Watch Trailer

Melting Me Softly AKA Nal Nokyeojuo [E03] Sinhala Subtitles | “කැටි ගැසුණු යෞවනයින්” [සිංහල උපසිරසි]

හායි! කොහොමද යාළුවනේ, මුලින් ම ඔයාලා හැමෝටම ලැබුවා වු නව වසර සුභ නව වසරක් වේවායි පතනවා! ඔන්න මම අලුත් අවුරුද්දේ ලස්සනම ලස්සන කතාවක් අරගෙන ආවා. ඒ අලුතෙන් ම විකාශය වුනු කතාවක් අරගෙන. ගොඩක් අය මේක ගොඩක් ආසාවෙන් බලලා තියෙනවා. ඒ නිසා මේක ගිය අවුරුද්දේ කොරියාවේ වගේම රටවල් ගණනාවක ගොඩක් ජනප්‍රිය වුණා. Melt…

හායි! කොහොමද යාළුවනේ, මුලින් ම ඔයාලා හැමෝටම ලැබුවා වු නව වසර සුභ නව වසරක් වේවායි පතනවා! ඔන්න මම අලුත් අවුරුද්දේ ලස්සනම ලස්සන කතාවක් අරගෙන ආවා. ඒ අලුතෙන් ම විකාශය වුනු කතාවක් අරගෙන. ගොඩක් අය මේක ගොඩක් ආසාවෙන් බලලා තියෙනවා. ඒ නිසා මේක ගිය අවුරුද්දේ කොරියාවේ වගේම රටවල් ගණනාවක ගොඩක් ජනප්‍රිය වුණා.

Melting Me Softly “කැටි ගැසුණු යෞවනයින්” නම් කතා මාලාව දකුණු කොරියාවේ 2019 සැප්තැම්බර් 28 වන දින tvN කොරියානු නාලිකාවේ විකාශය විය. Fantasy /Romantic / Comedy / Mystery ගණයට අයත් වන මෙම කතාව පළවෙනි කොටසේ දීම ප්‍රේක්ෂකයන් අතර ගොඩක් ජනප්‍රිය වුණා. එක කොටසක් මිනිත්තු 60ක් පුරාවට දිවෙන මෙම කතා මාළාව කොටස් 16කින් සමන්විතයි. ලස්සන කොරියානු කතා අධ්‍යක්ෂනය කරන Shin Woo Cheol විසින් මෙම කතාවත් අධ්‍යක්ෂනය කර ඇති අතර විවිධ කතා තිර රචනය කරන Baek Mi Kyeong ගේම සමාගමක් වන ස්ටෝරි ෆීනික්ස් විසින් නිෂ්පාදනය කරන ලදී. මේ වෙනකොට IMDB අගය 8.3/10 අගයක් අරගන්න සමත් වී තිබෙනවා. රටපුරා සියයට 2.4 ක ශ්‍රේණිගත කිරීමක් ලබා ඇති අතර, එය පෙර විකාශනයෙන් පසුව එහි ප්‍රේක්ෂක සංඛ්‍යාවේ වැඩි වීමක් පෙන්නුම් කළා. කොරියානු කතා බලන රසිකයින් අතර ජනප්‍රිය වුනු නළුවෙක් තමයි මේ කතාවේ ප්‍රදාන චරිතයෙන් දායක වෙන්නේ. Ji Chang Wook 2017 අගෝස්තු 14 වන දින දකුණු කොරියානු හමුදාවට බැඳිලා 2019 අප්‍රේල් 27 වන දින සිය තෙවසරක අනිවාර්ය හමුදා සේවය නිමවා නැවත පැමිණ පළමුවෙන් ම තම රංගනයෙන් දායක වන කතාව තමයි Melting Me Softly (날 녹여주오) කතාව. Ji Chang Wook මෙහි Ma Dong Chan ලෙසත් Rain or Shine සහ The Age of Shadows කතාවලින් ජනප්‍රියට පත් වුනු Won Jin A මෙහි Ko Mi Ran ලෙසත් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම මේ කතාවට ලැබිලා තියෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් ගොඩක් ඉහළයි.

  • This drama is so addictive. I suggeest to all kdrama lovers to watch this.
  • Love this drama.
  • I watched it when it aired. 1st time I’ve seen Jin Ah act . Jun Ho is also one of my fav. They did really well.
  • One of the best 2019 dramas thus far.

