ශ්‍රී ලාංකික ඇනිමෙ රසික රසිකාවියො හැමෝටම කොන්නිචිවා කියලා පිළිගන්න අතරෙ මගේ 14 වෙනි සිංහල උපසිරැසි නිර්මාණයත් එක්ක ඔයාගෙ ෆැන්ටසියට අරන් ආවෙ Story ඕනි අයට Story තියෙන, Music ඕනි අයට Music තියෙන, Animation ඕනි අයට වෙනස්ම ආරක Animation තියෙන Netflix එකෙන් කරපු සුපිරිම වැඩක්.Characters,World Building හ…

ශ්‍රී ලාංකික ඇනිමෙ රසික රසිකාවියො හැමෝටම කොන්නිචිවා කියලා පිළිගන්න අතරෙ මගේ 14 වෙනි සිංහල උපසිරැසි නිර්මාණයත් එක්ක ඔයාගෙ ෆැන්ටසියට අරන් ආවෙ Story ඕනි අයට Story තියෙන, Music ඕනි අයට Music තියෙන, Animation ඕනි අයට වෙනස්ම ආරක Animation තියෙන Netflix එකෙන් කරපු සුපිරිම වැඩක්.Characters,World Building හා Music කියන සංඝටක නියම Story එකක් එක්ක කැටි කරපු නියම කතාවක්.
2022 වසරේ Summer season එකේදි Netflix ඔස්සේ නිකුත් කෙරුනු Cyberpunk Edgerunners ඇනිමෙ කතා මාලාව Action,Sci-fi,Gore,Psychological කියන Genre වලට අයත් වෙන අතරෙ R+ Mild Nudity යටතේ Rate වෙලා තියෙනවා.IMDB දර්ශකයේ 8.4 ක ඉහළ අගයක් වගේම MyAnimeList දර්ශකයේ 8.67 ක ඉහළ අගයක් ලබා ගනිමින් Top Anime අතර 54 වන ස්ථානයේ රැඳෙන්නට සමත් වෙනවා.Trigger Studio හි නිර්මාණයක් වෙන මේ කතාව මිනිත්තු 25 බැගින් වුනු කොටස් 10 ක් පුරා දිව යනවා.
ලෝකයේ ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩා නිපදවන ස්ටූඩියෝ එකක් වෙන CD Projekt Red ආයතනය විසින් නිර්මාණය කරපු Cyberpunk 2077 වීඩියෝ ක්‍රීඩාව ඇසුරෙන් නිර්මාණය කෙරුනු මේ කතා මාලාවේ Producer ලා වෙන්නෙත් මේ CD Projekt Red ස්ටූඩියෝ එකමයි.ඒ වගේම මේ කතා මාලාව Cyberpunk 2077 වීඩියෝ ක්‍රීඩාවේ Prequel Series එකක් විදිහටයි හඳුන්වලා තියෙන්නේ.

Cyberpunk 2077 වීඩියෝ ක්‍රීඩාව
මේ කතාවේ Creative Director විදිහට Darling in the FranXX ඇනිමෙ කතා මාලාවේ Creative Producer විදිහට වැඩ කරපු Trigger Studio හි Hiromi Wakabayashi සම්බන්ධ වෙනවා.ඉතින් මේ කතාවෙ ඇනිමේෂන් වලින් ඔයාට සැක නැතුව වෙනස්ම අත්දැකීමක් ගන්න පුළුවන්.ඒ වගේම C.E කතා මාලාව The Game Award(2022) හි Best Adaptation යටතේ නොමිනේට් වෙලා තියෙනවා.
අනිත් පැත්ත තමයි කතාවෙ Music.ඒ ගැනත් අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනි.කතාවෙ Opening Theme එක වෙන ‘This Fffire’ ගීතය Franz Ferdinand ගායනා කරන අතරෙ Ending Theme එක වෙන ‘Let You Down’ ගීතය Dawid Podsiadlo ගායනා කරනවා.මේ අතරෙ ඔයාට තවත් රසවත් නාද රටා කිහිපයක්ම අහන්නත් ලැබෙනවා.ඉතින් මේ නාද රටාවලට ඔයාව වෙනස්ම ෆැන්ටසියකට අරන් යන්න පුළුවන් කියන එක නම් රහසක් නෙමෙයි.
