Watch Trailer

Asur: Welcome to Your Dark Side (2020) S01E01 Sinhala Subtitles | අති බිහිසුණු මෘගයෙකුගේ සම්ප්‍රාප්තිය! [සිංහල උපසිරැසි සමඟ] (18+)

ක්‍රිස්තු පූර්ව 5 වන සියවසේදී ග්‍රීක දාර්ශණික ඩයෝග්‍රස්ව වස දී ඝාතනය කරනු ලැබුවා… ආගමික විශ්වාසයන් හට විරුද්ධව නැගී සිටීම හේතුවෙන්. “අන් අල් හක්”, “මා තමයි සත්‍ය” ලෙස පැවසූ මන්සූර් අල්-හලජ් හට මරණීය දණ්ඩණය නියම කරනු ලැබුවා. එමෙන්ම, දෙවියන් නොපවතින බවට ලියන ලද කැසිමිරස් ලිසිකින්සිස්ව, ඔහුගේ දිවෙන් ප…

ක්‍රිස්තු පූර්ව 5 වන සියවසේදී ග්‍රීක දාර්ශණික ඩයෝග්‍රස්ව වස දී ඝාතනය කරනු ලැබුවා…
ආගමික විශ්වාසයන් හට විරුද්ධව නැගී සිටීම හේතුවෙන්.
“අන් අල් හක්”, “මා තමයි සත්‍ය” ලෙස පැවසූ මන්සූර් අල්-හලජ් හට මරණීය දණ්ඩණය නියම කරනු ලැබුවා.
එමෙන්ම, දෙවියන් නොපවතින බවට ලියන ලද කැසිමිරස් ලිසිකින්සිස්ව,
ඔහුගේ දිවෙන් පාර මැදට ඇදගෙන විත් මරණයට පමුණුවනු ලැබුවා.
ලොව පුරාම විවිධ ආගම් පවතින අතර,
ඒවාහි සිය ධාර්මිකතාවය ප්‍රකාශ කරනු ලැබුවේ,
වධහිංසා පැමිණවීම, යුද්ධ ජයග්‍රහණය කිරීම සහ, ක්‍රෑරත්වය යනාදිය ක්‍රියාත්මක කිරීමෙන් පමණි.
වසර දෙදහසකට පෙර සිදුවූයේ එයයි. එමෙන්ම, අද දිනයේත් එයම සිදුවෙමින් පවතිනවා.
ධාර්මිකතවය මගින් සමාජය තුල සාමය සහ සන්සුන් බව පවත්වාගත යුතු වුවත්,
ප්‍රචණ්ඩත්වය සහ ව්‍යාකූලත්වය හැරෙන්නට වෙන කිසිවක් අපිට දකින්න නම් නොමැත!

මළ සිරුරුක් සහ මරණයක් අතරේ වෙනසක් තියෙනවා.
මරණයකට පුළුවනි කතා කරන්න.
මරණයක් කියන්නෙ, ගොඩක් දේවල් දැනගන්න පුළුවන් දෙයක්.
හරියට හොයලා බලනවානම්,
ඔබ ඇහුම්කම් දෙන තරමට, ඔබට පිළිතුරු ලැබේවි.
කොහොමද ඒ අය මැරුණෙ කියලා.
මේ භාෂාවට කියන්නෙ, අධිකරණ වෛද්‍ය විද්‍යාව කියලා.
මේක විද්‍යාත්මක දෙයක්.
ඒත්, මේක ඇවිල්ලා විද්‍යාව සහ ආගම කියන දෙක අතරෙ සමබර එකතුවක්.

නිකිල් නායර්! අති දක්ෂ අධිකරණ වෛද්‍යවරයෙක්. ඉමක් කොනක් හොයාගන්න බැරි ඝාතන වල, මළ සිරුර පරීක්ෂා කරලා විතරක් අපරාධකරයා මොන වගේ කෙනෙක්ද කියලා කියන්න පුළුවන් අති දක්ෂයෙක්. කොටින්ම කියනවා නම්, වත්මන් පරපුරේ ෂර්ලොක් හෝම්ස් කෙනෙක් හා සමානයි කියලා හැඳින්වුවත් එක අතකට වරදක් නැහැ කියලා හිතෙනවා. කාලයක් ඉන්දියානු රහස් ඔත්තු සේවය සමගින් රාජකාරියේ නියතුව, පසුව කුමක් හෝ හේතුවක් නිසා ඉන් ඉවත්ව, වර්තමානයේ දේශකවරයෙක් ලෙස කටයුතු කරන මහාචාර්‍යවරයෙක් තමයි නිකිල් නායර් කියන්නෙ.

හිටි හැටියේ එක පිට එක ඝාතන රැල්ලක් නිර්මාණය වෙන්න ගන්නවා. හිතාගන්නවත් බැරි විදියකින් මේ ඝාතන රැල්ලත් එක්ක නිකිල් නායර් සම්බන්ධ වෙනවා. අධිකරණ වෛද්‍ය විද්‍යාව හා බැඳිච්ච මාහාචාර්‍යවරයෙක් කොහොමද ඝාතන රැල්ලක් එක්ක සම්බන්ධ වෙන්නෙ?

ඉහත කියපු ඝාතන මාළාවෙ අවසාන ඝාතනය පෙර ඝාතන වලට සාපේක්ෂව සුවිශේෂී වෙනවා. ඒ ඇයි කියලා මං නොකියා ඉන්නම්. ඒ වගේම, පොඩ්ඩක් පල්ලෙහා පින්තූරය දිහා බලලා ඉන්නකො.

