පෙබරවාරි මස 5ස් වෙනිදා NBC රුපවාහිනියේ විකාශය ආරම්භ කළ Allegiance කතා මාලාව 5ස් වෙනි කොටස දක්වා පමණක් විකාශ කර එතැන් පටන් විකාශය නවතා දැමු බව ඔබ දන්නවා. නමුත් NBC රුපවාහිනි ආයතනය මෙතෙක් විකාශය නොකල ඉතිරි කොටස් 8 ඔහුන්ගේ NBC.com ඔස්සේ නැරඹිමට අවස්ථාව දුන්නත්. ලංකාවේ අපිට ඉතිං එ පහාසුකම නම් ලැබුනේ නැ…

පෙබරවාරි මස 5ස් වෙනිදා NBC රුපවාහිනියේ විකාශය ආරම්භ කළ Allegiance කතා මාලාව 5ස් වෙනි කොටස දක්වා පමණක් විකාශ කර එතැන් පටන් විකාශය නවතා දැමු බව ඔබ දන්නවා. නමුත් NBC රුපවාහිනි ආයතනය මෙතෙක් විකාශය නොකල ඉතිරි කොටස් 8 ඔහුන්ගේ NBC.com ඔස්සේ නැරඹිමට අවස්ථාව දුන්නත්. ලංකාවේ අපිට ඉතිං එ පහාසුකම නම් ලැබුනේ නැහැ.
එහෙත් පසුදින නිකුත් වෙන වෙබ් විඩියෝ පිටපතින් අපි කථාව රස වින්දා. හැකි ඉක්මනින් සිංහල උපශිර්ෂයෙන් හැඩගස්වලා මම කථාව ඔබ වෙත අරන් ආවා. ඉතිං මේ සුදානම් වෙන්නේ Allegiance කතා මාලාවේ අවසන් කොටස ඉදිරිපත් කරන්නයි. වෙනදා වගේම අපි පොඩ්ඩක් පසුගිය කොටස මතක් කර ගම්මු. ගිය සතියේදී අපි දැක්කා ඇලෙක්ස්, සෑම් දෙන්නා එකතු වෙලා ක්‍රිස්ටෝෆ් ගැන තොරතුරු විපරම් කළා. ඇලෙක්ස් ගේ අම්මයි තාත්තායි ඇත්තටම ඇලෙක්ස්ව බේරගන්න නොකල දෙයක් නැහැ. එවගේම ක්‍රිස්ටෝෆ්ගේ සුදානම් වෙන්නේ මෙහෙයුම ක්‍රියාත්මක කරන්නයි. එහෙත් එළිසබෙත් නිසා මිනිහාගේ හිත වෙනස් වුනා වගේ පෙන්නුවත්. එක ඇත්තටම එහෙම වුනේ නැහැ. ඇලෙක්ස්ගේ අම්මයි තාත්තායි එළිසබෙත්ව හොයන් ඇවිල්ලා ක්‍රිස්ටෝෆ් කියන්නේ මොනවගේ කෙනෙක්ද? එකෙන් එළිසබෙත්ටයි එයාට ලැබෙන්න ඉන්න දරුවටයි වෙන්න යන දේ කාට්‍යා පැහැදිලි කරාම එළිසබෙත්ගේ හිත වෙනස්වුනා. එහෙත් එ වෙනස ක්‍රිස්ටෝෆ් එක ඇමතුමකින්ම තේරුම් අරන් එළිසබෙත්ව වෙඩි තියලා මරළා දානවා. එවගේම ක්‍රිස්ටෝෆ්ව හොයා ගෙන ගිය සෑම් ඇතුළු එෆ්. බි. අයි නිළදාරිනුත් මහා අවාසනාවන්ත විදිහට ක්‍රිස්ටෝෆ්‍ගේ බොම්බයකට බිලිවෙනවා. ඔය අතරේ වික්ටර්ගේ සුදානම රේසිදන්ත්ව මරලා SVR එකේ මුල් පුටුවට පැනගෙන මෙහෙයුම නවත්වගන්නයි. කථාව අන්තිමට ගිය සතිය අවසන් වුනේ.. ඇලෙක්ස්ගේ ගෙදරට එෆ්. බි. අයි එකෙන් දලා හිටිපු නිර්ක්ෂණ කණ්ඩායමේ බලය SVR එක අතට අරගෙනයි. මෙ වෙනකොට ඇලෙක්ස්ගේ ගෙදර ඉන්නේ සාරායි, නාටාලි විතරයි. අද එයාලට මොකක් වෙයිද?
