ඔන්න චිත්‍රපට වලට විතරක් සබ් කරපු මමත් ටෙලි කතා මාලාවකට සබ් කරන්න එකතු වුනා. සිසිල කරමුද කියලා ඇහුවම ඉතින් බෑ කියන්න බැරි වුනා. 😛 ඇමසන් ප්‍රයිම් වීඩියෝ විසින් නිකුත් කරපු කොටස් නවයකින් යුත් මිර්සාපූර් කතා මාලාවේ දෙවෙනි කොටස අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. IMDb දර්ශකයේ 8.7 ක අගයක් මේ කතාවට ලැබී තිබෙනවා. ක…

ඔන්න චිත්‍රපට වලට විතරක් සබ් කරපු මමත් ටෙලි කතා මාලාවකට සබ් කරන්න එකතු වුනා. සිසිල කරමුද කියලා ඇහුවම ඉතින් බෑ කියන්න බැරි වුනා. 😛 ඇමසන් ප්‍රයිම් වීඩියෝ විසින් නිකුත් කරපු කොටස් නවයකින් යුත් මිර්සාපූර් කතා මාලාවේ දෙවෙනි කොටස අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. IMDb දර්ශකයේ 8.7 ක අගයක් මේ කතාවට ලැබී තිබෙනවා. කතාව සහ වටපිටාව ගැන පසුගිය කොටසින් තරිඳු අයියා හොඳ විස්තරයක් ගෙනල්ලා තිබ්බා. ඒ නිසා ඉතින් ඒ ගැන කියන්න යන්නේ නෑ. එහෙනම් මුලින්ම පසුගිය කොටස ගැන මතක් කරගෙන ඉමු.
පසුගිය කොටසින් : මිර්සාපූර් වල රජු නමින් හඳුන්වන්නේ කාලීන් භායි නැමති අවි ආයුධ ජාවාරම්කාරයෙක් වගේම නම් දරා සිටින මැරයෙක්. ඔහුගේ පුතා, එහෙමත් නැත්නම් මුන්නා භායි තමන්ගේ සගයොත් එක්ක වෙරි මතින් එනකොට මඟුල් පෙරහැරක් යනවා දැකලා ඒක මැද්දට පැනලා අහසට වෙඩි තිය තිය නටන්න ගත්තා. ඒ පත්තු වුන වෙඩිල්ලක් වැදිලා අශ්වයා පිටේ අාපු මනමාළයා මියගියා. මනමාළයාගේ පවුලේ උදවිය මුන්නා භායිට විරුද්ධව නඩුව පවරන්න නීතීඥයින් කිහිප දෙනෙක් ගාවට ගියත්, අන්තිමට බාරගන්න කැමති වුනේ නීතීඥ රාමකාන්ත් පන්ඩිත් විතරයි. ඒ වෙන කවුරුත් නෙවෙයි කතාවේ තවත් ප්‍රධාන චරිත දෙකක් වන ගුඩ්ඩු සහ බබ්ලුගේ තාත්තා. මෙයා මේක බාරගත්තා කියලා දැනගත්තට පස්සේ මුන්නා භායි රාමකාන්ත් පණ්ඩිත්ව හොයාගෙන ගෙදරට එනවා. ගුඩ්ඩු සහ බබ්ලුත් ගෙදර ඉන්න වෙලාවේ ඇවිල්ලා එයාලගේ නංගිට කියපු දෙයක් නිසා වැඩේ දුර දිග ගිහිල්ලා ලොකු ආරවුලක් ඇති වෙනවා. අන්තිමට ගුඩ්ඩු ඇතුලු කට්ටිය මුන්නා භායිට ගහලා පන්නනවා. එතනින් වැඩේ තවත් දුරදිග ගිහිල්ලා කාලීන් භායි ගුඩ්ඩු සහ බබ්ලු දෙන්නට එයාව මුණගැහෙන්න ගෙදරට එන්න කියනවා. එතනින් තමයි පළමු කොටස නිමාවට පත් වුනේ.
අද කොටස ගැන නම් වැඩිය කියන්න යන්නේ නෑ. හැබැයි අද කොටසෙදි ගුඩ්ඩු සහ බබ්ලු දෙන්නට තමන්ගේ ජීවිත උඩු යටිකුරු වන, ගත්තට පස්සේ ආපසු හැරිල්ලක් නැති විශේෂ තීන්දුවක් ගන්න වෙනවා. ඒ තීන්දුවෙන් පස්සේ මේ දෙන්නගේ ජීවිත වෙනස්ම පැත්තකට යොමු වෙනවා. ඉතින් ඒ තීන්දුව මොකක්ද? කාලීන් භායි ගෙදරටම එන්න කිව්වේ මොනාටද? ඒ දේවල් අද කොටස බලලම හොයාගන්න ඔබට බාරයි.
ඉංග්‍රීසි උපසිරැසියෙත් ඒ තරම්ම ගුණාත්මක බවක් නොතිබුණ නිසා විදෙස් ආධාර පතන්නත් සිද්ධ වුනා. 😛 ඒ අවස්තාවේ උපකාර කරපු මයුර සුරාජ් සහෝදරයාටත් බොහොම ස්තූතියි කියන්න ඕන. අවසානයට තවත් දෙයක් කියන්න ඕන සවුන්ඩ්ස් එහෙම වැඩි කරලා මුලු ගෙදරටම ඇහෙන්න බලලා එක වරම ඇති වන ශබ්ධ නිසා සිදුවන අපහසුතාවය ගැන අප වග කියන්නේ නැත. 😛 තවත් උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය!
ප. ලි. – සම්පූර්ණ කතා මාලාවම එක වීඩියෝ ගොණුවක් ආකාරයෙන් සකසා ඇති අවස්ථාද තිබෙන නිසා, එවැනි ගොණුවක් ඩවුන්ලෝඩ් වුවහොත් ඔබ අපහසුතාවයට පත්විය හැක. එම නිසා, ගැලපෙන පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තුලින් ඩවුන්ලෝඩ් කරගන්න.

![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
9,401 downloadsDownload MP-S01-E02.zip21 KB
![]()
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-03-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශසිත් සඳරුවන් (සඳේ)
Subtitles
2 comments
Shalini
Sahan Gayantha
thanks a lot Shashith sah sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thnx for sub ...❤️