ඔබ ඕන තරම් අපරාධමය චිත්‍රපටි සහ කතා මාළා නරඹලා ඇති. හැබැයි, මේ තරම් දරුණු, මිලේච්ජ, පිළිකුල් සහගත මිනීමැරුමක් ඔබ ඒ එකකවත් දැකලා තියෙනවද කියලා පොඩ්ඩක් මතක් කරල බලන්න. කතාව නරඹද්දි මං පෞද්ගලිකව කම්පාවට පත්වෙච්ච තැනක් තමයි මේ බිහිසුණු ඝාතනය. සැකයක් නැහැ, අනිවාර්‍යයෙන්ම ඔබටත් ඒ අත්දැකීමම විඳගන්න ලැබේවි කතා මාලාව නරඹන්න ගත්තොත්. ඉතිං, හිතාගන්නකො මේ මොන විදියෙ දරුණු මිනීමරුවෙක්ද කියලා. සරලවම කියනවා නම්, මිනිහෙක් නෙමෙයි, තිරිසනෙක්!

මළ සිරුරු වලින් අපරාධකරුවන් සොයායන අති දක්ෂ අධිකරණ වෛද්‍ය ක්ෂේත්‍රයේ නියතු මහාචාර්‍යවරයෙක්… අති බිහිසුණු ආකාරයෙන් මිනිසුන් ඝාතනය කරමින් යන තිරිසන් ඝාතකයෙක්… එම තිරිසන් ඝාතකය පසුපස හඹා යන ආරක්ෂක අංශයේ නිර්භීත ප්‍රධානියෙක්… බොලිවුඩ් සිනමාවේ අප කොයිකවුරුත් හොඳාකාරව දන්නා අඳුරන Arshad Warsi ගේ ප්‍රධාන රංගන දායකත්වයෙන් හැඩගැන්වී, Imdb දර්ෂකය 8.9 ක් වැනි අති දැවැන්ත අගයක් කරා කරකවමින්, ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමිකරගත්, 2020 වර්ෂයේ පෙරළිකාර බොලිවුඩ් කතා මාළාව!

පලවෙනි කතාංගය නිසා මං වැඩි දෙයක් නොකියා ඉන්නම්. හැබැයි, එක දෙයක් මතකයේ තියාගන්න. මේ ඔබට ජීවිත කාලයටම එක වරක් පමණක් නරඹන්නට ලැබෙන ආකාරයේ අති විශිෂ්ඨ කතා මාළාවක්. පළවෙනි කතාංගයේ ආරම්භයේ ඉඳලා හුස්ම ගන්න එක, ඇහිපිය ගහන එක ඔබට අමතක වේවි. පලවෙනි කතාංගයේ අවසානයට ඔබ ඔළුවෙ අත් දෙක තියාගෙන, මොකක්ද මේ වුණේ කියලා ලෝකෙ පෙරල පෙරලා කල්පනා කරාවි. නිකමට නිකං ඉන්න විනාඩි 40ක් මේ වෙනුවෙන් වැය කරලා බලන්නකො. ජීවිත කාලෙටම බලපු හොඳම කතා මාලාවක් වේවි අනිවාර්‍යයෙන්ම.

එහෙනම්, පලවෙනි කොටස නරඹලා, දෙවනි කොටසට ලෑස්තිවෙලා ඉන්න. ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.

19,205 downloadsDownload Asur-Welcome-to-Your-Dark-Side-2020-S01E01.zip23 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

             

 

Subtitles by

සිසිල ප්‍රසාද්

Subtitles

19,205 downloadsDownload Subtitles23 KB

24 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු...

  3. Isuru minipa

    Thanks broo mekata sub denakan balan hitiye ithuru kotas tikath ikmanata denna

  4. Savindu_Ishan

    Hambo meka denakan balan hitiye. Supiri bohoma isthuthiy. Ithuru tikath ikmanata denna. ❤️❤️

  5. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi ..

    1. චලන

      අනේ ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න පුලුවන් නම් ලොකු පිනක්

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Ganicus

    ela saho ilaga episode ekath demu ikmanata jaya wewaaa..!!!!

    1. S.m kunara

      Asur......EPISODE 7.8 sinhala subtitles dennako puluwan ikmanin... kalin tekata thanks mc

  8. Suranjan

    Thanks jayawewa......!

    1. Anonymous

      Thanks..

  9. MAALNATH

    Thanks ..........good luck ..................

  10. mindika

    Thanks !!!

  11. Sachi Sadeeshani

    මෙහි ඉතිරි කොටස් වල සිංහල උප සිරැසි හැකි ඉක්මනින් ලබා දෙන්න. 5 6 7 8 කොටස් බලාපොරොත්තු වෙමි.

  12. Sachinnn

    Yko meka sara kathawakne.loweth balanna oona.plweni episode eka baluwhm holman wela ynw.thanx mchn baiscopelk eke hamotama me wage supiri katha hoyala api wge film pissanta baaganna link deela sub denwt.jaya wewa hamotama

  13. Anonymous

    eposide 7, 8 sub danna

  14. Dewadithya

    Thanks for sub!

  15. සඳුන්

    මේකෙ ඊලඟ කොටස් වල සිංහල හැදුවද යාලු.. බොහොමත්ම ස්තුතියි .. මාර කතාව

  16. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  17. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  18. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  19. Visuru

    Meka download karanna puluwan site ekak hari mokak hari thiyenawada

    1. Sanupa Ranmeth - Admin

      අපේ ඩවුන්ලෝඩ් අඩවියෙන් ගන්න සහෝ.

  20. Gihan

    Thanks for The Subtitle......Good Luck