අද අවසන් කතාවේ උච්චතම කොටස තමයි බ්ලැක් ඩැග්ගර් මෙහෙයුම, එකට මොකක් වෙයිද? ඇමරිකාව අළු කරලා දාන්න රුසියානුවන් දරන වෑයම සාර්ථක වෙයිද? කීදහාක් ඇමරිකානුවන්ට ජිවිත පුජා කරන්න වෙයිද? ප්‍රශ්ණ ගොඩයි නේද? මෙන්න එහෙනම් ඒ අවසන් කොටස, රසවිදින්න කියලා ආරාධනා කරනවා හැමෝටම. මාස තුනක් මුළුල්ලේ සතියකට වතාවක් ඔබ රසවිදපු Allegiance රුපවාහිනි කතාමලාව අදින් අවසන් වෙනවා. මුළු කාලය පුරාම හැමදාම වගේ එක වචනයකින් හරි අදහස් දක්වපු සියළු දෙනාට මමත් ස්තුතිය පුදකරනවා. ඔබලාගේ අදහස් නිසා තමයි. අපිට වචන සමඟ මේ හරඹය කරන්න ධෛර්ය ලැබෙන්නේ.
Family Crisis ලෙස නම් කරලා තියෙන අද කොටස මොනවැයින් මොනවා වෙයිද, අවසානය කෙඹදු වෙයිද, කියලා බලමු නේද. බයිස්කෝප් අඩවිය වෙනුවෙන් මම කළ මෙම උපසිරස ගැන්විමට පුළුවන් උපරිම සදාරණයක් ඉටු කලා කියලා හිතනවා. එහෙනම් පුරුදු විදිහට කියන්න තියෙන්නේ යන ගමන් ඉතින් ඔබගේ වටිනා අදහසකුත් ලියාගෙනම යන්න කියලා තමයි. එහෙනම්…
…අපේ ආදරණිය බයිස්කෝප් අඩවියටත්…
…ඔබ සැමටත්…
෴ ජය වේවා. ෴
159 MB (720P WEB HEVC X265) කොපිය මෙතනින් බාගන්න
A637A3E3A106962AF5AE9D6E8743D2D990A96C46347 MB (WEB) කොපිය මෙතනින් බාගන්න
75ED226C1AF572DD147B526F6547EAE2F422FB4E
921 downloadsDownload Allegiance-S01E13-baiscopelk.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නලින් පෙරේරා
Subtitles
23 comments
pasii
එල්.සී. දමැල්
නියමයි සහෝ...
ජය වේවා...Kulanjana Maduranga
niayamai…thanks NALIN saho..sub ekata..digatama sub demu.jaya wewa……
මධුකප්‍රිය පෙරේරා
එ කතාවත් අහවරයි එහෙනම් ..
ස්තුතියි සහො සවබ් ඔක්කොම නොකඩවා දුන්නට..
ඔබට ජයDenuke
Thnkz saho ...sub dunnata
Jaya wewa
Keep it up
Suba pathum.......ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
කතාව අහවරක් කලාට බොහෝම ස්තුතියි නලින් සහෝ.... :)
කතාව මගක් දුරට බලලා නැවැත්තුවා.
පස්සේ බලන්න කියලා දැනට බාලා තියාගෙන ඉන්නවා.
ඔන්න එහෙනං මේකත් ගත්තා හොඳේ... :)බොහෝම ස්තුතියි උපසිරැසියට.
තවත් කතාවකින් හමුවෙමු....ආයු -බෝ -වේවා !!!
“චූටී මල්ලි”
නියමයි සහෝ
සබට තුති
ඔබට ජය..jeewantha
නොකඩවා සබ් දුන්නට ස්තුතියි.
Gayan Sampath
ela ela Thanks saho........
Jaya Wewa.....!!!!
dila
chicago pd season 2 ithuru tikata sub denna puluwanda
නලින්
මඟ නතර වුන අවසන් කොටස් තුනට උපසිරස සුදානම්.. ඉක්මනින් ලබා දෙවි සහෝ..
lakshitha
thnx saho :D
ඉසු ඩිපි (Isu DP)
පටන් ගත්ත වැඩේ NBC එක මග නැවැත්තුවත් නලින් අයියා මග නැවැත්තුවේ නෑ.
ඔන්න නිවාඩු දෙන්න බෑ, අලුත් එකක් ඉක්මනින් ඔනේ.
සියලු වැඩ කටයුතු සාර්ථක වේවා. !!!
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !dila
ele ele
thnx broMAD
උපසිරස නිර්මාණයෙන් අපට කතා මාලාව සමීප කල ඔබට බොහෝ ස්තූතියි.
රොයිලි
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. එහෙනම් තව එකක් පටන් ගම්මු නේද? ජය෴෴ :P :P
dila
me machan puluwannam chicago pd eke ithuru tikata sub denawada
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයpraneeth madu
බොහොම ස්තුතියි
Tharindu madusanka
Thnks mcn spiri sub tika !!!
Anonymous
ප්‍රසංසනීය මෙහෙවරක්
ඔබට ස්තුතියිshinejay
thank you.....
suranuwan
thanks...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තුති මචන් සේරම සබ් දුන්නට ජය වේවා