට. ඉතින් හැමෝගෙන්ම හැංගිලා තනිවෙලා වගේ තමයි එයා ජීවත් වෙන්නේ.

ඉතින් මේ තරුණියත් හොල්මන් විශ්වාස කරන්නේ නැති ජෝ ජොන්ග් වොන් නම් අහංකාර තරුණයාගෙත් දෛවෝපගත පළමු හමුවීම තමයි මේ කොටසින් සිදුවෙන්නේ. ඒ වගේම ටායි ගොන්ග් ෂිල් කියන මේ තරුණිය හොයාගන්නව එයා හොල්මන් දැකල බය වුනාම එයාට ආරක්ෂා වෙන්න ජෝ ජොන්ග් වොන් කියන තරුණයා ආරක්ෂක ඵලකයක් වගේ කියල. ඉතින් එයා ජොන්ග් වොන් ලඟින්ම ඉන්න ඕනෙ නිසා ජොන්ග් වොන් ගෙ වෙළඳ සංකීර්ණයේ රැකියාවක් හොයාගන්නව. එතනදි එයාට හමුවෙනව එයාගෙ පාසල් කාලයේ මිතුරියක්. හොල්මන් තරුණියකට උදව් කරන්න ගිහින් මේ මිතුරියගෙ විවාහය දෙදරා යනව. ඒ වගේම ටායි ගොන්ග් ෂිල් ට දකින්න ලැබෙනවා ජොන් වොන් ගෙ පළමු ආරවන්තියගේ හොල්මන.

ඉතින් මේ ටායි ගොන්ග් ෂිල්, තරුණයාට ලංවෙලා හොල්මන් වලින් බේරෙන හැටිත්, විවිධ විධියෙ හොල්මන් මෙයාගෙන් උදව් ඉල්ලගෙන හැටිත් මේ කතාවේ හරි අපූරුවට පෙන්නනවා. ඉතින් ඔයාලත් බලන්න ඒක ලස්සනද කියලා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,401 downloadsDownload MS-E01.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

All BT1

Next BT1

Subtitles

4,401 downloadsDownload Subtitles29 KB

1 comment

  1. Anonymous

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!