ඉතින් මේ රොබින්හුඩ් පළවෙනි සීසන් එකේ අවසාන කොටසයි. දෙවනි සීසන් එකත් මම මේ ගමන්ම හදමින් ඉන්නේ. උපසිරැසිය හදලා ඉවරවුනු ගමන්, ඒක ඔයාලට ලබාදෙන්න බයිස්කෝප් කාර්ය මණ්ඩලය සැදී පැහැදී ඉන්නවා. ඉතින් ගිය වතාවේ කොටස උද්වේගකර විදියට ඉවර වුනා මතක ඇතිනේ. පසුගිය කොටසින්… රිචඩ් රජු ආපහු එන බවත්, මැරියන්ට ගිස්බන්ව…

ඉතින් මේ රොබින්හුඩ් පළවෙනි සීසන් එකේ අවසාන කොටසයි. දෙවනි සීසන් එකත් මම මේ ගමන්ම හදමින් ඉන්නේ. උපසිරැසිය හදලා ඉවරවුනු ගමන්, ඒක ඔයාලට ලබාදෙන්න බයිස්කෝප් කාර්ය මණ්ඩලය සැදී පැහැදී ඉන්නවා. ඉතින් ගිය වතාවේ කොටස උද්වේගකර විදියට ඉවර වුනා මතක ඇතිනේ.
පසුගිය කොටසින්…
රිචඩ් රජු ආපහු එන බවත්, මැරියන්ට ගිස්බන්ව බඳින්න සිද්ධ වෙන බවත් රොබින්ලාගේ කණ්ඩායමට ආරංචි වෙනවා. රොබින් මේකට විරුද්ධ නිසා, එයා ගිස්බන් ද්‍රෝහියෙක් බව පෙන්වන්න සාක්ෂි හොයනවා. ගිස්බන් ශුද්ධ වූ භූමියේ ඝාතන වැඩේට ගිය කාලෙදි, එයා මෙහෙ නොහිටි බව ඔප්පු කරන්න පුළුවන් වෛද්‍යවරයෙක්ව එයාලා හොයාගන්නවා. මැරියන්ගේ තාත්තා – සර් එඩ්වඩ් සූදානම් වෙලා ඉන්නේ, රිචඩ් රජු ආව ගමන් ෂෙරිෆ් කරපු අපරාධ වාර්තා කරන්නයි. මේ අතරේ, තමන්ගේ විවාහයට කලින්, රාත්‍රී රැකවලා විදියට අවසන් වතාවට වැඩ කරන්න යන මැරියන්, ගිස්බන්ගේ සල්ලි හොරකම් කරන්න ගිහින් දරුණු පිහි ඇනුමකට ගොදුරු වෙනවා. රොබින්ලා එයාව කැලේට ගෙනිහින්, ජැක් ලවා ප්‍රතිකාර කළත්, ඒ ප්‍රමාණවත් නොවන නිසා අර වෛද්‍යවරයව අරන් එනවා. ගිස්බන්ට පක්ෂපාතී මේ වෛද්‍යවරයා, සෙබලුන්ට තමන් පස්සෙන් එන්න පුළුවන් වෙන්න, වෙළුම්පටිවලින් පාර ලකුණු කරමිනුයි එන්නේ. මේ අතරේ, රිචඩ් රජු ආවම, තමන්ගේ පිටුවහල් ජීවිතය නිමාවෙන නිසා, විල් සහ ඇලනඩේල් ආපහු රොබින් ඉන්න දිහාවට නොයා, තම තමන්ගේ මාර්ගවල යනවා. අවසානයේදි මැරියනුත් මිය යන අතර, ගිස්බන්ලා රොබින් ඉන්න තැන වටලලා තියෙන තැනිනුයි ඒ කොටස ඉවර වුනේ.
ඉතින් අද කොටසේ විනාඩි පහක්වත් කියලා, ඔයාලගේ කුතුහලය නැති කරන්න මට ඕනි නෑ. එක හෝඩුවාවක් දෙන්නම්. ඉස්සරහට වෙයි කියලා ගිය කොටසෙදි ඔයාලා හිතාගත්ත දේවල් එකක්වත්, හිතන හැටියට වෙන්නේ නම් නෑ. කරුණාකරලා පුළුවන්නම්, ඔයාලට හිතෙන දේත් කමෙන්ටුවකින් සටහන් කරන්න. එහෙනම් දෙවනි සීසන් එකෙත් යළිත් හමුවන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. සුභ දවසක්!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,061 downloadsDownload BBC.Robin_.Hood_.S01.E13.Baiscopelk.com_.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බොබී ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
බොබී
Subtitles
22 comments
ak
zeal
Thanks Mcn... Anith Season 1tha Oya Gaman Demu Neda.. Good Luck
Chanaka
සුපිරි .mechara ikmanaa season ekata sub dunnata thanx saho
Kavishka Ransara
season 2 kawadda denne?
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
2 වන සීසන් එකෙන් නැවත හමුවෙමු...
ජයravidu ishan
tnx mchn sub ekata ..!!
බොබී
එදා ඉඳලා මේ දක්වා රැඳිලා, කමෙන්ටු දැම්මට ස්තූතියි සහෝ. අනිත් සීසන් එකත් ඔය ගමන්ම දෙනවා.
sarathprasanna
torrent ink pls
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
සුපිරි වැඩක්..
දෙවෙනි එකත් මේ වගේ ගේමු ඉක්මනටම....Ayesh Prashan
Thank You... Season 2th Denna
thumindu2000
season 2 th ikmanata denna
Lasantharathnasirirox
එක ඉවරයි.....දෙක පටන්ගමු....ජයවේවා !!
DilanDilshan
me mata me season eka download karaganna torrent hari direct hari site ekak kiyanawda kauru hari.
Kulanjana Maduranga
SUBATA THANKS
බොබී
බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් එකේ ටොරන්ට් ලින්ක් අැති සහෝ.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amal_indika
thank you.....
fattaaaa..Ushan-tharindu
S1 EKE EP1 -13 SINHALA SUB DUNNATA THANKS BRO
Lakshan MLS
thanks saho
Nipuna lakshan
sub walata godak thanks.supiri
sashan
sub ekata thanks saho....
Viraj
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


SUB ekata thanks.Devani season ekath ekmanata denna.Mama nam hithanne ne awilla enne aththa rajathuma kiyal.