මුලින්ම කාරණා දෙකක් සඳහන් කරන්න ඕනි.පළමුවැන්න තමයි මේ කතාව cyberpunk universe එකට අදාළව නිර්මාණය කරල තියෙන නිසා නුහුරු වචන ගොඩක් අපිට දකින්න අහන්න ලැබෙනවා.ඉතින් ඒ දේවල්වලටත් කතා වස්තුවටත් හානියක් නොවෙන විදිහට උපසිරැසිය නිර්මාණය කරලයි තියෙන්නෙ.ඉතින් ඒ දේවල් කතාවෙ අවසානය වෙනකල්ම අවධානයෙන් මතක තියාගෙන නරඹන්න වෙනවා.දෙවැන්න තමයි මේ කතා මාලාවට streetslang language එක (එක් ප්‍රදේශයකට විතරක් ආවේණික අපහාසාත්මක භාෂාවක් වගේ භාෂාවක්) වගේම වැඩිහිටියන්ට පමණක් සුදුසු වෙන භාෂාවක් ඇතුළත් වෙනවා.ඒ වගේම සමහර තැන්වල වැඩිහිටියන්ට පමණක් සුදුසු වෙන දර්ශනත් අඩංගු වෙන බවත් කියන්න ඕනි.
දැන් අපි යමු කතාවෙ පසුබිමට.පොසොසතුන් තමන්ගෙ බලය තාක්ෂණය යොදාගෙන ජීවිතය සැපවත් කරගෙන ධනය උපයන අතරේ ඒ කිසි දෙයක් නැති සාමාන්‍ය මිනිස්සු ජීවන බරින් වගේම ණය බරිනුත් මිරිකෙමින් ජීවිකාව ගත කළා.කොටින්ම කිව්වොත් සල්ලි නැත්නම් ඇඳන් ඉන්න ඇඳුම වත් හෝදගන්න බැරි තත්වයක් උදා වෙලයි තිබුනේ.ඒ විතරක් නෙමෙයි නිර්ලෝභීව විසි කරන සල්ලි හමුවේ ඕනිම වැඩක් වුනත් මරණය අද්දරට ගිහින් වුනත් ඉටු කරල දෙන ජන කණ්ඩායමුත් මේ අතර හිටියා.ජනයා කිව්වට බහුතරයක් දෙනා සයිබෝර්ග් වරු වුනා.හැබැයි මේ විදිහට යාන්ත්‍රික කොටස් මිනිස් සිරුරට බද්ධ කරගත්තත් එයාලගේ මනුෂ්‍ය ගතු ගුණ හැඟීම් දැනීම් ලේසියෙන් යටපත් වුනේ නෑ.මෙන්න මේ විදිහෙ සමාජයක් තියෙන නගරයක් තමයි නයිට් සිටි(Night City) කියලා කියන්නේ.