ඔය මං කිව්වේ අදහස්වලින් ටිකක් විතරයි. පැය 24ක් කැටි ගැහිලා නැවත ජීවමානව නැගිටින ක්‍රයෝජනික් ව්‍යාපෘතියට සහභාගි වන දෙදෙනෙක් වටා ගෙතුණු රහස් අභිරහස්, ආදරය, වෛරය, දුක, සතුට මේ හැමදේකින්ම පිරිච්ච ලස්සන කතාවක් තමයි මේ. ව්‍යාපෘතිය අසාර්ථක වී මේ දෙන්නා නැගිටින්නේ අවුරුදු 20කින්. අවදි වුනු මේ දෙන්නට භයානක අතුරු ආබාධයක් අත්විඳින්න සිදුවන අතර ඔවුන්ගේ දිවි ගලවා ගැනීමට නම් මූලික ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 31.5 (දළ වශයෙන් ෆැරන්හයිට් අංශක 88.7) පවත්වා ගත යුතුයි. ඉතිං මෙයාලට මොන වගේ හැඟීමක් ඇති වෙයි ද? තමන් අවුරුදු 20ක් නිදාගෙන හිටියා කියලා දැනගත්ත ම… ඒ විතරක් ද අනෙක් අය හැමෝම වයසට ගියත් මේ දෙන්නා ඒ හිටපු විදිහමයි. එහෙනම් අපි බලමු නේද යාළුවනේ අසාමාන්‍ය ශරීර උෂ්ණත්වයක් තියෙන ඔවුන්ට මොකද වෙන්නේ කියලා.

කතාව එහෙනම් දැන් පටන් ගනිමු…

 

3 වන කථාංගය : (අපට අහිමි වූ දින)

ඔන්න තුන්වෙනි කොටසත් අරගෙන ආවා. දොන්ග් චන්ග් වගේම මි රනුත් කැප්සියුලෙන් අවදි වෙනවා. මෙයාලාව දැකපු මෙයාලගේ පවුලේ අය යාළුවෝ වගේම ඩොක්ටර්ස්ලා හැමෝම තුශ්නිම්භූත වෙනවා. වයස අවුරුදු 52ක් වෙන දොන්ග් චන්ග් වගේම වයස අවුරුදු 44 ක් වෙන කො මි රන්ගේ පෙනුම තාමත් තරුණයි. මෙයාලට හිතාගන්න බැහැ මොකක් ද මේ කියලා. දොන්ග් චන්ග්ට කාවවත් අඳුරගන්න බැහැ. හාමෝම වෙනස් වෙලා. පස්සේ තමයි දැනගන්නේ මෙයාලා ඉන්නේ 2019 අවුරුද්දේ කියලා. ඉතිං කො මි රන්ට උපාධිය ගන්නත් බැරි වුන නිසා එයා ආයෙත් විශ්ව විද්‍යාලයට අතුල් වෙනවා. කො මි රන්ගේ Ex boyfriend දැන් ඒ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක්. කො මි රන් ව දැකලා මෙයා කලන්තේ දාලා ඉස්පිරිතලේ ගිය නැති එක විතරයි.

හොඳයි එහෙනම් ඉතරු ටික ඔයාල ම බලන්නකෝ. මෙයාලට මොකද වුණේ? අත්හදා බැලීම අසාර්ථක වුන හේතුව වගේම මා දොන්ග් චන්ග්ටත් කො මි රන්ටත් මේ අභියෝගය ජය ගන්න පුළුවන් වෙයි ද කියලා. එහෙනම් ඊළඟ කොටසින් නැවත හමුවෙමු..

මං ස්තූතියි කරනවා baiscope team එකට සහ මට මේ Drama එක උපසිරැසි කරන්න අවස්ථාව දුන් සියලුම දෙනාට. ගොඩක් ස්තූතියි. උපසිරුසි ගැන්වීමේ දී අඩුපාඩු තිබුනොත් සමාවෙන්න. ඒ වගේ ම මට මේ උපසිරැසිය පළ කරන්න අවස්ථාව දුන් baiscope ඇඩ්මින් කණ්ඩායමටත් ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. ඔයාලගේ අදහස් චෝදනා තියෙනව නම් පහළින් දාගෙන යන්න.

එහෙනම් මීළඟ කොටසින් හම්බ වෙමු…

දෙවි පිහිටයි!

ස්තූතියි!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

ලබා දී ඇති උපසිරසියට ගැලපෙන පිටපත baiscopedownloads වෙබ් අඩවියෙන් ලබාගන්න

4,347 downloadsDownload Melting.Me_.Softly.E03.Baiscopelk.com_.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යමීනා ජොහාර් ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-03-11
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

4,347 downloadsDownload Subtitles30 KB

13 comments

  1. Ranga sri

    Thank You

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) ඉතුරු ටිකටත් ඉක්මනට සබ් එක දෙමු

  3. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. kaveesha_voshan

    super niyamay thx.

  6. color_man

    supiri wadak thanks

  7. Ishuuma

    Tnx....

  8. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…

  9. thanujamilandi

    thank you sub ekata godak jaya wewa bs!!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Jayasanka

    Thanks

  12. Majitha

    Drama eka download kara ganna puluwan website ekak kiyannako

  13. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.