එහෙනම් අපි අද “හේලෝ” කතාමාලාවේ පලවෙනි සීසන් එකේ අවසානයට තමා මේ ඇවිත් තියෙන්නේ. මේ වෙද්දි මේ සීරියස් එකට 7.0 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. අද එපිසෝඩ් එකේ නම Transcendence. මේ එපියට 8.3 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. එහෙනම් මේ සීසන් එකේ මොකද උනේ කියලා අපි පොඩ්ඩක් මතක් කරගමු. “හේලෝ” මෙතෙක් ආ මග… සීරියස්…

එහෙනම් අපි අද “හේලෝ” කතාමාලාවේ පලවෙනි සීසන් එකේ අවසානයට තමා මේ ඇවිත් තියෙන්නේ. මේ වෙද්දි මේ සීරියස් එකට 7.0 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. අද එපිසෝඩ් එකේ නම Transcendence. මේ එපියට 8.3 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. එහෙනම් මේ සීසන් එකේ මොකද උනේ කියලා අපි පොඩ්ඩක් මතක් කරගමු.
“හේලෝ” මෙතෙක් ආ මග…
සීරියස් එක පටං ගත්තේ කවනන්ට්ලා ඉපැරණි පුරාවස්තුවක් හොයාගෙන මැඩ්‍රිගල් ග්‍රහලෝකයට පැමිනීමත් එක්ක. ඉතින් මේ පුරාවස්තුව හොයනගමං කවනන්ට්ලා ඒ අසලම තිබ්බ කැරලි කදවුරකටත් පහර දෙනවා. ඉතින් මේ පහරදීම මාස්ටර් චීෆ් ඇතුලු සිල්වර් ටීම් කියන UNSC ස්පාටන් කණ්ඩායමේ ස්කෑන් වලට අහුවෙනවා. ඉතින් මෙයාලා මැඩ්‍රිගල් වලට එනවා කවනන්ට්ලව නවත්තන අරමුණින්. දෙපිරිස අතර ද්වන්ද සටනෙන් එක කැරලිකාරයෙක්, එක එලීට් කවනන්ට් කෙනෙක් සහ සිල්වර් ටීම් එක ඇරෙන්න අනිත් සියලුමදෙනා මිය යනවා. කවනන්ට්ලා හොයාගෙන ගිය පුරාවස්තුවයි ඉතුරු වුන කැරලිකාරයි අරගෙන මාස්ටර් චීෆ් රීච් මූලස්ථානය බලා පිටත් වෙනවා. ඒත් UNSC එකේ කොන්දේසි වලට මේ කැරලිකාරයා එකග නොවුන නිසා මාස්ටර් චීෆ්ට අණ ලැබෙනවා එයාව මරන්න කියලා. ඒත් ඒ අණ නොතකමින් මාස්ටර් චීෆ් කැරලිකාර කෙල්ලවත් අරං රීච් ගුවන්පථයෙන් පැනලා යනවා.
දෙවෙනි එපියෙදි කැරලිකාර කවාන් හාවත් අරගෙන ජෝන් යනවා රබල් එකේ ඉන්න තමන්ගේ පැරණි යාලුවෙක් වෙන සෝරන්ව මුනගැහෙන්න. රබල් එකේදී ජෝන් ඉගෙන ගන්නවා මේ පුරාවස්තුවෙන් මිනිස් වර්ගයා නසන්න පුලුවන් ආයුධයකට පාර කියනවා කියලා. ඒ හින්දා ජෝන් ක්වාන්ව සෝරන් ලග නවත්තලා පුරාවස්තුව සමග ආයෙමත් UNSC එකට භාර වෙනවා.
තුන්වෙනි එපියෙදි තමා අපි හැමෝම අදුනන කෝටානගේ උපත සිද්ද වෙන්නේ. මෙතනදි ඩොක්ට හෝල්සි කෝටානව ජෝන්ගේ මනසට සම්බන්ද කරලා පුරාවස්තුවත් එක්ක එක එක පර්යේශණ සිද්ද කරනවා. ඒ අතරෙදි ජෝන් හොයාගන්නවා තවත් පුරාවස්තුවක් තියෙනවා කියලා. ඒක තමන්ගේ මව් ග්‍රහලෝකය වුන ඉරිඩ්නස් 2 වල තියෙනවා කියලා
හතරවෙනි එපියෙදි ජෝන් ඩොක්ට හෝල්සිවත් එක්කං තමන්ගේ මව් ග්‍රහලෝකය වෙන ඉරිඩ්නස් 2 වලට යනවා. තමන්ගේ ගෙදරට ගියහම ජෝන්ගේ කුඩා කාලයේ මතකයන් අලුත් වෙන්න පටං ගන්නවා. තමන් කුඩා කාලෙදි ඩොක්ට හෝල්සි තමන්ගේ ගෙදරට ආව ගිය බවත් ජෝන්ට මතක් වෙනවා. එතනින් තමා ජෝන්ගේ හිතේ හෝල්සි ගැන පලමු සැකය පැනනගින්නේ. අන්තිමේදී ජෝන් දෙවෙනි පුරාවස්තුවත් හොයාගන්නවා.