ඩේවිඩ් මාර්ටිනස් කියලා කියන්නෙ මෙන්න මේ නගරයේ ජීවත් වෙන වයස අවු.17 ක් වෙන කොල්ලෙක්.මෙයාට ඉන්නේ අම්මා විතරයි.එයා තමයි ග්ලෝරියා මාර්ටිනස්.ඩේවිඩ්ව ස්කෝලෙ යවන්න වගේම අනිත් වියදම් දරන්නත් සල්ලි හොයන්න ග්ලෝරියා ගොඩක් මහන්සි වෙලා වැඩ කළා.හැබැයි ඩේවිඩ් ස්කෝලෙ යන්න කොහෙත්ම කැමති කෙනෙක් නෙමෙයි.තමන්ගෙ තත්වයත්,තමන්ගෙ අදහසුත් එක්ක ඒ ස්කෝලෙ තමන්ට ගැලපෙන්නෙ නෑ කියන දේ ඩේවිඩ් තදින්ම විශ්වාස කරපු දෙයක්.ඒත් අම්මාගෙ ආශාවල් ඉටුකරන්න ඒ දේ අකැමැත්තෙන් උනත් කරන්න ඩෙව්ඩ්ට සිද්ධ වුනා.ඉතින් මේ විදිහට ජීවත් වෙන අතරෙදි දවසක් හදිසි රිය අනතුරකින් ග්ලෝරියා මැරෙනවා.දැන් තනි වෙලා ණය බරිනුත් මිරිකෙමින් ඉන්න ඩේවිඩ්ට හම්බවෙනවා සයිබෝර්ග් යාන්ත්‍රික කොටසක්.අන්තිමට දෙලොවක් අතර හිර වෙලා හිටපු ඩේවිඩ් තීරණය කරනවා ඒ සයිබෝර්ග් යාන්ත්‍රික කොටස තමන්ට බද්ධ කරගන්න.බද්ධ කරන් සල්ලි හොයන්න.අන්න එතනදි තමයි ඩේවිඩ්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පටන් ගන්නේ.මේ යාන්ත්‍රික කොටස ඇත්තටම කාගෙද? ඒ වගේ දෙයක් ඩේවිඩ්ට ලැබෙන්නෙ කොහොමද? ඒක බද්ධ කරගත්තම වෙන්නෙ මොකක්ද? ඩේවිඩ්ගේ ජීවිතය වෙනස් වෙන්නෙ කොහොමද? මෙන්න මේ දේවල් ඔයාට මේ කොටස් දෙකෙන් බලාගන්න ලැබෙනවා වගේම අම්මාගේ ආශාව වෙනුවෙන් වැඩ කරපු ඩේවිඩ් මාර්ටිනස්ගේ දෛවය විසඳෙන හැටි බලන්න මේ Cyberpunk Edgerunners කතා මාලාව අවසානය තෙක්ම නරඹන්න වෙනවා.
ඇස් උඩ යන, ලොමු ඩැහැ ගැන්වෙන, පෙර නොදුරු නොවිරූ නවීන තාක්ෂණය එක්ක මුසු වුනු මිනිස් ගති ගුණ කැටි කරගත් මේ අපූරු රසබර ෆැන්ටසිය මෙතැන් පටන් නරඹන්න රස විඳින්න කියලා ආරාධනා කරනවා.ඒ වගේම තවත් දෙයක් සඳහන් කරන්න ඕනි.සාමාන්‍ය පොදු මතය තමයි ඇනිමෙ ජපන් භාෂාවෙන් නරඹන්න කියන දේ.ඒත් මේ කතාව ඉංග්‍රීසි භාෂාවෙන් අවසානය තෙක්ම නරඹන්න කියලා යෝජනා කරනවා.ඒ මඟින් මේ Cyberpunk Universe එකේ සැබෑ රසය ඔයාට විඳගන්නට ලැබේවි කියලා මම සහතික වෙනවා.
උපසිරැසිය ගැන අදහස් වගේම ගුණ දොස් කියාගෙන යන්නත් අමතක කරන්න එපා.මීළඟ කොටස් දෙකෙන් හමුවෙනකල් හැමෝටම සුභ වේවා! ජය වේවා!
ලංකන් weebs උපසිරැසි කණ්ඩායම වෙනුවෙන් – හසරංග නදීෂ
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.
3,310 downloadsDownload C.P-S01-E01-E02.zip2.4 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
12 comments
විමා
ලංකන් weebs
බොහොම ස්තූතියි අයියේ.❤️
Sanidu Shalith
ගැම්මක්♥Sub එකට Thanks❤️දිගටම කරගෙන යමු️
ලංකන් weebs
අනිවාරෙන්.බොහොම ස්තූතියි.❤️
ගිහාන් ප්‍රමුදිත
Wednesday (2022) series එකටත් ඉක්මණට sub දෙන්නකෝ...
Daneesha
Thanks sub ekt....digatam anime walata sub karamu
ලංකන් weebs
අනිවාරෙන්ම.බොහොම ස්තූතියි.❤️
Sameera
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ❤️
ලංකන් weebs
ස්තූතියි.❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dilshan buddika
සුපිරි
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


උපසිරසියට බොහොම ස්තුතියි !