Watch Trailer

24: Legacy [S01 : E07] with Sinhala Subtitles | බිරිද හා සහෝදරයා සොයා මෙහෙයුමේ [සිංහල උපසිරැසි සමඟ]

24 ලෙගසි පළමු කතා මාලාවේ 7 වෙනි කොටස එක්ක එකතු වෙන්න තමා මේ සුදානම.. 50 වෙනි උපසිරසියට ස්කොපියන් කරන්න හිතුව නිසා මේ කොටස ට උප සිරැසිය කරන්න කලින් එකට කරලා ඉවර කරලා ඉන්නකොට Designated.Survivor. එකේ මේ සතියේ කොටස බලාපොරොත්තු නොවුන තරම් සුපිරි නිසා එකට උපසිරසි කරලා බයිස්කෝප් එකට එවනකොට හවස 6.30 විතර…

24 legacy TV

24 ලෙගසි පළමු කතා මාලාවේ 7 වෙනි කොටස එක්ක එකතු වෙන්න තමා මේ සුදානම.. 50 වෙනි උපසිරසියට ස්කොපියන් කරන්න හිතුව නිසා මේ කොටස ට උප සිරැසිය කරන්න කලින් එකට කරලා ඉවර කරලා ඉන්නකොට Designated.Survivor. එකේ මේ සතියේ කොටස බලාපොරොත්තු නොවුන තරම් සුපිරි නිසා එකට උපසිරසි කරලා බයිස්කෝප් එකට එවනකොට හවස 6.30 විතර වෙලා. මේ කොටස පරක්කු වෙලා නිසාත් ඊලග කොටසත් තව දවස් දෙක තුනකින් එන නිසා අද කොහොමහරි මේ කොටස ඉවර කරනවා කියල කතාව බලන්න  පටන් ගන්නකොට 8.30 විතර වෙලා දැන් වෙලාව පාන්දර 2 යි. රුම් මෙට් ටීවී සිරිස් බැලුවත් හැමදාම මගෙන් අහන්නේ උබට පිස්සුද කියල නිදි මරාගෙන මොනවද ඔය කරන්නේ කියලා. උපසිරසි ගොඩක් මම කරලා නැ තමා. එත් ගොඩක් වෙලාවට මම කරන්නේ රැට නිසා කාමරේ ලයිට් ඔෆ් කරන්නවෙන්නේ නැ. ඒ උනත් එක ඉවසගෙන මට වැඩ ක‍රගන්න දෙනවට නුවන් උබට තැන්ක්ස් කියන්න ඕනා කියලා හිතුනා. 

කතාව දිහාට හැරිලා බැලුවොත් පසුගිය සතියේ පලවෙනි ප්‍රහාරය සැලසුම් සහගතව ප්‍රහාර 15 වම නොවුනත් ආරම්භක ප්‍රහාරය ක්‍රියාත්මක උනානේ. එකෙන් මිනිස්සු 100 කට වඩා වැඩි ගනනක් මැරිලා මේ අය අල්ලගන්න කාටර් පිස්සුවෙන් වගේ ඉන්නකොට තවත් පිස්සු හැදෙන ඇමතුමක් ඇවිත් නේ කතාව ඉඅවර උනේ. කාටර් ගේ වයිෆ් හා සහෝදරයා ත්‍රස්තවාදීන් පැහැර ගෙන ඒ අයව නිදහස් කරන්න නම් විනාශ වෙලා තියන ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක වැඩ කරන තත්වෙට ගන්න පුළුවන් විදිහේ පරිගණක වැඩ කාරයෙක් අරගෙන එන්න ආවේ නැතිනම් දෙන්නවම මරනවා කියලා කියපු තර්ජනයට අද කාටර් කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා බලන්න වගේම,  24 රසිකයෙක් නම් දකින්න කැමතිම චරිතයක් අද කතාවට එකතු වෙනවා. ඉස්සරහ කොටස් වලටත් සම්බන්ද වෙනවා කියලා imdb එකේ නම් සදහන් වෙනවා. ඒ වෙන කවුරුවත් නෙමේ 24 කතා මාලාවේ ජැක් බවර් ගේ යාලුවා ඒ වගේම බිරිදගේ මරණයෙන් පස්සේ එක එක අපරාධ වැඩ වලට ත්‍රස්තවාදී වැඩ වලට සම්බන්ද උන ටෝනි අල්මේදා , ඒ වගේම මම තවත් කැමති මේකට chole O’brian එකතු කරගෙන තිබුනා නම්. හැබැයි එකතු වෙන එකක් නැ එහෙමනම් මේ කොටසත් එක්ක එකතු වෙන්න කියල ඉල්ලන ගමන් ගිහින් එන්නම්….. ජය වේවා,…

 

NEW

 

24: Legacy (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

24.Legacy.S01E07.HDTV.x264-SVA

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

892 downloadsDownload 24-Legacy-S01E07.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

දේවක සදරුවන්

Subtitles

892 downloadsDownload Subtitles27 KB

16 comments

  1. Udara Damith B/K

    එල
    නිදි මරාගෙන මේක දුන්නට
    රූම් මෙට් නුවන්ට තැන්ක්ස් කිව්වා කියන්ඩ
    ලයිට් එලියට ඔයාට බැන්නේ නැතුවට

  2. එල්.සී. දමැල්

    ස්තුතියි බ්‍රෝ

  3. Sudheera Kasun

    Finally....! ela thanks bro...!

  4. buddi

    Thanks..........

  5. අසංක ප්‍රදීප් රණතුංග

    ස්තුතියි

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි.
    ජය වේවා

  8. Tharaka Lahiru

    ගොඩක් ස්තූතියි

  9. maduranga

    sinhala subtitle lesson 01 padama ayeth dennako...

  10. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  11. Chalana Rukshan

    thnx bro...

  12. w a thilak

    thanx

  13. Viraj

    sub ekata thanks saho..

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. AWNCK

    Thanks Bro....

  16. Ravin

    Thanks for the sub