පස් වෙනි එපිය වෙද්දි ජෝන්ගේ හිතේ ලොකු ප්‍රශ්න වගයක් ඉතුරු වෙලා තියෙනවා. ඒ අතර තුර කැප්ටන් කීස් ඇතුලු කණ්ඩායම ඉරිඩ්නස් වලට එනවා දෙවෙනි පුරාවස්තුව අරගෙන යන්න. ජෝන්ට තමන්ගේ කුඩා කාලය මතක් කරගන වුවමනා උනාට තමන්ට කිසි දෙයක් මතක නැති නිසාත්, පද්දතියේ ඒ ගැන කිසිම විස්තරයක් නැති නිසාත් ජෝන් පුරාවස්තුවේ පිහිටෙන් මතකය අලුත් කරගන්න යනවා. ඒකෙන් වෙන්නේ මැකීට දෙවෙනි පුරාවස්තුව තියෙන තැන ඇගවෙන එක. මැකී කවනන්ට් කණ්ඩායමක් එක්ක එනවා පුරාවස්තුව අරගන්න. දරුණු සටනකින් පස්සේ කවනන්ට්ලා පුරාවස්තුව අරගෙන පැනලා යනවා. ඒ අතරේ සැලසුම්සහගත ලෙස මැකීව ජෝන් ලගට අතෑරලා යනවා.
හයවෙනි එපියෙදි ජෝන් කෝටානගේ සීමාවන් පරික්ෂා කරන්න හෝල්සිට උගුලක් අටවනවා. ඒ අතරේ කමිටුව වෙච්ච දේට වරද හෝල්සිගේ පිටේ පටවනවා. තමන් කරපු සියලුම දේවල් හෝල්සි ජෝන් ඉස්සරහා පිලිගන්නවා. ඒ මේ අතරේ අද්මිරාල් පැරගොන්ස්කි හෝල්සිව රීච් එකෙන් පන්නන්න උත්සාහ කරනවා. අන්තිමේදී ජෝන් පුරාවස්තුව හරහා මැකී එක්ක සම්බන්ද වෙන්න ක්‍රමයක් හොයාගන්නවා.
හත්වෙනිඑපියම වෙන් වෙලා තිබ්බේ ක්වාන් හාට. එයාගේ පවුල සහ මැඩ්‍රිගල් අතරේ තියෙන සම්බන්දකම ඒ එපියෙන් අපිට බලාගන්න පුලුවන් වුනා. ජින් හා මුනගැහුන කාන්තාර වැසියන්ව හම්බවෙන්න ක්වාන් හා ත් යනවා. එහෙදි එයාට ආයෙමත් තමන්ගේ තාත්තා එක්ක කතා කරන්න පුලුවන් වෙනවා. තමන්ගේ සැබෑ අරමුණ හොයාගන්න හැටි සහ හා පරම්පරාව සහ මැඩ්‍රිගල් ග්‍රහලෝකය අතරේ තියෙන බැදීමත් එවෙලේ ජින් හා පැහැදිලි කරනවා. කොහොමෙන් කොහොමහරි ක්වාන් ආයෙමත් තමන්ගේ විනාශ වුන කැරලි කදවුරට යනවා. වින්ශර්ගේ සැටලයිට් එකකට අහුවෙනවා ක්වාන් කැරලි කදවුර පැත්තට යනවා කියලා. ඒ නිසා මිනිහත් එයා පස්සෙන් යනවා. හිස් අතින් ගෙදර ගියපු සෝරන් ආයෙමත් ක්වාන්ව හොයාගෙන එනවා. කොහොමහරි ඇතිවුන පිපිරීමෙන් වින්ශර් මිය යනවා. සෝරන්ට තමන්ගේ සල්ලි ටික ලැබෙනවා. ක්වාන්ට ආයෙමත් මැඩ්‍රිගල් වල තාවකාලික ආරක්ශිත පරිසරයක් ඇති වෙනවා. කොහොමත් තාම UNSC එක තවමත් මැඩ්‍රිගල් වල ඉන්න් නිසා සටන තාමත් අවසන් නෑ.
