Watch Trailer

American Crime Story [S02 : E03] Sinhala Subtitles | අහඹු මිනීමැරුමක් [සිංහල උපසිරැසි සමඟ]

American Crime Story [S02:E03] Sinhala Subtitles එහෙනම් අද මම අරගෙන ආවේ The Assassination of Gianni Versace: American Crime Story හි තුන්වන කොටසේ සිංහල උපසිරැසියයි. මීට පෙර කොටස් දෙකම ඔබ නරඹන්නට ඇතැයි මම විශ්වාස කරනවා. පසුගිය කොටසෙන් වර්සාචි ඝාතනයට පෙර සිදුවුණු සිදුවීම් විස්තර කෙරුණා ඔබට මතක ඇති. ම…

American Crime Story [S02:E03] Sinhala Subtitles

එහෙනම් අද මම අරගෙන ආවේ The Assassination of Gianni Versace: American Crime Story හි තුන්වන කොටසේ සිංහල උපසිරැසියයි. මීට පෙර කොටස් දෙකම ඔබ නරඹන්නට ඇතැයි මම විශ්වාස කරනවා. පසුගිය කොටසෙන් වර්සාචි ඝාතනයට පෙර සිදුවුණු සිදුවීම් විස්තර කෙරුණා ඔබට මතක ඇති. මෙහි අන්තර්ගත වන්නේ ජියානි ඝාතනයට ද පෙර සිදුවුණු සිදුවීම් මාලාවක්. කළින් කොටස් වගේම මේ කොටසත් දාම ඝාතක ඇන්ඩ්රූ කුනානන්ගේ ක්‍රියාකාරකම් හා බැඳී පවතිනවා.

අද පළ වන කතාංගය ගැන:

  • තුන්වන කොටස –“A Random Killing”  – අහඹු මිනීමැරුමක්
  • අධ්‍යක්ෂක –Gwyneth Horder-Payton
  • මුල්වරට නිකුත් කෙරුණු දිනය –2018 ජනවාරි 31
  • IMDb Ratings – 8.0/10

ලී ඇල්බර්ට් මිග්ලින් සහ මැරිලින් මිග්ලින් යුවළ (වමේ) සහ පිළිවෙලින් ඔවුන්ගේ චරිත නිරූපණය කළ මයික් ෆෙරල් සහ ජූඩිත් ලයිට් 

අද කතාව ඇරඹෙන්නේ 1997 මැයි මාසයේ දිනක විකාශය කෙරුණු කාන්තා රූපවාහිනී වැඩසටහනකින්. ඒ ලී මිග්ලින්ගේ භාර්යාව මෙන්ම ජනප්‍රිය රූපලාවන්‍ය නිෂ්පාදන ව්‍යාපාරයක හිමිකාරිය වුණු මැරිලින් මිග්ලින් සහභාගී වුණු වැඩසටහනක්. මැරිලින් තම නිවෙස පිහිටි චිකාගෝ වලින් කැනඩාවට පැමිණෙන්නේ ඇයට ලැබුණු ඇරයුමකට අනුව පෙර කී රූපවාහිනී වැඩසටහනට සම්බන්ධ වීමේ අරමුණින්. එය නිමවා ගුව්නතොටුපලට යන මැරිලින්ට තම සැමියා පොරොන්දු වුණු පරිදි ගුවන් තොටුපළට නොපැමිණ ඇති බව දක්නට ලැබෙනවා. නිවෙසට ඇමතුමක් ගත්තද එයට ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැහැ. කුහුලින් යුතුව යළි නිවෙස බලා යන ඇයට දක්නට ලැබෙන්නේ නිවසේ ප්‍රධාන දොර අගුලු දමා නොමැති බවයි. එමෙන්ම සැමියා වන ලී මිග්ලින් පෙනෙන මානයක නැති බව ඇයට වැටහෙනවා. අනතුරක සේයාව ඉවෙන් මෙන් වටහා ගත් ඇය ප්‍රවේශමෙන් නිවෙස තුළට යන අතර ඇය දකින්නේ මේසය මත අපිළිවෙලට තැබුණු ආහාර ටින් වගයක්. සැමියා දක්නට නොලැබීම ගැන සැක කරන ඇය අසල්වැසි යුවළකට ද මේ බව දන්වනවා.  නිවෙස සෝදිසි කරන අසල්වැසි පුරුෂයාට පුස්තකාලයේ මේසයක් මත තබා තිබෙන පෙති ගැසූ ඌරු මස් කුට්ටියක් හමුවෙනවා. තවත් සෝදිසි කරද්දී රුධිරය වැකුණු පිරිමි ඇඳුම් කිහිපයක් ද ඔහුට නිවෙස තුලින් හමුවනවා, එහෙත් ලී මිග්ලින්ගේ සේයාවක් වත් නැහැ. ඔහුට මොකක්ද සිදු වුණේ? අසල්වැසියන්ට ඔහුගේ නිවෙස තුලින් හමුවුණේ මොනවද? බිරිඳ නිවසේ නැති අතරේ ඔහුගේ නිවෙසට ඇතුළු වුණු අමුත්තා කවුද? මුල සිට අගටම එක හුස්මට කුහුලෙන් යුතුව නැරඹිය හැකි අද කොටසත් එහෙනම් බලන්න ආරාධනා කරනවා. 

මෙහි උපසිරැසි ගන්වා ඇත්තේ American.Crime.Story.S02E03.720p.AMZN.WEBRip.x264-GalaxyTV පිටපතටයි.  මෙහි සංවේදී දර්ශන සහ ලිංගික දර්ශන අඩංගු වන බැවින් මෙය වැඩිහිටියන්ට පමණක් සුදුසු නිර්මාණයක්.

අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.
ඉක්මණින් ඊළඟ කතාංගයෙන් යළි හමුවෙමු. ඔබට තෙරුවන් සරණයි! 

American Crime Story [S02:E03] Sinhala Subtitles

The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

1,205 downloadsDownload American.Crime_.Story_.S02E03.720p.AMZN_.WEBRip.x264-GalaxyTV.zip22 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

Subtitles

1,205 downloadsDownload Subtitles22 KB

2 comments

  1. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට...☺☺♥♥

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.