“”Haikyuu!!”” මම මේ anime එක ගැන දැනගත්තේ බොහොම මෑතකදී. ඒ Hype Zone ෆේස්බුක් පේජ් එකේ පළ වුණු ලිපියකින්. ඒ ලිපිය නිසාම anime එකට ආස වෙලා Haikyuu බලන්න ගත්තා. බැලුවාට පස්සෙයි තේරුණේ මේ anime එකේ වටිනාකම. මේ වගේ කතාවක් විශේෂයෙන්ම වොලිබෝල් ජාතික ක්‍රීඩාව වන අපේ වගේ රටක් දැනගන්න, ඉගෙන ගන්න ඕනේ නේද කියල…

“”Haikyuu!!”” මම මේ anime එක ගැන දැනගත්තේ බොහොම මෑතකදී. ඒ Hype Zone ෆේස්බුක් පේජ් එකේ පළ වුණු ලිපියකින්. ඒ ලිපිය නිසාම anime එකට ආස වෙලා Haikyuu බලන්න ගත්තා. බැලුවාට පස්සෙයි තේරුණේ මේ anime එකේ වටිනාකම. මේ වගේ කතාවක් විශේෂයෙන්ම වොලිබෝල් ජාතික ක්‍රීඩාව වන අපේ වගේ රටක් දැනගන්න, ඉගෙන ගන්න ඕනේ නේද කියලා අවංකවම හිතුණා.
Haikyuu (හයික්‍යූ) කියලා ජපන් භාෂාවෙන් කියන්නේ වොලිබෝල් ක්‍රීඩාවට. ඔව් මේක වොලිබෝල් ගැන කතාවක්.
හැබැයි, අපෝ ක්‍රීඩා සම්බන්ධ ඇනිමේවලට ආසා නෑ, ඇක්ෂන් තියෙන අභිරහස් තියෙන ඇනිමේවලටයි ආස කියලා මේක අතහැරලා දැම්මොත් නම්, ඒක කරගන්න ලොකු පාඩුවක්.
මේ ලිපිය ලියන මමත් ලොකු වොලිබෝල් රසිකයෙක් නෙවෙයි. ඉඳලා හිටලා ටීවි එකෙන් නැත්නම් නිවාසාන්තර තරඟ වලදි වොලිබෝල් තරඟ බලලා තිබුණට ඒ පිළිබඳ හරිහමන් දැනුමක් නෑ. නමුත් කවදා හරි දවසක කණ්ඩායම් ක්‍රීඩාවක් කරලා තියෙන කෙනෙක් නම්, මේකේ පෙන්නන සමහර සිද්ධි ඒ විදියටම වෙලා තියෙනවා වගේ දැනේවි.
ඉතාමත් රියලිස්ටික් නැත්නම් තාත්වික ඇනිමේ සීරීස් එකක් විදියටයි මෙය ලොව පුරා ජනප්‍රිය. ඔව් ලොව පුරාම… Haikyuu කියන්නේ උන්මාදයක්. ලොව පුරා වොලිබෝල් උන්මාදයක් ඇති කරපු සීරීස් එකක් තමා මේක. සාමාන්‍යයෙන් ලොව ජනප්‍රිය ක්‍රීඩා අතර ඉහලින් තියෙන්නේ ෆුට්බෝල්, ටෙනිස්, බාස්කට්බෝල්, ක්‍රිකට් වගේ ක්‍රීඩාවන්නේ. වොලිබෝල් තියෙන්නේ ඊට ටිකක් පහල ස්ථානයක. ඉතිං වොලිබෝල් වලට Haikyuu තුලින් ඇති කරපු තල්ලුව එසේ මෙසේ එකක් නම් නෙවෙයි.
දන්නවද 2021 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ජපානය තරඟ කරන වොලිබෝල් තරඟ අතරතුර Haikyuu තේමා ගීතය පවා වාදනය වුණා.
Youtube එකේ පොඩ්ඩක් හොයලා බැලුවොත් පෙනේවි ලෝකයේ හොඳම වොලිබෝල් ක්‍රීඩකයින් Haikyuu පිලිබඳ Reaction Videos, Breaking Down Videos ආදිය කරලා තියෙනවා. ඇමරිකානු, රුසියානු, බ්‍රසීල, ආජන්ටිනා වගේ වොලිබෝල් ටීම් එහෙම Haikyuu වල ලොකු රසිකයෝ. ජපාන ටීම් එක ගැන ඉතින් අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනේ.
කතාව ගැන බැලුවොත්, මෙහි ප්‍රධාන චරිතය තමයි ශෝයෝ හිනාටා. තැඹිලි පාට කොණ්ඩයක් හිමි ටිකක් මිටි පුද්ගලයෙක්. ඔහුගේ එකම ආසාව තමයි දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයෙක් වන එක. නමුත් ඔහුගේ උස ඔහුට ලොකු බාධාවක්. ඒත් ඔහුට තියෙනවා කලාතුරකින් දක්නට ලැබෙන එක දක්ෂතාවයක්. ඒ මොකක්ද කියලා anime එකෙන්ම බලා ගන්නකෝ. ඒ දක්ෂතාව වැඩි දියුණු කරගෙන කරසුනෝ උසස් පාසලේ වොලිබෝල් කණ්ඩායමේ සමාජිකයින් සමඟ තමන්ගේ හීනය කරා යන ගමන ගැනයි මෙහි ඇතුලත් වෙන්නේ.