අටවෙනි එපිසෝඩ් එකේදී අපිට පේනවා ජෝන් මැකීව විශ්වාස කරන බව. ඒ වගේම මැකීත් ජෝන්ට බොහොම කැමැත්තෙන් ඉන්න බව. ඒත් එක්කම මැකී කියනවා තමන්ට පලවෙනි පුරාවස්තුව හරහා දෙවෙනි පුරාවස්තුව තියෙන තැන හොයාගන්න පුලුවන් කියලා. ඉතින් ජෝන් ඒ ගැන ඉල්ලීමක් කලාම අද්මිරාල් ගෙන් ඒකට අවසර ලැබෙනවා. සියලු දේ සූදානම් කරද්දි හෝල්සි සැලසුම් කරනවා ජෝන්වයි මැකීවයි පැහැරගෙන පුරාවස්තුවත් හොරකම් කරගෙන රීච් එකෙන් පැනලා යන්න. නමුත් නොසිතූ ලෙස කෝටානා ජෝන්ට උදව් කරපු නිසා ඒ සැලැස්ම කණපිට හැරෙනවා. අන්තිමට එපිය අවසන් උනේ මැකී පුරාවස්තුවේ බලයෙන් රීච් මූලස්ථානයට හානි කිරීමෙන්.
ඉතින් ඔතනින් තමා කතාව අන්තිමට ඉවර උනේ. අද සීසන් 1 එකේ අන්තිම එපිය නිසා මම මුකුත් නොකියා ඉන්නම්.
ඉතින් මේ විදිහට “හේලෝ” කාතාමාලාවේ පලමු කතාසමය මෙතනින් අවසන් වෙනවා. දැනටමත් අධ්‍යක්ෂවරු හේලෝ කතා මාලාව සීසන් දෙකක් දක්වා දිගු කරලයි තියෙන්නේ. සීසන් 2 විකාශ වෙන දිනයක් තවම දැනුම් දීලා නෑ. එපිසෝඩ් නමයක් පුරාවට අපි සමග එකතුවෙලා හිටපු සියලුම බයිස්කෝප් හිතවතුන්ට මං මේ වෙලාවේ ස්තූතිවන්ත වෙනවා. එහෙනම් දෙවෙනි කතාසමය සමගින් නැවත හමුවීමේ බලාපොරොත්තුව සමගින් මම අදට සමුගන්නවා. හැමෝටම සුබ දවසක්. ජය වේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
12,828 downloadsDownload Halo-S01-E09.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
24 comments
Anonymous
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
2 වන කතාසමයෙන් නැවත හමු වෙමු
ජයVishwa
Gemmac bosa..
Anonymous
සුපිරියක් තමා බොක්ක. ඔක්කොම බැලුවා තෑන්ක්ස් :)
Lakshan
Tha5
Lakshan
Thanks
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Malka Jayathilina Revo
බොහොම ස්තුති උපසිරසියට .......
MokadaMeka
සිංහල සබ් එකට බොහොම ස්තූතියි සහෝ❤️
Thilinda Randeera
ස්තූතියි මචෝ දිගටම දෙන්න ජයවේවා ❤✌
upul
suppri.....
Iresh Umayanga
මේකට ස්තුතියි. ඔයාලට හොඳ තරගකාරයෙක් ලැබිල ඉන්නව දැං. එයාල මේ වෙද්දි ඉක්මනිංම සබ් දෙන අය වෙලා. කලින් තිබ්බ ස්පීඩ් එක බයිස්කෝපෙකෙන් බැහැල. ත්ස්‍රගකාරයෙක් ඉන්න එකේ හොද තරගයක් බලාපොරොත්තු වෙනව. ජය !!!
Hiran Eranda
තරගෙට උපසිරසි කරන්න බලාපොරොත්තුවක් නෑ සහෝ. පුලුවන් විදිහට තමා කරන්නේ
Kevin D...
Thanks...
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!lakshan
thanks ...................
madushan
Thanks sub akata
Anonymous
thnks bro
Sandaru Nimsara
සියලුම උපසිරැසිවලට බොහොම ස්තූතියි සහෝ❤️
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Isuru Kahawewithana
මේවගේ සුපිරි කතාමාලාවකට සබ් කරපු එකට ගොඩාක් ස්තූතියි හිරාන් සහෝදරයාට. ඉදිරි සීසන් එක ආවාම ඒකටත් ඉක්මනටම සබ් දෙන්න ශක්තිය වාසනාව ලැබේවා. ඔබට ජයෙන් ජය.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
baiscopelk ishu
උපසිරසි වලට බොහොම ස්තූතියි හිරාන් සහෝ..
viraj
thanks............
Advertisement
![Halo [S01 : E09] Sinhala Subtitles | සියදිවිනසාගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/03/Halo-2022-1.1.jpg)


thx brooooooooooooooooooo