American Crime Story [S02:E02] Sinhala Subtitles මේ පළවෙන්නේ The Assassination of Gianni Versace: American Crime Story කතාමාලාවේ දෙවැනි කොටසයි. මම පෙර ලිපියේ සඳහන් කළ ආකාරයටම මෙහි සිදුවීම් ඉදිරිපත් කෙරෙන්නේ මුල සිට අගට අනුපිළිවෙලින් නොවේ. මෙහි කතාව ගැන කිව්වොත්, මේක ආරම්භ වෙන්නේ ජියානි ඝාතනයට තුන්…

American Crime Story [S02:E02] Sinhala Subtitles
මේ පළවෙන්නේ The Assassination of Gianni Versace: American Crime Story කතාමාලාවේ දෙවැනි කොටසයි. මම පෙර ලිපියේ සඳහන් කළ ආකාරයටම මෙහි සිදුවීම් ඉදිරිපත් කෙරෙන්නේ මුල සිට අගට අනුපිළිවෙලින් නොවේ. මෙහි කතාව ගැන කිව්වොත්, මේක ආරම්භ වෙන්නේ ජියානි ඝාතනයට තුන් වසරකට පෙර, එනම් 1994 මාර්තු මස සිදුවුණු සිදුවීමකින්. ඒ තමයි ජියානිට දුලභ ගණයේ කර්ණ පිළිකාවක් වැළඳී ඇති බවට සොයා ගැනීම. එයට ප්‍රතිකාර ඇති නමුත් ඒවා කිරීම ඉතා දුෂ්කර බව වෛදවරිය ඔහුට පවසනවා. තමන් ක්‍රමිකව මරණයට ආසන්න වන බව වටහා ගන්නා ජියානි තම නැගණිය වන ඩොනටෙල්ලාට තමා නැති කලෙක තම ව්‍යාපාරය කරගෙන යන අන්දම ගැන ගුරුහරුකම් දෙනවා.එහෙත් ඩොනටෙල්ලා වර්සාචි සූදානම් නැහැ ඔහුගේ ආදරණීය වැඩිමහල් සොයුරාගේ ළඟ එන ඉරණම භාරගන්නට. ඒ සංවාද අතර ඔවුනොවුන් හා මතගැටුම් ද ඇති වන්නේ ඔවුන්ගේ ප්‍රමුඛත්වයන් වල වෙනස්කම් නිසයි. ජියානි වර්සාචි තමන්ගේ ඇඟලුම් නිර්මාණ වල නිර්මාණශිලිත්වය සහ අදහස් අව්‍යාජව ප්‍රකාශනයට ප්‍රමුඛත්වය දෙන අතර ඩොනටෙල්ලා ප්‍රමුඛත්වය දෙන්නේ ව්‍යාපාරමය සාර්ථකත්වය සහ වෙළඳාම් වැඩි කරගැනීම වෙනුවෙන් කළ හැකි උපක්‍රම ගැනයි. මොනතරම් රණ්ඩු සරුවල් වුණත් නිතරම ඔවුන් නැවතත් මිත්‍ර වෙමින් සහයෝගයෙන් සාර්ථකව විලාසිතා සංදර්ශනයක් පවත්වනවා.
ජියානි වර්සාචි පැවැත්වූ විලාසිතා සංදර්ශනයක් (දකුණේ) සහ ටෙලිනාට්‍යය වෙනුවෙන් කළ ප්‍රතිනිර්මාණය (වමේ)

ජියානි වර්සචිගේ පෙම්වතා වන ඇන්තෝනියෝ ඩෙ’ඇමිකෝ (දකුණේ) සහ ඔහුගේ චරිතයට පණපොවන රිකී මාටින් (වමේ)
අද පළ වන කතාංගය ගැන:
- දෙවන කොටස – “Manhunt” – ලුහුබැඳීම
- අධ්‍යක්ෂක – Nelson Cragg
- මුල්වරට නිකුත් කෙරුණු දිනය – 2018 ජනවාරි 24
- IMDb Ratings – 7.7/10
මෙහි උපසිරැසි ගන්වා ඇත්තේ American.Crime.Story.S02E02.720p.AMZN.WEBRip.x264-GalaxyTV පිටපතටයි. මෙහි සංවේදී දර්ශන සහ ලිංගික දර්ශන අඩංගු වන බැවින් මෙය වැඩිහිටියන්ට පමණක් සුදුසු නිර්මාණයක්.
ඉක්මණින් ඊළඟ කතාංගයෙන් යළි හමුවෙමු. ඔබට තෙරුවන් සරණයි!
American Crime Story [S02:E02] Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
1,543 downloadsDownload American.Crime_.Story_.S02E02.720p.AMZN_.WEBRip.x264-GalaxyTV.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
- #American Crime Story (2016– )
- #Angel Parker
- #Ariel D. King
- #Bruce Greenwood
- #Christian Clemenson
- #Courtney B. Vance
- #Cuba Gooding Jr.
- #Dale Godboldo
- #David Schwimmer
- #Editor's Pick
- #Jessica Blair Herman
- #John Travolta
- #Kenneth Choi
- #MaxxA
- #Nathan Lane
- #Sarah Paulson
- #sinhala
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sterling K. Brown
- #Subs
- #Tye White
- #ප්‍රබුද්ධ කේසර විතානගේ
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
3 comments
විමා
Buddhika Lakmal
උපසිරැසියට බොහෝම ස්තූතියි මචෝ.....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series





දෙවැනි එපිය වෙනුවෙන් අරගෙන ආව උපසිරසියට බොහොම ස්තුතියි !