මේ Haikyuu සීරීස් එකේ විශිෂ්ඨ වීමට තව හේතුවක් වන්නේ, තරඟවල තියෙන intense එක, thrill එක වගේම ක්‍රීඩකයන්ගේ චින්තන රටාවන්, ඔවුන්ගේ මොරාල් එක ආදිය හරි ලස්සනට තිරය මත මවලා පෙන්නන නිසයි.
වොලිබෝල් කියන්නේ වේගවත් ක්‍රීඩාවක්. ගෙදර ටීවි එකෙන්, නැත්නම් ප්‍රේක්ෂකාගාරයේ වාඩි වෙලා ඉන්න අපිට ඒ වේගවත් බව එතරම් තදින් නොදැනෙන්න පුළුවන්. නමුත් මේ ඇනිමේ එක නැරඹුවොත්, ඔබ මින්පසු වොලිබෝල් තරඟයක් නරඹන විට, ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන දෙපාරක් හිතාවි. ඔවුන් කරන කැපවීම, ඔවුන්ගේ උපාය මාර්ග, ඔවුන්ගේ ශරීර හැසිරවීම් ගැන ඔබ පුදුම වනු නොඅනුමානය.
———————————————————————————————–
~ 18 කොටස ~ පසුපස ආරක්ෂාව ~
ඩටේ ටෙක් එක්ක පැවති තරඟයේ පළවෙනි වටය ජයග්‍රහණයෙන් පසුව කරසුනෝ දෙවනි වටයට බොහොම උපාය මාර්ගිකව පිවිසෙන්නයි උත්සහ කරන්නේ. උස අඩි 6ටත් වැඩි අඕනේ කරසුනෝවලට ලොකුම හිසරදයක්. ශාරීරිකව එකිනෙකාට පරස්පර හිනාටා සහ අඕනේ එකට මුණ ගැසීම වළක්වන්නයි කෝච් උකයි උත්සහ කරන්නේ.
මේ අතරදී තමන්ගේ අතීතය අමතක කර දලා ඒස් විදිහට ඉස්සරහට යන්න උත්සහ කරන අසාහිටත් අද කතාංගයේ වැඩි ඉඩක් හිමිවෙනවා.
මතකයිනේ ඒස් වෙනුවෙන් හැමවෙලාවෙම ආරක්ෂාව දෙන්නම් කිව්ව ලිබරෝ නිශිනොයා. ඉතින් නිශිනොයාට පුළුවන් වෙයිද කණ්ඩායමට ආරක්ෂාව දෙන්න? බෝලය බිම නොවැටී තියාගන්න?
———————————————————————————————–
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
2,019 downloadsDownload HKU-S01-E18.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නෙතිනි නිමන්තිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-06-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නෙතිනි නිමන්තිකා
Subtitles
5 comments
das
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
Thanks jayawewa....!
podda
thank u so much
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



me kathawa aththatama mulu lankawama balanna oni kathawak, iskola wala me kathawa pennanna oni, ehema una nam loku wenasak athi krnna puluwan volly ball walin. sub eka nam hamadama wage uparima colity ekata thiyenawa, thank you hamadama sub eka upload krnawata, puduma asawen inne ithuru kotas tika balanakam issarahata.....